Sri Lanka Brief
මුස්ලිම් විරෝධී ප්‍රහාර

මුස්ලිම් විරෝධී ප්‍රහාර

  • නූතන ජාතික-රාජ්‍යය: දිගනින් ප්‍රහාරයක්  අමීන් ඉසඩීන් Read more >

    නූතන ජාතික-රාජ්‍යය: දිගනින් ප්‍රහාරයක් අමීන් ඉසඩීන්

    ජායාරූපය: දිගන මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගෙන් පසු. ( ටොරොන්ටෝ ස්ටාර් ජායාරූපයකි) ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය, පෙනෙන්ට ඇති පරිදි, විගඩමක් බවට පත්ව ඇත. රාජ්‍යය ගොඩනැගීමේ ක්‍රියාවලිය අලකලංචියක් වී ඇත. පසුගිය දින දහයක පමණ කාලයක් තුළ, මුලින් අම්පාරේත්, ඊළඟට මහනුවර දිගනත් ඇති වු ජාතිවාදී ආතතිය, දශක තුනක බෙදුම්වාදී යුද්ධයක් සහ දශක හතක වාර්ගික අසමගියක පසුබිම සමග එකට […]

  • නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය. Read more >

    නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සමාන්තර රුස්විම, වමේ සිට දෙවැනියා පැබ්ලේ ද ග්‍රිප් ය. ©SLB photo පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලුත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප්‍රජාතන්ත්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ.අර්. ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම් අත්තනෝමතිකද […]

  • මා ද අතුළුව මේ ආණ්ඩුවට සමාවට හේතු නෑ! – ජයම්පතී වික්‍රමරත්න Read more >

    මා ද අතුළුව මේ ආණ්ඩුවට සමාවට හේතු නෑ! – ජයම්පතී වික්‍රමරත්න

    ජයාරූපය: විනාශයට ආණ්ඩුව වගකිව යුතුයි. ගරු මුලාසනාරුඪ මන්ත්‍රිතුමනි, පසුගිය සති කීපය තුල රටේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කීපයක් පිළිබද පවත්වන මේ විවාදයේදී මම කතා කතා කරන්නේ තරමක් හැගීම් බරව. ඊට හේතුව වන්නේ පසුගිය දිනවල තෙල්දෙණියේ උඩිස්පත්තුව ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය පිළිබද මට විශාල වේදනාවක් නිසා මොකද මම ඉපදුණේ උඩිස්පත්තුවේ. මම පාසල් ගියේ මේ සිද්ධිය වුනු පළාතේ. මං […]

  • අම්පාර – දිගන කළහකාරී සිදුවීම් රජය හෙළා දකී! Read more >

    අම්පාර – දිගන කළහකාරී සිදුවීම් රජය හෙළා දකී!

    ජායාරෑපය: දිගන ප්‍රහාරකයින් අතර බෞද්ධ භික්ෂූහුද වුහ. පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදු කළ, අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතදී සිදුවූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකී. අන්තර් ප්‍රජා සමගියට බාධා කිරීමේ සහ කළහ ඇති කිරීමේ පැහැදිලි පරමාර්ථයෙන්, මුස්ලිම් සහ අන් ප්‍රජාවන් අතර ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය […]

  • තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය Read more >

    තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: කළු ගල්වල කෙටූ නම් මකා සිත්වලින්  ඔවුන්ගේ සිත්වලින් ආදරණීයයන් මකා දැමිය හැකිද?  ලැසිල් බෝම්බය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි. ඔහු කීවේ මෙයයි: […]

Back to Top