Sri Lanka Brief
මාධ්‍ය වාරණය

මාධ්‍ය වාරණය

  • ලංකා ඊ නිව්ස්කතුවර සදරැවන් අල්ලා ගෙනැවිත් දෙන ලෙස සිරිසේන බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි! Read more >

    ලංකා ඊ නිව්ස්කතුවර සදරැවන් අල්ලා ගෙනැවිත් දෙන ලෙස සිරිසේන බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි!

    ලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා ඊයේ (09) බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ යැයි අද(10) සන්ඩේ ටයිම්ස් පුවත් පත සිය මුල් පිටුවේ වාර්තාවකින් හෙළිකර තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා […]

  • සමාජ ජාල තහනම මුට්ටිය බේරා ගැනීමට බෙල්ල කැපීමක් Read more >

    සමාජ ජාල තහනම මුට්ටිය බේරා ගැනීමට බෙල්ල කැපීමක්

    සමාජ ජාල අඩවි අවහිරයට ගත් රජයේ තීන්දුව කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක් බවත් සමාජ ජාල භාවිත කරන නිර්දෝෂී සාමාජිකයින්ගේ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කරන ලද බරපතළ වරදක් බවත් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය සංසදය / මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව පවසයි. සම්පූර්න නිවේදනය: “රට පුරා ඇතිව තිඛෙන යම් කලබලකාරී වාතාවරණයන් පාලනය කිරීම […]

  • සමාජ ජාලා සිමා කිරීම, මාධ්‍ය වාරණයක් මෙන්ම රටට දැරිය නොහැකි ආර්ථික පාඩුවක් – කීර්ති තෙන්නකෝන් Read more >

    සමාජ ජාලා සිමා කිරීම, මාධ්‍ය වාරණයක් මෙන්ම රටට දැරිය නොහැකි ආර්ථික පාඩුවක් – කීර්ති තෙන්නකෝන්

    අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, […]

  • රාජ්‍ය මාධ්‍ය තමන් දේශපාලනිකව පාලනය කරන බව මාධ්‍ය ඇමැති සමරවීර ප්‍රසිද්ධියේම කියයි! Read more >

    රාජ්‍ය මාධ්‍ය තමන් දේශපාලනිකව පාලනය කරන බව මාධ්‍ය ඇමැති සමරවීර ප්‍රසිද්ධියේම කියයි!

    ජායාරූපය: සමරවීර මහතා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ දේශපාලනය‘ නමැති සම්මන්ත්‍රණයෙහි කතා කරයි, සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජායාරූපයෙහි වම් පස සිටී. ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට පොරොන්දු වී බලයට පැමිණී රනිල් – සිරිසේන ආණ්ඩුවේ මාධ්‍ය ඇමැතිවරයා වන මංගල සමරවීර පසුගිය 06 දින කොලඹ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මෙසේ කියා සිටියේය. ඒ වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ […]

  • ලංකා-ඊ-නිව්ස් තහනම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධනගෙන් විමසයි. Read more >

    ලංකා-ඊ-නිව්ස් තහනම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධනගෙන් විමසයි.

    ජායාරූපය: සුදර්ශන ගුණවර්ධන ©s.deshapriya. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩ බලන ), නීතීඥ සුදර්ශන ගුණවර්ධන වෙත ලිපියක් යවන ලංකා ඊ නිව්ස් නීතිඥ උපුල් කුමාරප්පෙරුම එම අඩවිය තහනම් කරන ලද්දේ කුමන නීතියක් යටතේ දැයි විමසා සිටී. ඔහු මෙම ලිපිය යවා ඇත්තේ ලංකා ඊ නිව්ස් කර්තෘ සදරුවන් සේනාධීරගේ උපදෙස් පරිදිය‍ ලිපය පහත පළවේ. 09.11.2017. නීතීඥ සුදර්ශන ගුණවර්ධන , ප්‍රවෘත්ති අධ්‍යක්ෂ […]

  • රජයේ  අත්තනෝමතිකත්වය නවතා  ලංකා ඊ නිව්ස් වාරණය ඉවත් කරනු! -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    රජයේ අත්තනෝමතිකත්වය නවතා ලංකා ඊ නිව්ස් වාරණය ඉවත් කරනු! -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    මාධ්‍ය නිවේදනය – 2017 නොවැම්බර් 09 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය කරයි. මෙම ක‍්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය […]

  • ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    පින්තුරය: බොරු කියා නහය දික්කරගත් පිනෝකියෝට මෙන්  කළන්සුරියටත් …. ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත   සකස් කිරීමේ ක්‍රියාදාමයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇතත්  එය අර්ධ සත්‍යයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි. රංග […]

  • මාධ්‍ය නිදහස අවුරන පනත් දෙකක් ගැන අනතුරු හැඟවීමක් Read more >

    මාධ්‍ය නිදහස අවුරන පනත් දෙකක් ගැන අනතුරු හැඟවීමක්

    ජායාරූපය: මාධ්‍ය නියාමන පනත කිසිදු ජනමාධ්‍ය සාකච්ජාවකින් තොරව ගෙන එමින් සිටින්නේ ජ්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කළන්සූරිය විසිනි. අදට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන ට්‍රාන්ස්පෙරන්සි ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මෙරට ජනමාධ්‍ය නිදහස සීමා කැරෙන පනත් දෙකක් සූදානම් වෙමින් ඇති බවට අනතුරු හඟවයි. ඉන් එක් පනතක් ගෙන ඒමට කටයුතු කරන්නේදේශපාලන පත්වීමකින් ශ්‍රී ලංකා […]

  • ජනමාධ්‍ය ලේකම්ගෙන් මාධ්‍යට වැදිබණ! -සුනන්ද දේශප්‍රිය Read more >

    ජනමාධ්‍ය ලේකම්ගෙන් මාධ්‍යට වැදිබණ! -සුනන්ද දේශප්‍රිය

    ( දැවැන්ත මාධ්‍ය ජාලයක් තමන් යටතේ තබාගෙන  අනුන්ට බණ කියන ආණ්ඩුව මුලින් මේවා හදා ගත්තොත් නරකද?) ජනමාධ්‍ය ලේකම් නිමල් බොපගේ කකුල කටේ දමා ගැනීමට හපනෙකි. එමෙන්ම ඔහු අයත් වන්නේ විශේෂ කුලකයකටය. එනම් වැදගත් තනතුරු සදහා ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නටය. කලින් වතාවක් අඥාන පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මේ හාදයා ජනමාධ්‍යට උපදෙස් දෙමින් කියා […]

  • පොලිස් ඇමතිගෙන් මාධ්‍ය වාරණයක් Read more >

    පොලිස් ඇමතිගෙන් මාධ්‍ය වාරණයක්

    ( චීන චිත්‍ර ශ්ල්පියකු දුටු පොලිස් වාරණය) පොලීසිය මගින් සිදු කරන විමර්ශන පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම වළක්වාලමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සියලු පොලිස් කොට්ඨාශ හා පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇත. ඇමතිවරයා සිදු කර ඇති මෙම නියෝගයේ මූලික අරමුණ වී ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් […]

Back to Top