Sri Lanka Brief
බලය බෙදීම

බලය බෙදීම

  • ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම – ජයතිලක ද සිල්වා Read more >

    ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම – ජයතිලක ද සිල්වා

    අද රට තොට කතා වන්නේ රට බෙදීමක් ගැන. රට බෙදෙතැයි, රට කැඩෙතැයි කියන්නෝ බොහෝ. අහස කඩා වැටෙතැයි බියෙන් අවිච්ජියා දිව ගොස් වැල්ලේ හිස හංගා ගත් බවක් ජන කතාවක කියැවෙයි. ඇතැමුන් එවන් බියකින් වෙළී ඇති සැටියෙක් ද පෙනේ. පිරිසක් දෙපිල බෙදී රට බෙදෙනු ඇත – රට බෙදෙනු නැත යැයි ජප කරමින් ද්වන්දව සටනක නියැලෙත්. එහෙත්, කෙසේ […]

  • නව ව්‍යවස්ථා සාකච්ජාව: දැන් පිළියමක් යෙදිය යුතු කාලයයි – අමාත්‍ය මංගල සමරවීර Read more >

    නව ව්‍යවස්ථා සාකච්ජාව: දැන් පිළියමක් යෙදිය යුතු කාලයයි – අමාත්‍ය මංගල සමරවීර

    යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (31) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය. මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා තමන්ගෙ කතාව මුල දී අහනව ඇහුණ රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය ද කියල. ඇත්ත වශයෙන් ම අද රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය ද කියල අහන මේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ම තමයි 1995 සුදු […]

  • ඒකීය-පෙඩරල් හරඹය – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා Read more >

    ඒකීය-පෙඩරල් හරඹය – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

    ජායාරූපය: පළාත් සභා ක්‍රමය පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රයෝගික අර්ථයෙන් තවදුරටත් ඒකී්‍ය රාජ්‍යක් නොවේ. ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ ඒකීය – පෙඩරල් හරඹය යළි පටන් ගෙන ඇත. හරඹයට පාදක වී තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ 21 දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තාවයි. එම වාර්තාවේ දැක්වෙන යෝජනා සහ නිර්දේශ […]

  • ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න -එම්. එස්. එම්. අයුබ් Read more >

    ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න -එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: 1988 ඉන්දු- ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව  යම් ආකාරයක පෙඩරල් රාජ්‍යයක් බවට පත්වූයේ යැයි අමරසේකර තර්ක කරයි. පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනුණු සෑම අවස්ථාවකම දැඩි මතභේදයට තුඩුදුන් කාරණය වුණේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දෙමළ අයට අවශ්‍ය කෙළේ ෆෙඩරල් මාදිලියේ රාජ්‍යයකි. සිංහල අයට අවශ්‍ය කෙළේ ඒකීය […]

  • සම්බන්දන් සිටින තුරු දෙමළ ජනයාට විකල්ප නායකත්වයක් අවශ්‍ය නැහැ – විග්නේශ්වරන් Read more >

    සම්බන්දන් සිටින තුරු දෙමළ ජනයාට විකල්ප නායකත්වයක් අවශ්‍ය නැහැ – විග්නේශ්වරන්

    “දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජීවතුන් අතර සිටිනතුරු විකල්ප නායකත්වයක් පිළිබඳව කතා කිරීම සුදුසු නොවේ” යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි. දෙමළ දේශපාලන පාර්ශවයේ මේ වනවිට විකල්ප නායකත්වයක පුරප්පාඩුවක් තිබෙන බවට ඔබ සිතන්නේදැයි?  මාධ්‍ය විසින් කල නගන ලද ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. “මෙම කරුණ ගැටළු සහගත […]

  • ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මැතිවරණ කල් යෑම නිසා තමන් නයා මැරුණ අහිකුන්ටිකයා වැනි යැයි කියන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය. රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර් මාසයට නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරු […]

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථාව ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථාව ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

    ජායාරූපය: ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම; ඉන් වසර තිහකට පසුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒමේ ගාමක බලය ශ්‍රී ලංකාව නැවතත් සීඝ්‍රයෙන් අහිමි කරගනිමින් සිටියි. බෙහෙවින් අවමානයට පාත්‍ර වූ ඉන්දු ලංකා ගිවිසුමේ වඩාත්ම සුවිශේෂී දායකත්වය වී ඇත්තේ දිවයිනේ පශ්චාත් යටත්විජිතවාදී තත්ත්වය ප්‍රතිව්‍යූහගත කිරීමයි. ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 ජූලි මස […]

  • ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ Read more >

    ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

    ජායාරෑපය: 2017 ජූනි මාසයෙහි සම අයිතිය ව්‍යාපාරයේ කොලඹ පැවැති විරෝධතාවයක් මැඬළීමට පොලීසිය යෙදවූ අයුරු. (මුහුණු පොතෙනි) ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියට ඉංග්‍රිසි බසින් ලිපියක් ලියන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රතිසංස්කරනවාදී සාමය ගොඩ නැගීමේ ව්‍යාපෘතිය ආණ්ඩුවෙන් ලිස්සායමින් ඇති බවට අනතුරු අඟවයි. ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය, සාමය ගොඩ නැගීම සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ යහපාලන ආණ්ඩුවේ තෙවැදෑරුම් අරමුණූ වු බව පෙන්වා දෙන උයන්ගොඩ කියන්නේ […]

  • විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගයත් සමඟ උතුර උණුසුම් Read more >

    විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගයත් සමඟ උතුර උණුසුම්

    ජායාරූපය: විග්නේශ්වරන්ගේ නිවස ඉදිරිපිට ඔහුට සහාය දක්වන පිරිස් උද්ඝෝෂණය කරති. credit (@uthayashalin උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ ඔවුන්ගේ අත්සන් තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය. මහ ඇමතිවරයාට එරෙහිව උතුරු පළාත් […]

  • මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ  බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු Read more >

    මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු

    ජායාරූපය: බ්‍රි‍ටෝ ප්‍රනාන්දු දශක ගණනාවක් පුරා සමාජ සාධාරණත්ව අරගලයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. ©s.deshapriya. බ්‍රි‍ටෝ ප්‍රනාන්දු. සභාපති අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද? යන්න මේ මොහොතේ රට තුළ ඇතිවී තිබෙන ප්‍රධානතම කථිකාවතය. සිංහල ජාතිවාදයට උඩගෙඩි සපයන පාර්ශවය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටී. එහි කිසිදු පදනමක් නැත. ඊට එක් හේතුවක් […]

  • දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද? Read more >

    දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද?

    ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසිනි. මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව පිළිබඳ වචන ස්වල්පයක් කතා කීරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අපි බරපතල ලෙස සාකච්ඡුා කරන යුගයකදී කතා කිරීමට අවස්ථාව ලැබීම ගැනත් මම සතුටු වෙනවා. අපිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් තිබිලා තිබෙනවා. පළමුවැනි […]

  • ‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන් Read more >

    ‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන්

    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාර්යයේ දී වචනවල එල්ලෙමින් කටයුතු කිරීමෙන් මිදී අර්ථවත් මට්ටමින් බලය බෙදීම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රී ලංකාව සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීමේ දී එය ජනමත විචාරණයක දී මහජන අනුමැතිය ඇතිව සිදුවිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි. දෙමළ ජාතික සන්ධානයේ […]

  • නොබෙදුනු රටක් තුළ බලය බෙදා ගමු! – නීතිඥ එම්. ඒ. සුමන්තිරන් Read more >

    නොබෙදුනු රටක් තුළ බලය බෙදා ගමු! – නීතිඥ එම්. ඒ. සුමන්තිරන්

    (සුමන්දිරන් මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය අතරතුර නිල නොවන පුවත්පත් සාකච්ජාවක අදහස් දක්වයි) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට තුළ යම් වැඩපිළිවෙළක් දියත්ව ඇති පසුබිමක් පෙනෙන්නට තියෙනවා. නමුත් ඇතැම් පාර්ශ්ව මතුකරනවා නව ව්‍යවස්ථාව කියන්නෙ රට බෙදන, ස්වෛරීත්වයට හානි කරන මර උගුලක් කියලා. අපි කැමැතියි රටට මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඕන ද කියන තැනින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න? […]

  • පළාත් සභාවලට ඉඩම් බලතල නොදෙන ලෙස ඉල්ලා  නීතිපති උසාවි යයි Read more >

    පළාත් සභාවලට ඉඩම් බලතල නොදෙන ලෙස ඉල්ලා නීතිපති උසාවි යයි

    ( අධි ආරක්ෂ කලාප ඉඩම්වල මිරිස් කඩන යාපන වැසියෝ) ‍13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බව තීන්දු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනයක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් කීපයක් අත්පත් කර ගනිමින් එහි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් අභියෝගයට […]

  • ඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර් Read more >

    ඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර්

    (​ මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ සංවිධානය විසින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලයේ ඊයේ අද සහ හෙට මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්විණ. එහිදී දේශපාලන ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර් විසින් කළ අදහස් දැක්වීම අදාළ සිංහලට පරිවර්තනය පහත දැක්වේ. අහිලන් කදිරගාමර් යාපනය පදනම් කොටගෙන කටයුතු කරන වාමගාමී දේශපාලන ආර්ථික විශ්ලේෂකයෙකි.) ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා වාමාංශය පිළිබඳව මම මෙම […]

  • නැවත නැවතත් මතුවන ෆෙඩරල් ෆෝබියාව – රංජිත් හේනායකආරච්චි Read more >

    නැවත නැවතත් මතුවන ෆෙඩරල් ෆෝබියාව – රංජිත් හේනායකආරච්චි

    ලංකා සමාජය මිත්‍යාවන්ගෙන් පිරුණ සමාජයකි. හදි හූනියම්, පෙරේතයන්, කුම්භාණ්ඩයන්, බලි තොවිල්, නූල් බැදීම්, යන්ත්‍ර මන්ත්‍ර ආදී මෙකී නොකී දේ පිළිබඳ විශ්වාස කිරීම ලංකා සමාජය පුරා පැතිර ඇති ව්‍යවසනයකි. මේ තත්වය සිංහල සමාජය තුල එයිනුත් එහා ගොස් තමන්ගේම භාෂාව, එනම් සිංහල භාෂාවේ වචන වල සැබෑ අරුත වෙනුවට සමාජයේ පැතිරුණු එක්තරා කණ්ඩායමක් තමන් ආරූඨ කර ගත් වෙනත් […]

  • අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන් Read more >

    අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන්

    ( දෙමළ හජන රුස්වීමක්) අපි වෙන්ව නොගොස් එක්වී ජීවත්වීමට ඉදිරිපත්ව සිටින හෙයින් සිංහල ජනතාව අපට සියළු සහයෝගයක්ම ලබාදිය යුතුයි. මෙම අවස්ථාව මඟ හැරුණේ නම් මෙම රට විනාශයට පත්වනු ඇතැයි උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා පවසා තිබේ. උතුරු පළාත් සභාවේ ඊයේ දින (22) දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේදී සැලකිල්ලට ගත යුතු කරුණු […]

  • දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ් Read more >

    දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ්

    දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය. එම ඉතිහාසයේ සිත්ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ, එම ප‍්‍රශ්නවලින් ඕනෑම එකකට විසඳුමක් සෙවීම සඳහා බලයේ සිටි පක්ෂයක් යම් උත්සාහයක් ගත් හැම විටකම, එම උත්සාහය […]

  • ඇමැතිවරුන්ට උඩින් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් පත් කරයි Read more >

    ඇමැතිවරුන්ට උඩින් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් පත් කරයි

    (පත්වීම් ලිපි ජනපති අතින්) (ශ්‍රී ලංකා බ්‍රීෆ්/25.11.2015) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඌව, මධ්‍යම, හා වයඹ යන පළාත් සදහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති නිලධාරියෙකු පත්කර ඇතැයි රජයේ නිල තොරතුරු වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම පත්වීම කර ඇත්තේ සමස්ත ලංකවෙහිම සංවර්ධන කටයුතු සඳහා කැබිනට් ඇමැතිවරුන්ද  ඒ ඒ පළාත් […]

  • නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි Read more >

    නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි

    ශ්‍රී ලංකාවෙහි දෙමළ ප්‍රශ්ණයට කල් පවත්නා දේශපාලන විසදුමක් සඳහා පෙරට යෑම සඳහා සංකීර්ණ නමුත් වාසිදායක වාතාවරණයක් අගෝස්තු 17දින මහා මැතිවරණයෙන් පසු උදා වි ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ජාවක දී ප්‍රකාශ කර තිබේ. එවැනි කල් පවත්නා විසඳුමක් සූත්‍ර ගත කිරීමේහිලා ‘ප්‍රධාන පාර්ශවකරුවන් තිදෙනා’ වන්නේ  සිය එක්සත් ජාතික පක්ෂය හා  ශ්‍රී ලංකා […]

Back to Top