Sri Lanka Brief
නිතියේ පාලනය

නිතියේ පාලනය

  • අර්බුදය: අනපේක්ෂිත දෙවැනි වරයක් වශයෙන්?  – තිසරණී ගුණසේකර Read more >

    අර්බුදය: අනපේක්ෂිත දෙවැනි වරයක් වශයෙන්? – තිසරණී ගුණසේකර

    සුදෝසුදුවට දිදුළන නාවුක නිල ඇඳුමින් සැරසී, පදක්කම් ලෙළවමින්, මහේශාඛ්‍ය ලීලාවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩම කළ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දණ්ඩමුක්තිය මේ යැයි මූර්තිමත් කෙළේය. ඔහු, අධිකරණ වරෙන්තු තුනක් මගහැර සිටි පුද්ගලයෙකි. අධිකරණයටත්, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් එළිපිට අපහාස කරමින් සිටි පුද්ගලයෙකි. මේ පුද්ගලයාව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින්ම ආරක්ෂා කරමින් සිටි තත්වයක් තුළ, […]

  • මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    මාධ්‍ය නිවේදනය/ 2018- නොවැ– 19. ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරික්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම පරික්ෂණ කටයුතු තවදුරටත් අඩාල විය හැකි බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. ලසන්න වික්‍රමතුංග ඝාතනය, […]

  • පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තැබූ  සිරිසේනගේ අශිලාචාරකම .- රංජිත් හේනායකආරච්චි Read more >

    පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තැබූ සිරිසේනගේ අශිලාචාරකම .- රංජිත් හේනායකආරච්චි

    ඡාායරූපය: හිට්ලර් ජර්මානු පාර්ලිෙම්න්තුවට ගිනි තබා ඒය දඩමිමා කර ගත්තේය‍. ඔක්තෝබර් මස ජනාදිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්ය මන්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු හත් පොලේ ගා ගත් අතර රට කිව නො හැකි තරම් අර්බුදයකට ඇද දමනු ලැබීය. හත්පොලේ […]

  • අයවැයට දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව දෙමළ දේශපාලන සිරකරු ඉරණම මත. – සුමන්තිරන් Read more >

    අයවැයට දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව දෙමළ දේශපාලන සිරකරු ඉරණම මත. – සුමන්තිරන්

    ඡායාරූපය: දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා සිටින අනුරාධපුර බණ්ධනාගාරය. ( ටිවිටර් ඡායාරූපයකි) 2019 වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. රජයේ අයවැයට සහාය පළ නොකරමින් එය ප්‍රතික්ෂේප කළ යුතුයි යන අදහස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ පවතින අදහසක් […]

  • නොසන්ඩාල වැඩ වර්ජන අධෛර්යමත් කිරීම – ආචාර්ය ඒ. සී. විස්වලිංගම් Read more >

    නොසන්ඩාල වැඩ වර්ජන අධෛර්යමත් කිරීම – ආචාර්ය ඒ. සී. විස්වලිංගම්

    රටවැසියන්ට අනේක ගැහැට සහ දුෂ්කරතා ඇති කරවන සහ සමහර විට ඔවුන්ගේ අතපය සහ ජීවිත පවා විනාශ කෙරෙන ආකාරයෙන් සමහර කණ්ඩායම් විසින් දියත් කරනු ලබන අතොරක් නැති වැඩ වර්ජන ඉදිරියේ ආණ්ඩුව දක්වන බයාදු නියාළු භාවය ගැන රට්ටු සිටින්නේ බලවත් කලකිරීමෙනි. පසුගිය වසර තුන හතරක් තිස්සේ ඇති කළ වැඩ වර්ජන සඳහා සංවිධායකයන් යොදා ගත් නිශ්චිත දින වකවනානු […]

  • ව්‍යවස්ථා සම්පාදනය ව්‍යර්ථ කිරීම සඳහා ගෙනෙන එල්.ටී.ටී.ඊ. බිල්ලා – එම්. එස්. එම්. අයුබ් Read more >

    ව්‍යවස්ථා සම්පාදනය ව්‍යර්ථ කිරීම සඳහා ගෙනෙන එල්.ටී.ටී.ඊ. බිල්ලා – එම්. එස්. එම්. අයුබ්

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට බෙදුම්වාදී යුද්ධය උත්සන්නව පැවති කාලයේ රට දෙවනත් කළ පිරිස්, දැන් එසේ කළොත් රට බෙදෙනු ඇතැයි කියමින් එය අහෝසි කිරීමට විරුද්ධව පෙනී සිටීම එක්තරා ආකාරයක ප්‍රහේළිකාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත්, දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණේ එවක සාමාජිකයන් වූ […]

  • ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි? Read more >

    ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි?

    ජායාරූප කැෆේ අනුග්‍රහයෙනි: ගැටුමෙන් පසු ගිංතොට හැටි . රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි. ජනමාධ්‍ය ද, ෆෙස් බුක් ද, කොතරම් සැගවීම උත්සහ දැරූව ද, සත්‍යය නම් ‘අලුත්ගම‘ වැනිම වූ ‘සිදුවීමක්‘ ගිංතොට ද සිදුව ඇත. සැගවීම තුල සංහිදියාවක් ඇති කර ගත නොහැකි අතර සත්‍යය හෙළි කළ යුතුව ඇත. රෝද දෙකේ බයිසිකලය ‘තනි රෝදයෙන්‘ පදින්නට ගොස් මුස්ලිම් තරණයෙකු අනතුරට […]

  • මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ් Read more >

    මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: සයිටම් අරගලය   විදී අරක්  ගැනීමෙන් මහජනයාට පහසුවක් වීද? පසුගිය 11 වැනි දා, දුම්රිය සේවකයන් විසින් හදිසියේ කැඳවන ලද වැඩ වර්ජනයක් අතරතුරේදී මගීන් විසින් දුම්රිය රියැදුරෙකුට පහර දුන් අවස්ථාවේ පොලීසිය මැදිහත් වී එම දුම්රිය රියැදුරාව බේරා ගත් අයුරු දැක්වන ඡායාරූපයක් මාධ්‍ය තුළ පළ විය. හදිසි වැඩ වර්ජනය නිසා, වැඩ අවසන්ව ගෙදර යා ගත නොහැකි වූ දුම්රිය […]

  • ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    පින්තුරය: බොරු කියා නහය දික්කරගත් පිනෝකියෝට මෙන්  කළන්සුරියටත් …. ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත   සකස් කිරීමේ ක්‍රියාදාමයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇතත්  එය අර්ධ සත්‍යයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි. රංග […]

  • සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක් Read more >

    සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක්

    ජායාරූපය: ජනමාධ්‍යවේදීන් අනෙකාගේ අයිතිය ගරු කිරීමට ඉගෙන ගත යුතුය. වින්දිතයින්ට හිරහැර වන ලෙස ජායාරූපකරණය හෝ වාර්තාකරණය නොකළ යුතුය. “සිවලෝගනාදන් විද්‍යා” නැමති පාසල් ශිෂ්‍යාව 2015 වසරේ මරා දැමීම සම්බන්ධයෙන් වන නඩු විභාගය යාපනය මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් ආචාර ධර්මශීලී මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පුරවැසි කන්ඩායමක් ඉල්ලීමක් කර තිබේ. එම වාර්තාකරණයේදී   මියගිය විද්‍යාටත්, […]

  • ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ Read more >

    ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

    ජායාරෑපය: 2017 ජූනි මාසයෙහි සම අයිතිය ව්‍යාපාරයේ කොලඹ පැවැති විරෝධතාවයක් මැඬළීමට පොලීසිය යෙදවූ අයුරු. (මුහුණු පොතෙනි) ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියට ඉංග්‍රිසි බසින් ලිපියක් ලියන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රතිසංස්කරනවාදී සාමය ගොඩ නැගීමේ ව්‍යාපෘතිය ආණ්ඩුවෙන් ලිස්සායමින් ඇති බවට අනතුරු අඟවයි. ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය, සාමය ගොඩ නැගීම සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ යහපාලන ආණ්ඩුවේ තෙවැදෑරුම් අරමුණූ වු බව පෙන්වා දෙන උයන්ගොඩ කියන්නේ […]

  • ඥනසාර යනු සෝමාරාමගෙන් පසු මෙරට බුදුනුවන් මත පතිත මහම විපතය – කර්තෘ, ‘ගොටාගේ යුද්ධය’ Read more >

    ඥනසාර යනු සෝමාරාමගෙන් පසු මෙරට බුදුනුවන් මත පතිත මහම විපතය – කර්තෘ, ‘ගොටාගේ යුද්ධය’

    දි අයිලන්ඩ් පුවත්පතට සතිපතා දේශපාලන ලිපියක් ලියන සී.ඒ. චන්ද්‍රප්‍රේම පූනි 18වන දින සිය ලිපියෙන් ගලබොඩඅත්තේ ඥනසාර හදුන්වා ඇත්තේ බණ්ඩාරනායක ඝාතන මිනීමරුවා වූ තල්දූවේ සෝමාරාම සහ ඔහු උසිගැන්වූ මාපිටිගම බුද්ධරක්ඛිතගෙන් පසු මෙරට බුදු සසුනට පහත් වූ මහම ව්‍යසනය ලෙසය. එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයේ ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ ලෙස වර්ණනා කරමින් ගොටාගේ යුද්ධය නමින් දීර්ඝ ග්‍රන්ථයක් රචනා කළ චන්ද්‍රප්‍රේම රනිල්- […]

  • යහපාලනය වල් වැදී පළාත් පාලන මැතිවරණ තවත් මාස තුනකට කල් යයි Read more >

    යහපාලනය වල් වැදී පළාත් පාලන මැතිවරණ තවත් මාස තුනකට කල් යයි

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් පත්‍ර‍යක් මගින් තවත් මාස 3 ක කාලයක් සදහා කල් දමා ඇත. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම කල් දැමීමට අදාළ ගැසට් පත්‍ර‍යට අත්සන් තබා ඇත. පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ […]

  • දූෂණ විමර්ශන ලේකම් කාර්යාලය අහොසියි! Read more >

    දූෂණ විමර්ශන ලේකම් කාර්යාලය අහොසියි!

    කීර්ති තෙන්නකෝන්. විශේඥයින් ගෙදර. විමර්ශන අතර මග. යහපාලන ඇමති-ලේකම් පැමිණිලි 30 ක් කුණු කුඩයට! වංචා හා දුෂණ සොයා බැලීම සදහා යහපාලන රජය බලයට පත්වීමෙන් දින කිහිපයකට පසුව ස්ථාපනය කරනු ලැබූ ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය‘ ජුනි 30 දින සිට වසා දමා ඇත. දුෂණ සම්බන්ධයෙන් තමන් වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කොට වාර්තා සකස් කොට පොලිස් මුල්‍ය […]

  • ශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව Read more >

    ශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව

    ජාරූපය: අලුත්ගම මුස්ලිම් ජනයා අඔසරණ යැවූ 2014 ගිනිතැබීම. ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ සැඟවී සිට අධිකරණයට භාර වීමත් අතරේ යම් සැලසුමක්, ක‍්‍රියාවලියක්, අභිමතාර්ථයක් සහ ඇත්තෙන්ම මහත් වූ අනතුරක් […]

  • සිවිල් සමාජයෙන් ආණ්ඩුවට: විසංවාදය සීමා නොකරනු! විජේදාස ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු! Read more >

    සිවිල් සමාජයෙන් ආණ්ඩුවට: විසංවාදය සීමා නොකරනු! විජේදාස ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු!

    ජායාරූපය: 2015 පූලි 28වන දින එක්සත් ජාතික පෙරමුණ මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්සිවයෙන් එක් වූ  සමාජ කණ්ඩායම් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම. අද විජේදාස රාජපක්ෂ පිස්සන් යැයි පහර දෙන්නේ සිය පක්ෂ නායකයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ  මෙකී සිවිල් සංවිධාන ප්‍රධානීන්ටය.  ©s.drshapriya. මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරීන්ට හා විරුද්ධ මත දැරීමට ඇති ඉඩකඩ සීමාවීම තුළ සිවිල් සමාජය, රජය […]

  • හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි Read more >

    හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

    ජායාරූපය: 2020 ජවිපෙ ආණ්ඩුව අල්ලයිද? අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මටද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙකු මෙලෙස මට මුණ ගැසෙන්නේ හරියටම වසර 40 කට පසුවය. ඒ එදා 71 කැරළි කරුවන් ලෙස රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ එදා නායකයන් […]

  • උමා ඔය ඇස්තමේන්තුවෙන් රාජපක්ෂලා රැපියල්  මිලියන 248 ක් ගිල්ල හැටි! Read more >

    උමා ඔය ඇස්තමේන්තුවෙන් රාජපක්ෂලා රැපියල් මිලියන 248 ක් ගිල්ල හැටි!

    ජායාරූප කීර්ති තෙන්නකෝන්  මුහුණූ පොතෙනි. කීර්ති තෙන්නකෝන්. බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – […]

  • විජේදාසත් “රාජපක්ෂ“ ය. මහින්දත් “රාජපක්ෂ“ ය. අහම්බයක් ද, නැත්නම් බිහිසුණු උත්ප්‍රාසයක් ද? – ගාමිණී වියන්ගොඩ Read more >

    විජේදාසත් “රාජපක්ෂ“ ය. මහින්දත් “රාජපක්ෂ“ ය. අහම්බයක් ද, නැත්නම් බිහිසුණු උත්ප්‍රාසයක් ද? – ගාමිණී වියන්ගොඩ

    “ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා.. එපා.. එපා..“ නම් ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප‘ පුවත්පතේ මුදල් ගෙවා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය‘ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ‘ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග එකඟත්වයක සිටි පුද්ගලයන් 170 දෙනෙකුගේ නම් ඊට ඇතුළත් විය. (එක්තරා නම් තුනක් දෙවරක් සටහන්ව තිබීම නිසා […]

  • රාජ්‍ය නොවන සංවිධාන විරෝධී (විජේදාස) රාජපක්ෂ යුද්ධය  – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය නොවන සංවිධාන විරෝධී (විජේදාස) රාජපක්ෂ යුද්ධය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: 2016 ජනවාරි 08 දින මාදුළුවාවේ සෝබිත හිමි සමරුවට පැමිනි ජනපති සිරිසේන පිළිගනු ලැබුයේ්  සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය විසිනි. දැන් ඇමැති විජේදාස රාජපක්ෂ කියන්නෛ් මහාචාර්ය සරත් විජේසූරිය වැනි සිවිල් නායකයින් සිටිය යුත්තේ අංගොඩ මානසික රෝහලේ බවය! (c)s.deshapriya. රනිල් – සිරිසේන ආණ්ඩුව බලයට ගෙන ඒමෙහි ලා රාජපක්ෂ භීෂණයට මුහුණ දෙමින් මෙරට රාජ්‍ය නොවන […]

  • සිය මහගෙදර සමතලා කරන්නැයි කී  ලී ක්වාන් සහ මහජන මුදලින් පවුලේ ස්මාරක තැනූ රාජපක්ෂ- සුනිල් ජයසේකර Read more >

    සිය මහගෙදර සමතලා කරන්නැයි කී  ලී ක්වාන් සහ මහජන මුදලින් පවුලේ ස්මාරක තැනූ රාජපක්ෂ- සුනිල් ජයසේකර

    ජායාරෑපය: 1964 ජූලි එවකටත් එරට අගමැති වූ ලී ක්වාන් යූ මහජන රුස්වීමක් අමන අයුරු; AP/File. සිංගප්පූරුව යනු ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙන කුරු යෝධයෙකි. භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා රාජ්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් ආර්ථික වශයෙන් සැලකීමේදී ආසියාවේ පමණක් නොව ලෝක පරිමාණයෙන් ද දැවැන්ත යෝධයෙක් ලෙස සිංගප්පූරුව නැගී සිට තිබේ. ලොව ප්‍රමුඛ වරාය කේන්ද්‍රීය වෙළෙඳ මධ්‍යස්ථාන […]

  • එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන Read more >

    එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

    ජායාරෑපය: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය වූ මොනිකා පින්ටෝ සිය සංචාරයෙන් පසු කොළඹදී ජනමාධ්‍ය අමතයි. ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය විසින් ඇය ලංකාවට පැමිණි දූත ගමනින් පසු සකස්කොට නිකුත් කොට ඇති නිලවාර්තාව. මහලේකම් කාර්යාලයේ සටහන. 2016 අප්‍රේල් 29 සිට මැයි 7 වෙනි […]

  • නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කළ යුතුව ඇති අවතැන්වුවන්ගේ භුමිකාව Read more >

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කළ යුතුව ඇති අවතැන්වුවන්ගේ භුමිකාව

    මෙලනි මානෙල් පෙරේරා. මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ පරිසර විනාශය යන වචනය මුලිනුපුටා දමමින් තවදුරටත් රටේ පුරවැසියන් ජිවත් කරවනවා ද නැතහොත් මරා දමනවා ද යන්න තීරණය කරනු ලබන්නේ […]

  • ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍ය යේ කඩා වැටීම සහ අස්ගිරි පාර්ශවය නීතියට ඉහළින් යෑම Read more >

    ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍ය යේ කඩා වැටීම සහ අස්ගිරි පාර්ශවය නීතියට ඉහළින් යෑම

    ශ්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග්‍ර කඩා වැටීමේ කතාන්තරය, පසුගිය සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පවා ශ්‍රී ලංකා රජය අසමත් වූ […]

  • අස්ගිරි පාර්ශවට මෙන් ගුරු සංගම්වලටත් නීතියක් නැත්ද? Read more >

    අස්ගිරි පාර්ශවට මෙන් ගුරු සංගම්වලටත් නීතියක් නැත්ද?

    චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර අත්අඩංඟුවට නොගත යුතු යැයි ප්‍රකාශයක් කළ අස්ගිරි නිකාය මෙන් දැන් යම් යම් ගුරු සංගම් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුලු වී එයට රුපියල් කෝටියක අලාභ හානි කළ සරසවි සිසුන් අත් අඩංඟුවට නොගත යුත යැයි අඥාවක් නිකුත් කර තිබේ. එසේ අත් අඩංඟුවට ගැනීම නතර නොකළහොත් තමන් ගරු වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් […]

  • ශ්‍රී ලංකාවෙහි ලෞකික රාජ්‍යයේ  කඩාවැටීම නොහොත්  අස්ගිරිය සංඝ සභාව, නීතියට ඉහළින් යාම Read more >

    ශ්‍රී ලංකාවෙහි ලෞකික රාජ්‍යයේ කඩාවැටීම නොහොත් අස්ගිරිය සංඝ සභාව, නීතියට ඉහළින් යාම

    ශ්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග්‍ර කඩා වැටීමේ කතාන්තරය, මේ සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පවා ශ්‍රී ලංකා රජය අසමත් වූ බව අවසානයේ ඔප්පු කෙරුණි. […]

  • අපි යන්නේ කොයි පාරේ – ප්‍රභාකරන් ගිය පාරේ Read more >

    අපි යන්නේ කොයි පාරේ – ප්‍රභාකරන් ගිය පාරේ

    ජායාරූපය: සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අල්ලා ගත් වෛද්‍ය සිසුන්. (ඩේලි එෆ්ටී වෙතිනි) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණූ වෛද්‍ය ශිෂ්‍යන් සහ ශිෂ්‍ය හිමිවරුන් කැ ගැසූ සටන් පාඨය මෙසේය: ‘‘අපි යන්නේ – කොයි පාරේ – ත්‍රිමා විතාරණ ගිය පාරේ ” 1998 – 2000 සමයෙහි  මෙරට ඇවිල ගිය අති දරුණූ භීෂණ සමයෙහි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ත්‍රිමා විතාරණ […]

  • ඩෙංඟු අබියස දොස්ප්‍තර වර්රජනය: ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය – සුනිල් ජයසේකර Read more >

    ඩෙංඟු අබියස දොස්ප්‍තර වර්රජනය: ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය – සුනිල් ජයසේකර

    ජායාරූපය: දොස්තර වර්ජනය හමුවේ අසරණ වන දුගී ජනයා. සන්ඩේ ටයිම්ස් ජායාරූපයකි. “ඩෙංගු මර්ධනයට ඔබේ සහාය අත්‍යවශ්‍යයි….!! මේ මොහොතේ රටේ දරුණුතම අර්බුදය ඩෙංගු ය. එය අධි වසංගත තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. වාර්තාගත රෝගීන්ගේ සංඛ්‍යාව හැට දහසකට අධිකය. ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව එය මේ අයුරින්ම වර්ධනය වුවහොත් ජූලි මස සහ අගෝස්තු මාසයේ මුල් සතිය වනවිට […]

  • ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: බුදුන් හඩනු ප්‍රතිමා ශිල්පියකුගේ ඇසින්. ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරනමක්  බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ. ඉර්දි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ […]

  • ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර Read more >

    ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර

    ජායාරූපය: උද්ඝෝසණයේ යෙදෙන සිසුන් සහ පොලිස එස්ටීෆ් අතර  හුවමාරුවක!  Credit- Sudam Gunasinghe/DN. සයිටම් විරෝධය පෙරටු කරගත් තවත් එක් උද්ඝෝෂණයක් බලහත්කාරී අත්පත් කරගැනීමක් දක්වා යොමුකර තිබේ. ඊයේ ඔවුන් විසින් ඒ ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරගෙන තිබූ විරෝධතා පාගමනක් අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමූහයක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු […]

Back to Top