Sri Lanka Brief
විවරණ

විවරණ

  • හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි Read more >

    හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි

    ( හිට්ලර්ට ජයවේවා යැයි සතුටින් කෑ ගසන පිරිස්) අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය, ගුණමකු මිනිසුන්, මහින්දගේ පරාජය හමුවේ ශෝකාලාප නගති. ඔවුනට අනුවම හම්බයින්, රට බෙදන දෙමළුන්, දෙමළ කොටි, ආදී වචන ද […]

  • ජනවාරි 08: ඉතිහාසයේ සන්ධිස්ථානයක – රංජිත් හේනායකආරච්චි Read more >

    ජනවාරි 08: ඉතිහාසයේ සන්ධිස්ථානයක – රංජිත් හේනායකආරච්චි

    ( සිය අයිතීන් උදෙසා පොලිස් ජලපහරට මුහුණ දෙන තරුණ උද්ඝෝෂකයෙක්) හෙට දිනයෙන් ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. මෙය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ මෙතෙක් කිසි දිනෙක ලංකා සමාජය තුල ජනාධිපතිවරණයක් ගැන හෝ ඡන්දයක් ගැන බැඳී නොතිබූ උද්යෝගයක් සමාජය තුල ඇතිව ඇති නිසාවෙනි. එමෙන්ම මේ උද්යෝගය ඇති වන්නේ […]

  • අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු – ලයනල් බෝපගේ Read more >

    අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු – ලයනල් බෝපගේ

    නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත.2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල පහසුකම්වල පුළුල් සංවර්ධනයක් සිදු කොට ඇති අතර එහි ගෞරවය රාජපක්ෂ පාලනයට හිමි විය යුතුය. මෙම සංවර්ධන ක‍්‍රියාවලියන් එසේ සිදු වුණත්, ඒ හා සමඟ අනුබද්ධව […]

  • කුමාර්  ගුනරත්නම්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    කුමාර් ගුනරත්නම්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    (කුමාර් ගුනරත්නම් මැජික්) ටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට නම් තේරුම් ගියේ මුට්ටිය දමා ඇති බවයි. එය සැබෑ කරමින් කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ ඇත‍. ඉතිං මෙය දුටු විට අප […]

  • රාජපක්ෂ රිජිමය පරාජය කරමු: විදෙස් ගත ලාංකිකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් Read more >

    රාජපක්ෂ රිජිමය පරාජය කරමු: විදෙස් ගත ලාංකිකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

    ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කරමු! විවිධ සමයන්හි අප දේශය වන ලංකාවෙහි උත්සන්න වූ මර්දනකාරී දේශපාලන තත්වයන් මෙන්ම වෙනත් හේතූන් මත අප රට අත හැර ඒමට සිදුව විදේශ ගතව ජීවත්වන අප, එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට පෙළ ගැසී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කරමු. පසුගිය දස වසර පුරා රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාව අත්තනෝමතික රාජ්‍යක් […]

  • ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව) Read more >

    ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව)

    ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය (ලේක්හවුස් පුවත්පත්) හැසිරීම පිළිබද නිරීක්ෂණ – මුල් පිටුවේ ප්‍රවෘත්ති- (2014 දෙසැම්බර් 20 සිට 26 දක්වා) පහත දැක්වෙන්නේ රජයට අයත් ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන දිනපතා හා සති අන්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුව සහ මුල් පිටුවේ ඉතිරි ලෙස ඇතුළු පිටුවල පළ වී […]

  • ජනාධිපතිවරණයේ දී වමේ ප‍්‍රවේශය කුමක් විය යුතු ද? Read more >

    ජනාධිපතිවරණයේ දී වමේ ප‍්‍රවේශය කුමක් විය යුතු ද?

    (ජවිපෙ උද්ඝෝෂණයක්) පවුල් හා සහචර ඒකාධිපති ආඥාදායකත්වය පරදවමු ! පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට සටන් වදිමු !! මහජන ව්‍යාපාරයක් සඳහා පෙරට යමු !!! මහින්ද රාජපක්ෂ සිය ධූර කාලය තවත් වසර දෙකක් තිබියදී 2015 ජනවාරියේ දී ජනාධිපතිවරණයක් කැඳවා ඇත. කුමක් සඳහා ද? කොල්ලකාරී පවුල් සහචර ධනපති ආර්ථික පිළිවෙත එහි උපරිමය දක්වා ගෙන යාමට ය. […]

  • වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යාය පත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම Read more >

    වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යාය පත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි නම් වෙනසක් සෙවීම අපගේ පරම යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියා තරම් අන් කිසිවෙකුත් වැදගත් නොවන බව අප කිසි දිනක අමතක කළ යුතු නැත. ආණ්ඩුකරණය සඳහා ඇති බලය ජනතා ස්වෛරීත්වයේ කොටසකි. එහෙත් අපට […]

  • ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොනැසී පැවතීමට ආණ්ඩු වෙනසක් අත්‍යවශ්‍යය – ජයදේව උයන්ගොඩ Read more >

    ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොනැසී පැවතීමට ආණ්ඩු වෙනසක් අත්‍යවශ්‍යය – ජයදේව උයන්ගොඩ

    ජනාධිපතිවරණයට ඇත්තේ තව සති දෙකකි. රට පුරා පවතින සීත හා වැසි සහිත කාලගුණය නොතකා ජනපතිවරණ සටන උණුසුම් වී ඇත. ඡුන්ද දිනය ආසන්න වන විට එය තවත් රත් විය හැකිය. ආණ්ඩුව පැත්තෙන් බලන විට මෙය පරාජය වීමට නොහැකි ජනාධිපතිවරණයකි. මක්නිසාද යත් නැතිවෙන්නට බොහෝ දේ ආණ්ඩුවේ නායකයින්ට තිබෙන බැවිනි. ජනපතිවරණයෙන් ජය නොගෙන සිටීමට විපක්ෂ සන්ධානයට ද නොහැකිය. […]

  • දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ Read more >

    දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ

    (නමට විදේශ ඇමැති ජි.එල්.පිරිස්) අපේ ශ්‍රී ලංකාව පුංචි රටක්. ඒ වගේ රටකට ලෝකයේ තමන්ගේ ස්ථානය රැක ගන්න හොඳම පිළිවෙත තමයි නොබැඳි විදේශ පිළිවෙත‍. කාටවත් ගැති නැති කාටවත් බය නැති එනමුත් හැමට ගරු කරන සමබර පිළිවෙතක්. එවැනි පිළිවෙතක් අපට තිබුණා. කාලයකට කලින්. ඒ සඳහා කරුණු දෙකක් අවශ්‍ය යි. එක නොබැඳුණු  රාජ්‍ය ය. දෙක එම නොබැඳි පිළිවෙත […]

  • දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන් Read more >

    දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන්

    (චම්පික සහ අනුර කුමාර: අභියෝගය බාර ගැනිමට සූදානම් ද?) ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් […]

  • පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග Read more >

    පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග

    (මාදුළුවාවේ සෝභිත හිමි විසින් දැරිය යුතුව තිබූ නායකත්ව භූමිකාව අද නැත) සුනන්ද දේශප්‍රිය – ආරම්භයෙහි දී පොදු විපක්ෂයේ කේන්ද්‍රීය ලක්ෂය වශයෙන් පැවැතුනේ මාදුළුවාවේ සෝභිත, ජයම්පති වික්‍රමරත්න, ජේ.සී. වැළිඅමුණ, නිර්මාල් රංජිත් යනාදීන් විසින් සංකේතවත් කරනු ලැබූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යි. බැහැරට පෙනෙන අන්දමට දැන් එම ව්‍යාපාරයේ කේන්ද්‍රීය වැදගත්කම නැතිව ගොස් සාමන්‍ය සහායකයකුගේ තත්වයට […]

  • මේ තිස්ස විතාරන සමසමාජ පක්ෂයේ 4වන සංවත්සරය මිස සමසමාජ 79 ය නොවේ! Read more >

    මේ තිස්ස විතාරන සමසමාජ පක්ෂයේ 4වන සංවත්සරය මිස සමසමාජ 79 ය නොවේ!

    මහාචාර්ය විජය කුමාර් විසිනි- ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ 79 වැනි සංවත්සරය යෙදෙන්නේ දෙසැම්බර් 18 වැනි දාටයි. එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන සහ බර්නාඞ් සොයිසා වැන්නන්ගේ ලංකා සමසමාජ පක්ෂය අධිරාජ්‍ය-විරෝධී අරගලය තුළ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවා පමණක් නොව, අද කම්කරු පංතියත් ලංකාවේ පොදු ජනතාවත් භුක්ති විඳින බොහෝ ප‍්‍රතිලාභ සාධනය […]

  • ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද? Read more >

    ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

    සුනන්ද දේශප්‍රිය – පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය අදිමින් සිටිති. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය යි. ඔවුන් රාජපක්ෂ බලයට වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය දස වසර තුළ කරන ලද කුමණ සාධනීය හේතු උඩ දැයි හරියාකාර පැහැදිළි කිරිමක් […]

  • මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ! Read more >

    මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ!

    නඩරාජා ගුරුබරන් (සංස්කාරක, ග්ලෝබල් ටැමිල් නිව්ස්) – 2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි… නැවැත යුද්දයක් ඇතිවිය හැකි සාංකාවක් රට පුරා උග්‍රව තිබූ කාලයකි… ජනාධිපතිවරණයදී දරුණු මතවාදී පක්‍ෂයන් සියල්ල එක් පැත්තකට එක්රැස්වුණි. සාම සාකච්ඡාව නවතා දැමිය යුතුයි.. රනිල් – ප්‍රබා හවුල රට දෙකට බෙදීමට යනවා.. යැයි ජනතා විමුක්ති පෙරමුණ, […]

  • මෛත්‍රී  ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම Read more >

    මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම

    මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න අද එළිදැක්වුනු මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යූහයක් හඳුන්වා දීමට පියවර ගැනේ. එහිදී ජනාධිපතිවරයා අන් පුරවැසියන් මෙන්ම සමානව නීතිය ඉදිරියේ සැළකෙයි. නීතිමය වශයෙන් විශේෂ වරප‍්‍රසාද නව ආණ්ඩුක‍්‍රම ව්‍යූහය යටතේ ජනාධිපතිවරයාට නොලැබේ. සියලූම […]

  • මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි. Read more >

    මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි ජනමත විමසුම් අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් ආයතනය මගින් පවත්වන ලද අන්තර් ජාල මත විමසුමට අනුව මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් සියයට 76ක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාශ කරයි. මෙම මත විමසුමෙහි අරමුණ ජනාධිපතිවරණ ප්‍රතිපළ පූරෝකථනය කිරිම නොවන බවත් ජනාධිපතිවරණය පිළිබද මත රුස් කිරිම මගින් දැනට කෙරි ගෙන යන සාකච්ජා වැඩ […]

  • අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය Read more >

    අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

    (දිය යුතුද නැත්ද) උදය ආර්. තෙන්නකෝන්– පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිණිසය. විශාල මර්ධනයකින් පසුව ජනතා විමුක්ති පෙරමුණ නැවත මරණයෙන් නැගිට දේශපාලනයේ නෛතිකභාවය ලබා ගැනීම පිණිස 1994 ජනාධිපතිවරණයට […]

  • වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!! Read more >

    වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!!

    අපට වෙනසක් අවශ්‍ය යි. වෙනසකට රට ලැහැස්ති යි. ජන ගග භීෂණයෙන් දූෂණයෙන් පිරුනු රාජපක්ෂ පාලනය පිසදා දෙගොඩ තලා යන්න හැඩ වෙනවා. ඇයි, අපට වෙනසක් අවශ්‍ය? අපට මිනිස්සු විදිහට ගරුත්වයක් ඇතිව බයක් නැතිව කාලා බිලා යහතින් යහපත්ව ජීවත් වෙන්න ඕන නිසා. මිනිස් ජිවිතයක් කියන්නේ වටිනා දෙයක්. ඒ වටිනාකමට සරිලන පරිසරයක් නිර්මානය කරන එක තමයි ආන්ඩුවක රාජකාරිය. […]

  • නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ! – රංජිත් හේනායකආරච්චි

    නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරයි. නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ. මෙම තත්වය […]

  • රාජපක්ෂ පවුල් පාලනය සහ මර්දනය පරදවමු – ලයනල් බෝපගේ Read more >

    රාජපක්ෂ පවුල් පාලනය සහ මර්දනය පරදවමු – ලයනල් බෝපගේ

    ශ්‍රි ලංකාවේ යහ පාලනය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සහයෝගිතාවය නෙුවෙන්  එළඹෙන ජනාධිපතිවරණයේ දි රාජපකෂ මර්දනය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් පිහිටුවා ගත යුතු බව ලයනල් බෝපගේ කරනලද කතාවක විඩියෝව පහත පළවේ.  

  • ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය: මර්දනය පරදවමු! Read more >

    ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය: මර්දනය පරදවමු!

    ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් […]

  • මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!- රංජිත් හේනායකආරච්චි Read more >

    මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!- රංජිත් හේනායකආරච්චි

    ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති අත්‍යවශ්‍ය හේතුවක් වන නිසාවෙනි. රාජපක්ෂ කල්ලිය රට තම අතට ගැනීමෙන් පසුව කරගෙන ගිය දේශපාලනය (එය හැබෑ අර්ථයෙන් දේශපාලනයක් නොවූවා වුවත්) විසින් කරනු ලැබුවේ […]

  • ජනාධිපතිවරණය 2015: ශී‍්‍ර ලාංකේය කලාකරුවන් හා බුද්ධිමතුන් වෙත පුරවැසි බලය කරන ආයාචනය Read more >

    ජනාධිපතිවරණය 2015: ශී‍්‍ර ලාංකේය කලාකරුවන් හා බුද්ධිමතුන් වෙත පුරවැසි බලය කරන ආයාචනය

    ශී‍්‍ර ලංකාවේ කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රය තිරසාර ලෙස සංවර්ධනය වීම පිණිස ඉවහල් වන මූළික අවශ්‍යතා හඳුනා ගනිමින් එ්වා සම්පූර්ණ කර ගැනීම සඳහා ‘‘පුරවැසි බලයට’’ අනුබද්ධ කලාකරුවෝ සංවිධානගතව සිටිති. ‘‘කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් සංවර්ධනය කිරීම’’ යනු කලාකරුවන්ට නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර හෝ තාන්නමාන්න ලබා දීමත්, අසීමිතව ලාබ ප‍්‍රයෝජන ගරාගැනීමට ෙදාරටු විවෘත කර දීමත්, භෝජන සංග‍්‍රහ පවත්වමින් […]

  • වම පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දිය යුත්තේ ඇයි? – වමේ කෙන්ද්‍රය

    (ඇන්. ඇමි. පෙරේරා: නිදහස සඳහා ආසාව නොසංසිදෙන ලැදියවකි) ‘වම ඇරඹු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය පෙරටම’- වමේ ව්‍යාපාරය මෙරට ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය උද්දීපනය කල මහජන ව්‍යාපාරයයි. ඉංග‍්‍රීසි පාලනයටත්, රදළ ප‍්‍රභූන්ටත්, ධනපති පංතියටත් එරෙහිව සටන් වැදුණු වමේ ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සාධාරණත්වය සිය දේශපාලනයේ පරමාදර්ශයන් ලෙස හැමවිටම සැලකීය. ජනතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුල බැබලෙමින් ඇති ආකාරය ගැන සම සමාජයට වසර […]

  • මේ ජන්දයට උතුරු – නැගෙනහිර දෙමළ මිනිස්සු නැත්ද? Read more >

    මේ ජන්දයට උතුරු – නැගෙනහිර දෙමළ මිනිස්සු නැත්ද?

    සුනන්ද දේශප්‍රිය – ශ්‍රී ලකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මගින් කිසිදු අදහසක් ඉදිරිපත් නොකරන බව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වි තිබේ.මාධ්‍ය වාර්තා සත්‍ය නම් ඔහු කියා ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්දයෙන් පියවර ගත හැක්කේ තමා බලයට පත් වී සිය දින ප්‍රතිසංස්කරන වැඩ සටහන ක්‍රියාත්මන කිරීමෙන් පසු පැවැත්වෙන මහා මැතිවරණයකින් […]

  • ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පරදවා යහපත් සමාජයක් සඳහා සටන පෙරට ගෙන යමු – ජවිපෙ Read more >

    ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පරදවා යහපත් සමාජයක් සඳහා සටන පෙරට ගෙන යමු – ජවිපෙ

    “ඒකාධිපති පාලනය පරදවමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු! 2015 වසරේ ජනවාරි 08වැනි දාට ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප‍්‍රකාශයට පත්ව තිබේ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය අවසන්වීමට තව වසර 02ක් තිබියදී මෙම හදිසි ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ, ඔහුට තවත් වසර 06ක ධුර කාලයක් ලබා ගැනීම සඳහා ජනතා කැමැත්ත විමසීමට ඔහු විසින් ගත් තීරණය නිසාය. එබැවින් මෙම ජනාධිපතිවරණය රාජපක්ෂ […]

  • ඔක්තෝබර් මාසයේ දී විසම්මුතිය මර්දනයේ සිදුවීම් 26ක් Read more >

    ඔක්තෝබර් මාසයේ දී විසම්මුතිය මර්දනයේ සිදුවීම් 26ක්

    දීර්ඝ කාලයක්පුරා ශ්‍රි ලංකාවේ මාකව හිමිකම් කොළසීම් වාර්තාකරණයේ යෙදෙන කොළඹ ඉන්ෆෝම් ආයතනය පසුගිය ඹක්තෝබරයේදී සිදුවූ විසම්මුතිය මර්දනය කිරිමේ සිදුවීම් 26ක් මෙවර සිය වාරතාවේ දක්වයි. එම වාර්තාවේ සාරංශ්‍ය පහත පළ වන අතර සම්පූර්ණ වාර්තාව අවසානයේ ඇති දිගුව මගින් කියවිය හැකි ය. ඉන්ෆෝම් වාර්තාව: ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය : සාරාංශය කරන ලදැයි කියන මානව හිමිකම් සහ ජාත්‍යන්තර […]

  • ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

    (බොර තෙල් මැදින් ආලෝකය දැකිය හැකිද?) “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ බොර තෙල් වළෙන්ම තමන් අපේක්ෂා කරන ඉන්ධන සොයා ගත යුතුය. මන්ද ජනයා ඇත්තේ මෙම වළෙහිය.,, එවැනි මොහොතක් තුල උණුසුම්ව දිගහැරෙන […]

  • ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපා ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණයට ගමන්කරමු !

    එච්. ඒ. සෙනෙවිරත්න විසිනි– විධායක ජනාධිපතිත්වය පැරදවීම සඳහා වූ ශ‍්‍රී ලංකා ජනතාවගේ ඉදිරිගමන සංඛ්‍යාවෙන්හා උද්යෝගීතාවයෙන් දිනෙන් දින වැඩිවෙයි. මෙයවනාහි: දූෂණය, පවුල් චෞරත්වය හා පවුල් බලය සමඟ බැඳණු නව යටත් විජිතවාදී, පුද්ගලික ඒකාධිපතිත්වයක් යටතේ හටගත් හාමත, වදහිංසාව, තර්ජන හා මිනීමැරුම් නිසාවෙන් නොනවතින දුක් වේදනාවට ජනතාව මූණපෑමේ නියත ප‍්‍රතිඵලයකි. විධායක ජනාධිපති ඒකාධිපතිත්වයට සහයෝගය දුන් පක්‍ෂ අතරවූ දේශපාලන […]

Back to Top