Sri Lanka Brief
විවරණ

විවරණ

  • ජිනීවා යෝජනා ඉබි ගමනේ  – සුලෝචනා රාජපක්ෂ Read more >

    ජිනීවා යෝජනා ඉබි ගමනේ – සුලෝචනා රාජපක්ෂ

    ජායාරූපය: ජීනීවා මානව හිමිකම් ‌කොමිසම ඉදිරිපිට දිය අතුරුදහන්හ කරන ලද  වූ දරුවා ‌‌‌වෙනුවෙන් කදුළු සලන කොළඹ අලුත්කඩේ සිත්ති අම්මා. (2016 මාර්තු) (c)s. deshapriya. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කරනු වස් 2015 වසරේ ජනවාරි 08 වනදා සිට මේ දක්වා ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සතුට පළ කර […]

  • ජනාධිපතිවරණය සහ අපේ දේශපාලන අනාගතය – දයාපාල තිරාණගම Read more >

    ජනාධිපතිවරණය සහ අපේ දේශපාලන අනාගතය – දයාපාල තිරාණගම

    ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 1978 ජනධිපති ක්‍රමය එවකට පැවති යුඇන්පි ආණ්ඩුව විසින් හඳුන්වාදීමත් සමගම එහි ඒකාධිපති සවභාවය සමබන්ධයෙන් බරපතල විවේචන එල්ලවන්නට පටන් ගත්ත ද ජේ. ආර්. ජයවර්ධන සහ යුඇන්පි ආණ්ඩුව විසින් මේ විවේචනයන් ගණන් ගත්තේ නැත. එවකට යුඇන්පී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ නොසෙල්වන තුනෙන් දෙකක බහුතරයකටත් වඩා තිබුණි. පැරණි වම1977 මැතිවරණයේදී ඉතිහාසගත පරාජයක් ඇත්කර ගත්තේ නැවත වරක් පාර්ලිමේන්තුව […]

  • සංක්‍රාන්තික යුක්තිය: සමාව ගැනීම අපට නුහුරුද? – සුලෝචනා රාජපක්ෂ Read more >

    සංක්‍රාන්තික යුක්තිය: සමාව ගැනීම අපට නුහුරුද? – සුලෝචනා රාජපක්ෂ

    කොටින්ට වන්දි දෙන්නේ ඇයි? මොකටද ඔය මිනිස්සුන්ට සමාවක්? මෙවැනි දෑ මෑත කාලීනව ඇතැම් පුද්ගලයන් මෙන්ම ඇතැම් දේශපාලකයන් තුළින්ද අසන්න ලැබුණි. කුරිරු යුද්ධයක් අවසන්ව දස වසරක් ගත වුවද අප රටක් ලෙස ආකල්පමය වර්ධනයක් ලබා නොමැති බව මෙයින් වැටහෙනු ඇත. අවාසනවකට තවමත් ආකල්පමය වශයෙන් යුධ සහ වෛරී මානසිකත්වකය පසු වන හෙයින් 71ක් වසරක නිදහස අපට අභිමානයෙන් සැමරිය […]

  • විධායක ජනාධිපති වීසි කරලා දාන්න කාලේ හරි Read more >

    විධායක ජනාධිපති වීසි කරලා දාන්න කාලේ හරි

    ජායාරූපය: වාම කණ්ඩායම් විසින් 2018 දෙසැ 19 දින පවත්වන ලද විරෝධතාවයේ එක් සටන්පාඨයක්. (c) s.deshapriya. යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහවර ද, නැත්නම් රටේ දේශපාලන දිසානතිය මෙහෙයවීම සඳහා එය තවමත් පාවිච්චියට ගත හැකි විකල්පයක් ද? එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා තවම කටයුතු කරතත් එය යථාර්ථයක් වෙතැයි සිතීම දුරස්ථ ය. දෙවරක්ම […]

  • ජනපතිට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු Read more >

    ජනපතිට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු

    තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා ජනපතිවරයා මහත් වෙහෙසක් දරමින් සිටී. එහෙත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. පසුගිය සතියේ නොයෙක් කටකතා පළවුවත් ඒවායේ සදහන් වූ ආකාරයට ජනපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර […]

  • ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’ – එස්. අයි. කීතපොන්කාලන් Read more >

    ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’ – එස්. අයි. කීතපොන්කාලන්

      ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ගැන හිතාගෙන ඊට අදාළ කළමණා සකස් කරමින් සහ උපායික පියවර ගනිමින් සිටී. අගමැති රනිල් වික්‍රමසිංහ ගිය මාසයේ උතුරේ කළ සංචාරය එවැනි එක් උපායික පියවරකි. මන්ද යත්, දෙමළ ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ගණන් බැලීම් තුළ ඇතුළත් ප්‍රධාන සාධකයක් විය යුතුව ඇති බැවිනි. ශ්‍රී ලංකා පොදුජන […]

  • ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3) – ඩී. බී. එස්. ජෙයරාජ් Read more >

    ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3) – ඩී. බී. එස්. ජෙයරාජ්

    ජායාරූපය: ඇමරිකා එක්සත් ජනපදය යනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති යටත්විජිත රාජ්‍යයන් දහතුනක් එක්සත්ව පිහිටුවා ගත් රාජ්‍යයකි. – ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු. ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය: ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම යනු එකක් නොවේ. ස්වයං-නිර්ණ […]

  • ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2) ඩී. බී. එස්. ජෙයරාජ් Read more >

    ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2) ඩී. බී. එස්. ජෙයරාජ්

    ජායාරූපය: එම පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකරු වූයේ යාපනේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමසුන්දරම් ‘මාවෙයි’ සේනාධිරාජා ය. (c) S.Deshapriya. ඒකීය-ෆෙඩරල් සදොස් ප්‍රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක්‍රම අතරේ වැරදි ප්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වත් මණ්ඩල වියතුන් මේ දෙක අතරේ හටගෙන […]

  • ජිනීවා, ඔය කියන තරම් කලුද? – සුලෝචනා රාජපක්ෂ Read more >

    ජිනීවා, ඔය කියන තරම් කලුද? – සුලෝචනා රාජපක්ෂ

    අමාත්‍ය සමරවීර මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේදී සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය දියත් කිරීමේ මුල පිරුමට එක්විය. ©  සුනන්ද දේශප්‍රිය. “සංහිඳියා ක්‍රියාවලිය සඳහා කාලය ගත වේවි. බොහොමයක් දෙනා මේ පිළිබඳව නොඉවසිලිමත්. අප ඔවුන්ගේ නොඉවසිලිවන්ත භාවය සහ ඒ සඳහා ඔවුන්ට ඇති සම්පුර්ණ අයිතිය වටහාගෙන ඇත. කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ඉතා සැළකිලිමත් ලෙස සැලසුම් කළ යුතුයි. නිදහස ලබා ගත් […]

  • සෝමසුන්දරම් ස්කන්ධකුමාර සහ ජාලිය වික්‍රමසූරිය: තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක්  – ෂන්මුගම් කනගරත්නම් Read more >

    සෝමසුන්දරම් ස්කන්ධකුමාර සහ ජාලිය වික්‍රමසූරිය: තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක් – ෂන්මුගම් කනගරත්නම්

    “… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක සෘතුව, ඒ තමයි ඝනාන්ධකාර සෘතුව, ඒ තමයි අපේක්ෂාවේ වස්සානය, ඒ තමයි නෂ්ටාපේක්ෂාවේ සිසිරය. අප ඉදිරියේ සියල්ල තිබුණි. අප ඉදිරියේ කිසිවක් නොවුණි. අප සියල්ලන් සිටියේ, කෙලින්ම දෙව්ලොව […]

  • ව්‍යවස්ථා සභාවට අත නොතබනු ! – සන්ඩේ ටයිම්ස් කතුවැකිය Read more >

    ව්‍යවස්ථා සභාවට අත නොතබනු ! – සන්ඩේ ටයිම්ස් කතුවැකිය

      හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ කතානායකවරයා ය. පැහැදිළිවම, මේ දිනවල කතානායකවරයාට ද්වේෂ කිරීමට ඒ දෙපාර්ශ්වයටම දේශපාලනික හේතු තිබේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම්, […]

  • හෙන්රි පෙරේරාගේ රතු හමුදාව –  ධර්මන් වික‍්‍රමරත්න Read more >

    හෙන්රි පෙරේරාගේ රතු හමුදාව – ධර්මන් වික‍්‍රමරත්න

    ජායාරූපය, හෙන්රි පෙරේරා බන්ධනාගාරයට යමින් ගෙන යන අතර. ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමට පෙර, පසු සහ ජවිපෙ 2 වැනි කැරැුල්ල පැවති 1986 සිට 1990 දක්වා ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් පරිබාහිරව සන්නද්ධ අරගලය විශ්වාස කළ වාමාංශික කණ්ඩායම් 7 ක් ක‍්‍රියාත්මක වූ අතර ඒ අතරින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූ සහ සිරදඬුවමට ලක්වූ දකුණේ ප‍්‍රථම සිංහල ජාතිකයා […]

  • මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න Read more >

    මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න

    සරත් ද අල්විස්. දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වන්නේ, පසක් කර ගත හැකිව ඇති යථාර්ථයට එරෙහිව විවෘත විරෝධතාවක් නිර්මාණය කර ගැනීමයි. ‘ව්‍යවස්ථා සභාව’ ඉතා ප්‍රකෝපකාරී […]

  • සිරිසේන ආණ්ඩුවේ ජයග්‍රහණයක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය  ආරක්ෂා කළ යුතුව තිබේ Read more >

    සිරිසේන ආණ්ඩුවේ ජයග්‍රහණයක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කළ යුතුව තිබේ

      හරීම් පීරිස්. 2015 ජනවාරියේදී ශ්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප්‍රශස්ත ප්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන පක්ෂ සහ සිවිල් සංවිධාන කණ්ඩායම් ඒ අරභයා පොදු අපේක්ෂකයෙකු වටා ගොනු වූහ. ඒ, ඊට ටික කලකට මත්තෙන් රාජපක්ෂ පාලනයෙන් කැඩී ආ මෛත්‍රීපාල සිරිසේනයි. ස්වකීය ආදිතම නායකයාව පතුරු ගැසූ මොහු, […]

  • ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු Read more >

    ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු

    )ජායාරූපය ගෙටි ඉමේජ් වෙතිනි) සුනෙත් පෙරේරා BBC සිංහල. තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති. හන්තාන සිසාරා යන නොනැවතෙන විසිල් හඬකි. දණ්ඩක් අතින් ගත් ආරක්ෂකයෙකු පෙම්වතුන් […]

  • වඩ වඩාත් දුප්පත් වන්නේ කවුරුන් ද? වඩ වඩාත් පොහොසත් වන්නේ කවුරුන් ද? – ජොනතන් පවර් Read more >

    වඩ වඩාත් දුප්පත් වන්නේ කවුරුන් ද? වඩ වඩාත් පොහොසත් වන්නේ කවුරුන් ද? – ජොනතන් පවර්

    කෙනෙකුට ජීවත් වීමට වඩාත් යෝග්‍ය රටවල් කවරේද යන්න ඇස්තමේන්තු කෙරෙන විවිධ සමීක්ෂණ වාර්තා නිතර නිකුත් වෙයි. ස්කැන්ඩිනේවියානු රටවල් වශයෙන් හැඳින්වෙන, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් සමග, ඕලන්දය සහ ස්විට්සර්ලන්තය එහිදී පෙරමුණට එයි. ජීවනයේ හුදු ස්ථාවරත්වය සහ සුරක්ෂාව සම්බන්ධයෙන් අංක එකට ගැනෙන්නේ ස්වීඩනයයි. ඩෙන්මාර්කය, ජීවත් වීමට වඩාත් ප්‍රියමනාප රට වශයෙන් සැලකේ. ඉහළම දීර්ඝායුෂ […]

  • මගහැරී ගිය අවස්ථා පිළිබඳ අන්දරය:  සමාජ ප්‍රගතිය මධ්‍යයේ සිදු වූ 71 වසරක ආර්ථික මන්දගාමීත්වය Read more >

    මගහැරී ගිය අවස්ථා පිළිබඳ අන්දරය: සමාජ ප්‍රගතිය මධ්‍යයේ සිදු වූ 71 වසරක ආර්ථික මන්දගාමීත්වය

    නිමල් සඳරත්න. නිදහස ලබා 71 වසරක් ගත වන මේ අවස්ථාවේ, එදා මෙදා තුර ලබා ඇති අපේ ආර්ථික කාර්යසාධනය සෑහීමකට පත්විය හැකි තත්වයක නැත. නිදහස ලබා ගත් මොහොතේ අප සතුව පැවති ශක්‍යතාවන් සහ අපේක්ෂාවන් සමග සසඳන විට එය ඇත්තේ ඉතා පහළ අඩියක ය. ඒ වූ කලී, මගහැරී ගිය අවස්ථාවන් පිළිබඳ කතාන්තරයකි. එසේ වතුදු, නිදහසෙන් පසු අප […]

  • සිරිසේන අභියාචනාධිකරණයේ සභාපති පත්කිරිම පමා කිරීමෙන් ව්‍යවස්ථා අවුලක්!  Read more >

    සිරිසේන අභියාචනාධිකරණයේ සභාපති පත්කිරිම පමා කිරීමෙන් ව්‍යවස්ථා අවුලක්! 

    අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීම පමා කිරීම නිසා ඇති වී තිඛෙන ව්‍යවස්ථාමය අවුල ගැන ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය බලවත් කණස්සල්ලට පත්ව සිටී. විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියාපරිපාටිය, ව්‍යවස්ථාවේ ලිඛිත අර්ථයත්, ආත්මීය අර්ථයත් ආරක්ෂා වන පරිද්දෙන් අනුගමනය කළ යුතුව තිබේ. එසේ තිබියදී, මේ සිද්ධ වෙන පමාව ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය සලකන්නේ, විධායකයේ හිතුමතේට 19 වැනි ව්‍යවස්ථා […]

  • ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2) Read more >

    ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2)

    ජායාරූපය:  ගෝඨාභය රාජපක්ෂ මේ ජාවාරම සාධාරණ කිරීමට කිවේ බොරුය. විශේෂ ලේඛකයෙකු විසිනි. මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් සති දෙකකට පසු, ‘යුක්රින්මෑෂ්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඩී. ඒ. පෙරෙගුඩෝව් අපේ ගුවන් […]

  • ජවිපෙ නායකයින් ‌තොත්ත බබාලා කරන ‘ගින්නෙන් උපන් සීතල’ – සමල් විමුක්ති හේමචන්ද්‍ර Read more >

    ජවිපෙ නායකයින් ‌තොත්ත බබාලා කරන ‘ගින්නෙන් උපන් සීතල’ – සමල් විමුක්ති හේමචන්ද්‍ර

    ජයාරූපය: ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ සටන්පාඨයක්. මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව ආවේ බොහොම අසන්තෘශ්ටියට පත් හැගීමකි. මන්ද මීට වඩා ලොකු දෙයක් එමගින් මම බලාපොරොත්තු වු බැවිනි. ඒ ගැන කීමට පෙර සදහන් කල යුතු කාරණය වන්නේ විජේවීර ප්‍රතිබුද්ධිමය කතිකාවක් වෙනුවෙන් තිබු පෙලඹවීමයි. ඒය චිත්‍රපටය හරහා නිරුපනය වන්නේ ඒ අසීරු කාලවකවානුවේ ඔහු දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පොතක් ලිවීමයි. […]

  • ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (1) Read more >

    ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (1)

    විශේෂ ලේඛකයෙකු විසිනි. 2006 දී ඇති කර ගත් සැක කටයුතු අවි ජාවාරමක් තුළ පැවති රාජපක්ෂලාගේ අපසහායකත්වය පිළිබඳ අලුත් සාක්ෂි මතුවෙමින් පවතින තත්වයක් තුළ, මතභේදාත්මක ‘මිග් යානා ජාවාරම’ යළි මහජන අවධානයට ලක්ව තිබේ. ඒ සමගම මේ සිද්ධියේ සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසං කිරීමට රාජපක්ෂලා ගත් අපකීර්තිමත් ප්‍රයත්නයන් ගැන තොරතුරුත් දැන් කරලියට පැමිණෙයි. 2006 දෙසැම්බර් මාසයේ මේ ගැන […]

  • ජනපති සිරිසේනගේ දේශපාලන අවසානය තීන්දුයි. රාජපක්ෂ අහක බලයි. Read more >

    ජනපති සිරිසේනගේ දේශපාලන අවසානය තීන්දුයි. රාජපක්ෂ අහක බලයි.

    (අලුත්ම සන්ධානයක් ගැන යළිත් කතා – සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු විසිනි) මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව වියැකී ගොස් තිබේ. දෙපාර්ශවය අතර මැතිවරණමය වශයෙන් සන්ධානයක් තනා ගැනීමට තිබූ අවස්ථාව ද ගතවූ සතියේ වාෂ්ප වී ගියේ […]

  • ශ්‍රී ලංකාවේ ණය-බර නිදහස  – දිනේෂ් වීරක්කොඩි Read more >

    ශ්‍රී ලංකාවේ ණය-බර නිදහස – දිනේෂ් වීරක්කොඩි

    ලබන පෙබරවාරි 4 වැනි දාට බි්‍රතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය. ශ්‍රී ලංකාවේ වර්තමාන වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87 කි. එය, සංඛ්‍යා ලේඛනවලින් කියැවෙනවාට වඩා විශාල ආර්ථිකයකි. කෙසේ වෙතත්, ඒ ඩොලර් බිලියන 87 ආර්ථිකය පවා, දරා ගත නොහැකි ණය බරකින් පෙළෙයි. 2019-2022 අතර කාලය තුළ අප ආපසු ගෙවීමට […]

  • යල් පැන ගිය ‌දේශපාලනික සහ ආර්ථික දෘෂ්ටිවාද Read more >

    යල් පැන ගිය ‌දේශපාලනික සහ ආර්ථික දෘෂ්ටිවාද

      දේශපාලන පක්ෂවල ඇති දේශපාලනික දෘෂ්ටිවාදයන් කවරේ ද? හංසයා (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ පවතින එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය වැනි ඒකරාශීවීම් පෙනී සිටින්නේ කුමන දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ද? දේශපාලනික සීමා මායිම් බොඳ වී යාම එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකෙන්නේ වඩාත් වමට බර, පෞද්ගලික අංශය සහ […]

  • සිරිසේනගේ ඒකාධිපති වියරුව නොහොත් පණ්ඩිතයා පා නොතබන පොළොවෙහි මෝඩයා උඩ පැන නැටීම.- Read more >

    සිරිසේනගේ ඒකාධිපති වියරුව නොහොත් පණ්ඩිතයා පා නොතබන පොළොවෙහි මෝඩයා උඩ පැන නැටීම.-

    ජායාරූපය: පිලිපීන ජනාධිපතිගේ නිල සහ නිල නොවන මිනීමරු කල්ලි අසරණ මිනිසුන් දස දහස් ගණනක් බල්ලන් බළලුන් මෙන් පාරවල්වල මරාදමති. ( පිලීපීන් ස්ටාර්) අහම්බයකින් ජනාධිපතිවරයා බවට පත්වීමට අවස්ථාව ලද සිරිසේන තමන්ට බලය ලබාගැනීම සමග ඔහුගේ හිස බලය නිසා තෝන්තු කරගත් බව දිනෙන් දින පෙන්නුම් කරයි. ඔහු මුලින්ම තමනට බලය ලබා දීමට මුල් වූ මිනිසුන්ට එරෙහිව, ඔහු එදා […]

  • එක්සත් ජාතික පක්ෂයේ විස්මිත ස්වයං-තෘප්තිය සහ  ආණ්ඩුවේ කටයුතු ගැන සිරිසේනගේ නරුම නොතැකීම Read more >

    එක්සත් ජාතික පක්ෂයේ විස්මිත ස්වයං-තෘප්තිය සහ ආණ්ඩුවේ කටයුතු ගැන සිරිසේනගේ නරුම නොතැකීම

    රසික ජයකොඩි. මේ මාසයේ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ස්වකීය නියෝජිත පිරිස වශයෙන් ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් රැගෙන යාමෙන් එක්සත් ජාතික පක්ෂය වෙත නිකුත් කළ පණිවිඩය ප්‍රබල ය. බදු ගෙවන්නන්ගේ වියදමින් ඒ සංචාරය තුළ ජොලියක් ගත් පිරිස වුණේ, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ලක්ෂ්මන් පෙරේරා, අංගජන් රාමනාදන් සහ […]

  • ගින්නෙන් උපන් සීතල: විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමක්-  කසුන් චන්ද්‍රනාත් පතිරණ Read more >

    ගින්නෙන් උපන් සීතල: විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමක්- කසුන් චන්ද්‍රනාත් පතිරණ

    ජායාරුපය: ජවිපෙ ගත් ප්‍රථම බිල්ල – ශිෂ්‍ය නායක දයා පතිරණ. අටෝරාසියක් වැඩ රාජකාරි විසින් කල් දමනු ලැබූ “ගින්නෙන් උපන් සීතල” නැරඹීමට ඉස්පාසුවක් ලද්දේ අද ය. චිත්‍රපටයේ විශිෂ්ඨත්වය පිළිබදව විචාර සටහන් කිහිපයක්ම කලින් කියවා තිබුනු නිසා තරංගණියට ගොඩ වැදුනේ බලාපොරොත්තු සහගතව ය. සමස්ථ චිත්‍රපටයම දෝලනය වන්නේ විජේවීරගේ විප්ලවවාදී දේශපාලනය හා සාම්ප්‍රදායික පවුල වටා ය. මින් විජේවීරගේ […]

  • ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඇත්තට පිටුපා බොරුවට පණදීම – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා Read more >

    ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඇත්තට පිටුපා බොරුවට පණදීම – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

    ජායාරූපය: 2017 අගොස්තු 15 දින පැවැති මහජන රැළියේ ප්‍රධාන ඉලිලීමක් වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයයි. ( c) සුනන්ද දේශප්‍රිය. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හැඩරුව කෙසේවිය යුතුද යන්න පිළිබඳ කරුණු අන්තර්ගත වාර්තාවක් ජනවාරි 11 දින පාර්ලිමේන්තුවේ සලකා බැලීම සඳහා අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ ප්‍රාරම්භක වාක්‍යයේ සඳහන් වන ආකාරයට එය වූ කලී, ‘අන්තර්වාර වාර්තාව, […]

  • ගින්නෙන් උපන් සීතලේ විජේවීර විනිවිද දැකීම – ගාමිණී වේරගම Read more >

    ගින්නෙන් උපන් සීතලේ විජේවීර විනිවිද දැකීම – ගාමිණී වේරගම

    අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණ කාර්යය ඉතා අසීරු වූවකි. මෑත ඉතිහාසයට අයත්, මෙරට සමාජ දේශපාලන දේහය කෙරේ තීරණාත්මක බලපෑමක් කළ දේශපාලන නායකයකුගේ චරිතාපදානයේ හරස්කඩක් ප්‍රතිනිර්මාණය දුෂ්කර කාර්යයක් වන්නේ සාධක කිහිපයක් නිසාය. රෝහණ වීජේවීර චරිතය පිළිබඳ කියැවීම් රාශියකි. ඔහු හා සම්බන්ධ පවුලේ සමීපතමයන්ගේ කියැවීම ඉන් එකකි. දේශපාලන ජීවිතයේ ආරම්භයේ උරෙනුර ගැටී සිටි සටන් සගයෝ සමහරෙක් තවමත් ජීවතුන් අතර […]

  • ගෝඨාභය ලෑස්තියි: ඒත්, ලංකාවත් ලෑස්ති ද? රාජන් පිලිප්ස් Read more >

    ගෝඨාභය ලෑස්තියි: ඒත්, ලංකාවත් ලෑස්ති ද? රාජන් පිලිප්ස්

    “මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි”- ඇරිස්ටෝටල් “මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි”- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී්‍. ජනතාව ලැහැස්ති නම්, තමා ජනාධිපති අපේක්ෂකයා වීමට ලැහැස්ති යැයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට තිබේ. ඊට නොදෙවෙනි වීමට මෙන් ඔහුගේ වැඩිමහල් අයියා චමල් රාජපක්ෂත්, “ගෝඨා ලෑස්ති නං, මාත් ලෑස්තියි” කියා තිබේ. මේවා හුදෙක් අසම්භාව්‍ය ප්‍රකාශනයන් ද, මුට්ටිය දැමීමේ […]

Back to Top