Sri Lanka Brief
නිර්මාණපුවත්ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (3)‍‍‍

ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (3)‍‍‍

by

ඇලෙක්ස් ටීසොන් Alex Tizon  විසිනි. පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය.

(නව යොවුන් වියේ සිට මහළු විය තෙක්ම ගෘහස්ත මෙහෙකාර සේවය පිනිස වහලියක් සේ තබා ගන්නා ලද පිලිපින ජාතික ස්ත්‍රියක සහ ඇගේ ජිවිතය පිළිබද මෙම සත්‍ය රචනාවෙහි කතෘ ඇමෙරිකානු – පිලිපීන ජාතික ඇලෙක්ස් ටීසොන් ය‍.  පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍ය වේදියකු වූ ඔහු Big Little Man: In Search of My Asian Self හි කර්තෘ ද වූ ඔහු 2017 මාර්තුවෙහිදී මිය ගියේය. මෙම දීර්ඝ ලිපිය මුල් වරට පළ වූයේ The Atlantic සඟරාවේ 2017 පූනි කලාපයේ ය. එය පළවීමටපෙර එම මාර්තු මාසයේ දී ඇලෙක්ස් ටයිසන් මිය ගියේ ය.)

ලෝලාගේ මව පමීනා 1973 දී මිය ගියේ ය. ඇයගේ පියා හිලරිඕ  1979දී මිය ගියේ ය. ඇයට ගෙදර යෑමට බලවත් උවමනාවක් විය. දෙවතාවෙහි දී ම මගේ මාපියෝ ‘කණගාටුයි’ කීහ. මුදල් නෑ; වෙලාවකුත් නෑ. දරුවන්ට ඇය නැතිව බැරිය. මගේ මාපියන්ද සිටියේ බියට පත්ව බව පසුව ඔවුහු මා සමඟ කීහ. ඇය ආපසු යෑමට උත්සාහ කළේ නම් ලෝලා පිළිබඳව බලධාරීන් දැනගන්නවා ඇත. එසේ වී නම් මා පියන් අනතුරට මුහුණ පා සමහර විට පිටුවාහල් කරන්නට පවා ඉඩ තිබුණි. ඔවුන්ට එම අවදානම ගන්නට පුලුවන්කමක් තිබුණේ නැත. ලෝලාගේ නීතිමය තත්වය තිබුණේ පිලිපීනයන් කියන පරිදි ටගො නන් ටගො නැත්නම් ටීඑන්ටී,  එනම් ‘ සැඟවී සිටින’ අයකු ලෙස ය. ඇය ටීඑන්ටී තත්වයේ ම විසි වසරක් ජීවත් වූවා ය.

ඡායාරූපය: 1976 දී ලෝලාට වසය 51ක් විය. මෙම ජායාරූපය ගැනීමට වසර කිහිපයකට පෙර ඇයගේ මව මිය ගියේය. වසර කිහිපයකට පසු ඇයගේ පියාද මිය ගියේ. දෙවතාවෙහිදීම ඇයට ගෙදර යෑමට හොදට ම අවශ්‍ය විය.

ඇගේ මාපියන් දෙදෙනාම මිය ගිය පසු ලෝලා මාස ගණනාවක්ම ගත කළේ  බුම්මාගෙන නිහඩව ය.  මගේ මාපියන් ඇයට සැරවර කළ කිසිම විටෙක ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. හිස පහත් කරගත්වනම ලෝලා ඇගේ වැඩ කළා ය.

මගේ පියා රැකියාවෙන් ඉල්ලා අස්වීමෙන් පසු අපි කුණාටු සහිත කාලයකට මුහුණ දුන්නෙමු. මව වඩා තීරණාත්මක වූ අතර මගේ දෙමාපියන් එකිනෙකා සමග අඩ දබර කර ගත්තා ය. ඔවුහු යළි යළි අපේ මුල් උදුරා දමමින් වාසය වෙනස් කළහ. සියැටල්වල සිට හොනලුලු කරා, යළි සියැටල් කරා එතැනින් නිරිතදිග බ්‍රෙනෙක්ස් කරා සහ අවසානයේදී ඔරගන්හි ට්‍රක් රථ නවත්වන 750 පමණ ජනගහණයකින් යුතු උමටිලා නගරයට. මේ සියළු මාරුවීම් අතර තුර අම්මා පැය 24ක වැඩ මුරයන්හි යෙදුණා ය. ප්‍රථමයෙන් ව්‍යෛ සහායකු ලෙස, අනතුරුව ආයම්මා කෙනෙකු ලෙස යනාදී ලෙසය. මේ අතරතුර තාත්තා දින ගණන්  ( ඒ ගැහැණුන් සමඟ කාලය ගෙවමින් බව අපි පසුව දැන ගත්තෙමු, ඔහු තව මොනවා කළේ දැයි කෙසේ දැන ගන්නද?) ගෙදර නෑවිත් සිටියේ ය. වරක් ගෙදර පැමිණි ඔහු කියා සිටියේ බැල්ක් ජැක් නැමැති කැසිනෝ සූදුවට ඔට්ටු තබා  අපේ නව ස්ටේෂන් වැගන් රථය පැරදුන බවයි.

මේ කාලයේ දින ගණන් නිවසේ සිටි එකම වැඩිහිටියා වූයේ ලෝලා පමණි. ඇය අපේ මාපියන් කවරදාකවත් දැන නොගත් පරිදි අපේ ජීවිතයන් හි ඇතුලාන්තය දැන ගත්තා ය. අපේ දෙමාපියන්ට කිසිදු දිනෙක එවැනි මානසික අවකාශයක් නොතිබූණි. අපි යහළු යෙහෙළියන් ගෙදර කැදවාගෙන ආවෙමු. අප පාසළ ගැනත් කොල්ලන් සහ කෙල්ලන් ගැනත් අපේ සිත්හි වූ සෑම දෙයක්ම ගැනත් කතා කරනු ඇය අසා සිටියා ය. අපේ කතාබහට සවන් දීම නිසා හය වැනි පන්තියේ සිට උසස් පාසළ දක්වා මා සිතෙහි ඇල්මක් ඇතිවූ සියළු ම කෙල්ලන්ගේ මුල් නම ඇයට කීමට හැකි විය.

 

මට වසය 15දී තාත්තා නොඑන්නම පවුල හැර ගියේ ය. මට එකළ එය විශ්වාස කිරීමට කැමැත්තක් තිබුණේ නැත. නමුත් ඇත්ත  නම් ඔහු එතෙකුදුත් ළමයින් වූ අප සහ විසි පස්වසරක විවාහයකට පසු මගේ මව ද අතහැර ගිය බව ය. මවට  වෛද්‍යවරියක ලෙස කටයුතු කිරීමට තවත් වසරක් ගතකළ යුතු විය. එමෙන් ම ඇයගේ විශේෂඥතාවය වූ අභ්‍යන්තර වෙදකම එතරම් ලාභ දායක එකක් නොවීය. තාත්තා දරුවන්ට නඩත්තු ගෙවූයේ නැත. එබැවින් මුදල් සෑම විටම දුෂ්කර විය.

දිනක් අම්මා හඩනු ඇසී ඇය සොයා විසිත්ත කාමරයට දිවගිය මා  ලෝලාගේ දෙඅත් අතර ඇය වැළපෙනු දුටුවෙමි. ලෝලා ඇයට මුදුව දොඩමින් සිටියා ය. ඒ ඇය අප ළමා කාලයේ මගේ සහෝදර සහෝදරයින් සහ මා සැනසූ අන්දමටම ය.  ටිකක් එහි රැදී සිටි මා, මව අපහසුතාවයකට හෝ ලෝලා තැතිගැන්මකට ලක්වනු ඇතැයි සිතා ආපසු මගේ කාමරයට ගියෙමි.

අම්මා වැඩට යාමට තරම් මානසික හයියක් පවත්වා ගත් නමුත් රැයෙහි ඇය ස්වයං දුක්ඛිත බවෙහි ගැලී ගියා ය. මේ කාලයේ ඇයගේ ලොකුම සහනය වූයේ ලෝලා ය. අම්මා කුඩා දේට පවා ඇයට සැරවැර කරන්නට වූ කළ ලෝලා වඩ වඩා ඇය ගැන සොයා බලන්නට වූවා ය.අම්මා කැමැති ම කෑම පිසූ ඇය ඇයගේ නිදින කාමරය විශේෂ උනන්දුවකින් සකස් කළා ය. මහ රැයෙහි ඔවුන් දෙදෙනා මුළුතැන්ගෙයි මේසයට වී සමීපව විටෙක නපුරු සිනාහඩ නගමින් විටෙක ඔහුගේ අවලන් ක්‍රියා ගැන කේන්ති ගනිමින්   තාත්තා ගැන කතා කියමින් සිටිනු මට දැක්ක හැකි විය. දරුවන් වූ අප රහසේ එන යනු ඔවුන් දෙදෙනාට හැඟුණේවත් නැත.

ඩූඩ්ස් සිවුරුහන්බාමින් සිටියේ ය. මිනිත්තුවක් තරම් යැයි හැඟුණූ මොහොතක් දෑස් පියාගත් මම ඔහුගේ සතුටු තනුවෙන් අවදි වීමි. ‘ තව පැය දෙකක් තියෙනවා’, ඔහු කීය මම මා පසෙක වූ ටොටේ  බෑගයේ ප්ලාස්ටික් පෙට්ටිය තිබෙන බව සහතික කර ගෙන ඉදිරියහි දිගහැරෙන මහ පාර දෙස බැලුවෙමි.  මැක් ආතර් මහා මාර්ගය. මම වේලාව බැලුවෙමි. ‘ හලෝ තව පැය දෙකයි කියලා කිව්වේ පැය දෙකකට පෙර නේද? යැයි කීවෙමි. ඩූඩ්ස් සිවුරුහන් බෑවා පමණි.

මගේ ගමනෙහි අරමුණ ගැන කිසිවක් ඔහු නොදැන සිටීම සහනයක් විය. මගේ සිත තුළ ඇතිතරම් වාද විවාද ඇතිවෙමින් තිබුණි. මා මාගේ මා පියන්ට වඩා යහපත් නැත. ලෝලා නිදහස් කිරීමට, ඇයගේ ජීවිතය යහපත් කිරීමට  මට බොහෝ දේ කළ හැකිව තිබුණි.  මා ඒ නොකළේ මන්ද? මට මාගේ මාපියන්ට එරෙහි වන්නට තිබුණි. මට අපේ පවුල එක මොහොතකින් පුපුරුවා හරින්නට තිබුණි. එ් වෙනුවට මා සහ සහෝදර සහෝදරියන් කළේ එකවරම මගේ පවුල පුපරුවා හරින්නේ නැතිව සෑම දෙයක්ම රහසිගතව අප අතරම තබා ගැනීම පමණි. පවුල  කැඩී ගියේ සෙමිනි.

ඩූඩ්ස් සහ මා දර්ශනීය ගැමි පෙදෙස් පසුකරමින් ගියෙමු. ඒ වනාහී සංචාරක පත්‍රිකාවන්හි ඇති අලංකාරය නොව සැබෑ සහ සජීවී නගරයට සාපේක්ෂකව ඒක දිගට පැතිර තිබූ භූමිය යි. අධිවේගී මාවත දෙපසින් ම කඳුරකය ද දිව ගියේ ය. නැගෙනහිරට සම්බලාස් කදුකරය යි. බටහිරට සියරා මද්රේ කදු යාය යි.  බෑවුමෙන් බෑවුමට හරිත වර්ණයෙහි සෑම පාටකම සිට කලු පැහැය දක්වාම දර්ශනය විය.

ඈත පෙනෙන සෙවැනැල්ලක් වැනි සිමාවක් ඩූඩ්ස් පෙන්වීය. ඒ පිනතුබෝ කඳුකරය යි. 20 වන ශතවර්ශයෙ හි සිදුවූ දෙවන විශාලතම පිපිරීම බවට පත් වෙමින්  1991 දී එය පුපුරා ගිය අවස්ථාවෙහි එය වාර්තා කිරීම පිනිස මම මෙහි පැමිණියෙමි. ලාවා නම් ලෝදිය පුරාණ ගම්මාන වළ දමමින්, ගංගා සහ සානු පුරවාලමින්, සමස්ත ජීව පද්දතීන් අතුගා දමමින්  පුපුරා ගිය ගිනි කන්ද දශකයකට වඩා කාලයක් වැගිරුණි. එම ලෝදිය ලෝලාගේ මාපියන් ජීවිත කාලය ම ගත කලාවූත් ලෝලා සහ මගේ මව කළක් ජීවත්ව තිබුණාවූත් තාලැක් ප්‍රාන්තය පා මුලට ම ගලා ආවේ ය. යුද්ද සහ ගංවතුර විසින් නැතිව ගොස් තිබූ අපේ පවුලේ වාර්තා දැන් අඩි 20ක ලෝදිය මඩට යටව ගියේ ය.

මෙහි ජීවිතය  නිතිපතා පැමිණි ව්‍යසනයන්ගෙන් පිරී තිබේ. වසරකට කිහිප වතාවක්ම මරණීය සුලං කුණාටු පැමිණියේ ය. මංකොල්ලකාරී කැරලි අවසානයක් නොවීය. නිදා සිටි කදු දිනෙක අවධි වීමට තීරණය කළේය. පිලිපීනය යනු ව්‍යසනයන් ඒ රටවල විශාලත්වය විසින් උරා ගන්නා චීනය සහ බ්‍රසීලය වැනි රටක් නොවේ. මේ වනාහී සාගරයෙහි විසිරුණූ ගල් කඳු වලින් සැදුණූ ජාතියකි. ඛේදවාචකයක් විසින් පහර දුන්කළ එය එය කළකට ගිලී යයි. අනතුරව යළි මතුව ජීවිතය ඉදිරියට යයි. එසේ වතුදු දැන් ඩූඩ්ස් හා මා  ඒ හරහා පදවාගෙන යන්නා වැනි දර්ශණයන් මගින් කියා සිටින්නේ මෙපෙදෙස තවමත් ස්වභාව ධර්මය විසින් ම අලංකාරවත් කරන බවයි.

මගේ මාපියන් වෙන් වී වසර ගණනාවකට පසු මගේ මව යළී විවාහයක් කර ගත්තා ය‍. අනතුරුව ඇය සිය නව පුරුෂයාට ද භක්තිමත්වන සේ ලෝලාට අණ කළා ය. ඔහු ඉවාන් නම් ක්‍රෝඒ්ෂියානු සංක්‍රමණිකයකු විය. ඇය ඔහු මුණ ගැසී තිබුණේ වෙනත් මතරුයක හරහා ය. ඉවාන් උසස් පාසල් අධ්‍යාපනය අවසන් කර තිබුණේ නැත. සිව් වතාවක් විවාහ වි තිබූ සූදු අන්තුවකු වූ ඔහු මගේ මව සහ ලෝලා විසින් සාත්තු සප්පායම් කිරීමෙන් සතුටු වූවේ ය.

ඉවාන් මා කවරදාකවත් දැක නොතිබූ ලෝලාගේ චරිත ලක්ෂණයක් මතු කිරිමට සමත්විය. මගේ මව හා කෙරුණු ඔහුගේ විවාහය මුල සිටම අඩදබරයක්ව තිබුණි. ඊට ප්‍රධානම හේතුව වූ තිබුණේ මුදල් ය. ඒනම් මගේ මවගේ මුදල් ඔහු විසින් පාචිච්චි කිරීම ය.  වරක් තර්ක විතර්කයකදී මගේ මව හඩන අතර ඉවාන් යටි උගරෙන් කෑ ගසමින් සිටයේ ය.  එතැනට ගිය ලෝලා ඔවුන් දෙදෙනා මැද සිට ගත්තා ය. ඉවාන් දෙසට හැරී තදින් ඔහුගේ නම කීවා ය. ඔහු ලෝලා දෙස බලා ඇහි පිල්ලම් ගසා වාඩි වුවේ ය.

මගේ නංගී ඉන්දේ සහ මා ගොලු වීය. ඉවාන් රත්තල් 250 බරය. ඔහුගේ කෑ ගැසීමෙන් බිත්ති පවා දෙදරයි. ලෝලා ඔහුට නිසි තැන කියා දුන්න‌ේ ඒක වචනයකිනි. මෙම සිදුවනු මම අවස්ථා ගණනාවකදී ම දැක ඇත්තේමි. එසේ නමුත් සෑම විටම වාගේ ලෝලා, මගේ මවට අවශ්‍ය වූ පරිදි ඉවාන්ට ද සේවය කළා ය. ලෝලා තවත් පුද්ගලයකු යටතට, විශේෂයෙන්ම ඉවාන් වැන්නකු පත්වනු බලා සිටීම මට ඉතා දුෂ්කර විය. එසේ නමුත් මව සමඟ මගේ දබරය සඳහා පාර කැපුනේ එදිනෙදා කාරණයක් උඩය.

ලෝලා අසනීප වන සෑම විටම ඇය කේන්ති ගැනීමට පුරුදුව සිටියා ය. ඇය   ගේ දොර කටයුතු අවුල්වීම පාලනය කිරීමටත් සහ මුදල් වැය කිරීමත්  අකමැති විය. ඇය බොරු ලෙඩ ගන්නේ යැයි කියා හෝ පරිස්සම් නොවන්නේ යැයි කියා ලෝලාට බැණ වැදුණ ය. 70 ගණන් අගභාගයේදී ලෝලාගේ දත් වැටෙන්නට පටන් ගත්කළ ඇය පරිස්සම් නොවී යැයි බැණ වැදුණි. සිය මුඛය වේදනා ගෙන දෙන බව ලෝලා මාස ගණනාවක්ම කියමින් සිට තිබුණි.

‘ ඒ්ක තමයි වෙන්නේ උඹ හරියට දත් මදින්නේ නැති කොට’ යැයි අම්මා ඇයට කීවා ය.

ලෝලා දන්ත වෛද්‍යවරයකු මහමුවට යැවිය යුතුයැයි මම කීවෙමි. ඇය ඒ වනවිටත් පනස්වැනි වියෙහි පසුවුවද කවදාකවත් දන්ත වෛද්‍යවරයකු හමුවට ගොස් නොතිබුණි. මම පැයක දුරක පිහිටි උසස් පාසළක ඉගෙනුම ලබමින් සිටි අතර නිරන්තරයෙන් ගෙදර ආ අවස්ථාවන්හිදි මෙම නැවත නැවත මතු කළෙමි.වසරක් ගතවිය. දෙකක්ම ගතවිය‍. ලෝලා වේදනාව නසනු පිනිස දිනපතා ඇස්ප්‍රින් ගත්තා ය. ඇගේ දත් කඩා වැටෙන ගල් වැටියක් බදු විය. එක් රැයකදී ඇය තවමත් දත් ටිකක් හයියට තිබූ කටේ එකපැත්තකින් පමනක් පාන් විකනු දැක මගේ ඉවසීම නැතිව ගියේ ය.

මහ රූ වනතුරු මම අම්මා සමඟ වාද කළෙමි. අප දෙදෙනාම වරින්වර කඳුළු සැලුවෙමු. හැම දෙනාම වෙනුවෙන් ඇගිලි ගෙවී යන තුරු වැඩකර ඇයට එපා වී ඇතැයි ද ඇගේ දරුවන් ලෝලාගේ පැත්ත ගැනීම නිසා ජීවිතය තිත්ත වී ඇතැයි ද  ඇය කීවා ය. මහ ලොකු ලෝලා අප අරගෙන යන්නේ නැත්තේ මන්දැයි ඇසුවා ය. ඇයට කවදාවත් ලෝලා ඕනැ වූයේ නැත. තමා, මා වැනි අහංකාර බකතපස් බොරුකාරයකුට උපත දුන්නේ ඇයි දැයි දෙවියන්ගෙන් ඇසුවා ය.

මම ඇගේ වචන කිදා බැසීමට හැරියෙමි. පසුව ගොස් හෙරක්වීම ගැන හොදටම දන්නේ ඇය බවත් ඇයගෙ මුළු ජීවිතයම වෙස් ගැන්වීමක් බවත්  කීවෙමි. තමන් ගැන දුක්වීම මදකට නවතා බැලුවහොත් ලෝලාගේ මහලොකු දත් දිරා ඇති නිසාත් ඒවා මහලොකු ඔලුවෙන් බිමට වැටෙන්න වන නිසාත් ඇයට කන්න බැරි බව දැක ගැත හැති බව කීවෙමි. ඇය තමනට සේවය කිරීම තබා ගෙන සිටින වහලියක් ලෙස සිතනවාට වඩා සැබෑ ගැහැණියක ලෙස සිතන්නට බැරි දැයි ඇසිමි.

‘ වහලියක්” අම්මා අගේ වචන බර කරම්න් කීවා ය. ‘ වහලියක්?

රාත්‍රිය අවසන් වූයේ මා කිසි දිනෙක ලෝලා සමඟ අගේ ඇති සබඳතාවය තේරුම්නෙගෙනු ඇතැයි අම්මා කළ ප්‍රකාශය සමඟ ය. ඇගේ හඩ ගොරෝසු සහ වේදනාබර වී ද යත් වසර බොහෝ ගණනාවකට පසුත් මට තවමත් බඩතුරෙහි කෙන්තිමත් හැඟීමක් දැනේ්‍. තමාගේ මවට වෛර කිරීම දරුණකමකි. එනමුත් ඒ රැයෙහි මම එය කළෙමි. ඇගේ ඇස්වල පෙනුමින් කියැවුණේ ඇය තුළ ද මා ගැන එවැනිම හැගීමක් තිබූ බවයි.

ඒ ආරවුල විසින් ඇයගේ දරුවන් ලෝලා විසින් සොරාගෙන ඇතැයි යනුවෙන් මව තුල වූ බිය තවත් වැඩි කිරීමට හේතු විය. ඇය ඒ වෙනුවෙන් ලෝලාගෙන් පළිගත්තා ය. අම්මා ඇයගෙන් වඩ වඩා වැඩ ගනිමින් ‘ දැන් උඹේ දරුවන් මට වෛර කරන එකට උඹ සතුටු ඇති’ යැයි කියමින් ඇය වධයට පත් කළා ය. අප ගෙදර වැඩවලට ලෝලාට  උදව් කරන විට ඇය කේන්තියට පත් විය.’ ලෝලා දැන් උඹට නිදා ගන්න යන්න පුලුවන්.’ යැයි ඇය උපහාසයෙන් කීවා ය. ‘ උඹ හුඟක් මහන්සි වෙලානෙ ඉන්නේ. උමේ දරුවන් උඹ ගැන දුකයි’ .  ඉන් පසු ලෝලා අයගේ කාමරයට ගෙන ගොස් කියවයි. ලෝලා එලියට එන්නේ ඉදිමුණූ ඇස් ඇතිව ය.

අන්තිමේ දී ඇයට උදව් කරන්නට උත්සාහ නොගන්නැයි ලෝලා අපට බැගෑපත් වූවා ය.

‘ඔබ ඇයි එහෙම කියන්නේ?’ අපි ඇසුවෙමු.

එතකොට කව්ද උයන්නේ?’ යැයි ඇය ඇසුවා ය. මා එය තේරුම් ගත්තේ ‘ එතකොට කව්ද හැම වැඩක්ම කරන්නේ? ඔබ ගැන බලන්නේ කව්ද? මව ගැනත්?’ යන ලෙසිනි. තවත් විටෙක ඇය මෙසේ කීවා ය. ‘ මං කොහේ යන්නද?’ ඇත්තම උත්තරය තිබුනේ එහි බව මට වැටහුණි. ඇමෙරිකාවට පැමිණීම අන්ත හදිසියක් විය. අප එහෙ මෙහෙ බලන්නත් පෙර දශකයක්ම ගෙවී ගියේ ය. අප අනෙත් පැත්ත බලන වට දෙවැනි දශකය අවසන් වෙමින් තිබුණි. ලෝලාගේ හිස කෙස් සුදු පැහැ ගැන්වී තිබුණි. පොරොන්දු වූ මුල්‍ය සහාය නොලද ගමේ ඥාතීහු ඇයට කුමක්වී දැයි විපිලිසරවන්නට පටන් ගෙන තිබූ බව ඇයට දැන ගන්නට ලැබුණි. ඇය අාපසු යාමට ලැජ්ජා විය.

හතරවන ‌‌කොටස 15වන සඳුදා බලාපොරොත්තු වන්න.

පළමු කොටස

දෙවන කොටස

Back to Top