Sri Lanka Brief
පුවත්විවරණශක්තික ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්ණයක් ලෙස- ක්‍රිශාන් රාජපක්ෂ  

ශක්තික ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්ණයක් ලෙස- ක්‍රිශාන් රාජපක්ෂ  

by

දරැණු ගණයේ බෙදීමටකට සහ මුලු සමාජයම යුධ මානසිකත්වයක ඔසවා තැබූ වර්ගවාදී ජනසංහාරක යුද්ධයකින් පසුව හෝ රටක් අවම වශයෙන් යුක්තිගරැක නොවීමේ පලවිපාක අදවන විට ලංකා සමාජය අත්විදිමින් සිටී. ලංකා ආන්ඩුව විසින් ගෙන ගිය ජනසංහාරක යුද්ධය විරැද්ධ වූ සියල්ලෝ දේශදෝහීන් වූ අතර යුද්ධ සමග පෙළට සිටගත්තවුන් දේශප්‍රේමීන් විය. මේ බෙදීම් රේඛා දෙස මදක් විමසිලිමත්ව බැලීම අද ඇතිවී තිබෙන ආගමික සහ ජාතික ස්වෝත්තම මත පදනම් වී ඇති විකාර රෑප සමාජ තත්ත්වය තේරැම් ගැනීමට උදව වේ. සෑම ගණයේ යුද්ධයක්ම විනාශකාරී යුද්ධ වන අතර එයින් පසු ඇතිවන සමාජ තත්ත්වය කළමණාකරණ ගැනීමට දේශපාලන අධිකාරිය අසමත්වන්නේ යම් සේද, එය තවත් යුද්ධයකට අතවැනීමකි. අද වන විට ලංකාව මුහුණු දී ඇත්තේ එවැනි තත්ත්වයකටය.

ශක්තික  ප්‍රශ්ණයට පෙර

2008 වසරේ මැද භාගය දෙමළ ජනසංහාර යුද්ධයේ බිහිසුණුම අවදියයි. දෙමළ නොවන සෑම කෙනෙකුම විශේෂයෙන්ම දකුනේ නිළ නොවන හමුදා බුද්ධ අංශ බවට පත්වී සිටි යුගයයි. තමන් නොහදුන සියලු දෙනා දෙමළ කොටි සාමාජිකයෙකු විය හැකි යැයි සැක කල යුගයයි.

කුරැණෑගල සිට කොළඹ දක්වා හැල්මේ දුවන බස්රථයකි. බස් රථය කුරැණෑගලින් ආරම්භකර යන්තම් පැයක් ගතවන්නට ඇත. මා සිටියේ නින්දත් නොනින්දත් අතර සිතුවිලි ලෝකයකය. යන්තමින් පසුපසින් නැගෙන කසු කුසුවක් මගේ අවදානය යොමු විය. සෙමින් ඒ කසුකුසුව තර්ජනාත්මක හඩවල් බවට පත්වන්නට වැඩි වෙලාවක් ගත නොවීය. හේතුව පසුපස ආසනයේ ඉදගෙන සිටි තරැණියකි.

ඇය දෙමළ විය හැකි යැයි අසල ආසන වල පිරිස අනුමාන කර එතැන් සිට නාටකය දියත් විය.

මේ ඒ නාටකයේ තීර්ව සමයේ ඇසුණු දෙබස්ය.

// කවුද දන්නේ මේ බස් එක එක්කම පුපුර ගනීද කියලා //

// ඔය අත් දිහා හොදට බලාගෙන ඉන්න කොහොටද යන්නේ කියලා //

// අහිංසක මූණ පෙන්න ගෙන හිටියට මුන් තමා වැඩ දෙන්නේ මෙහෙ //

ඒ කිසිවක් ඒ තරැණියට තේරැණේ නැති බව ඇයගේ මුණුනෙන් පැහැදිලි විය.මුහුණේ වූ එකම හැගීම වූවේ භීතියකි. අවසානයේ නිට්ටඹුවට ආසන්නේ පොලීසිය අසල බස්රථය නතර විය. දේශප්‍රේමී ආරක්ෂකයන් හැල්මේ දිවගොස් පොලිස් නිළධාරීන් දෙදෙනක් එක්ව ඇවිත් ඇයව පරීක්ෂා කරන්නට විය. අදාළ පොලිස් නිළධාරීන් කිසිවෙකු දෙමළ හෝ ඉංග්‍රීසී භාෂා හැසිරවිය නොහැකි අතර ඔවුන්ගේ කැඩිච්ච ඉංග්‍රීසි භාෂාවේ උච්චාරණය ඇය තවත් භීතියට පත්කළ නිසදෝ අපි මැදිහත් වී ඇය සමග කථා කලෙමු. ඇය කොළඹ වෛද්‍ය පීඨයේ අවසාන වසරේ ශිෂ්‍යාවක් වූ අතර ඇය සතු ජාතික හැදුනම් පත් සහ ශිෂ්‍ය හැදුනුම් පත ඉදිරිපත් කළ පසු පොලීසිය සෑහීමකට පත්වූවද ඊනියා දේශප්‍රේමින් සැහීමකට පත් නොවීය. අවසානයේ ඇයද කැටිව අප වෙනත් බස් රථයකට ගොඩ වන විට අප සියලු දෙනා දෙමළ කොටින් වී හමාරය.

මේ සිදුවීම එකළ මා සලිත කළ සිදුවීමක් වුයේ සමාජය ගමන් කර තිබූ ආන්තික දිසානතිය සම්බන්ධවෙන් එය ඉගියක් සපයන නිසාය එසේම යුද්ධය සහ එහි දේශපාලන අධිකාරිය විසින් සමාජය ගැඹුරැ මිලිටරිකරණයකට ලක්කොට ඇති ආකාරයයි.

යුද්දේ නැතිව පාලුයි

යුද්ධ විසින් සිංහල බෞද්ධ ජනසමාජය හැසිරවූයේ භීතිය මත පදනම්වය. එනම් උතුරේ දෙමළ විමුක්ති අරගලය උවමනා සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කර රට අත්පත් කරගැනීමට බවයි. විශේෂයෙන්ම රාජපක්ෂ සමය තුළ යුද්ධය වැඩියෙම් ස්ථාන ගත කරනු ලැබුවේ දකුණේ මොළ තුළය. අප කැමති හෝ අකමැති ලෙස යුද්ධය අවසන් වීමත් සමගම ඒ මොළ තුළ හොල්මන් කලේ ඊළගට රකුසා කුමක්ද යන්නයි. එතැන් සිට එළබුණු සමය යුද්දේ නැතිව පාලු සමයකි. බුද්ධාගම රැකීම ආදී එකී නොකී විකාර සියල්ල අද අප දකින පැමිනේනේ ඉහතින් කී පාලු සමයේ පාලු කැපීමටය.

ශක්තික ප්‍රශ්ණය

තමන්ගේ චින්තනමය අයිතිය සෑම මිනිසෙකුට සතු මූලික අයිතිවාසිකමකි. විශේෂයෙන්ම ලේඛකයෙකගේ නිර්මාණශීලී  පරිකල්පනී චින්තනයමට අයිතිය පාලනය කිරීමට නීති දැමීමට කිසිදු අධිකාරියකට බලයක් නොමැත. එකී නිර්මාණයන් සම්බන්ධයෙන් අප විශ්වාස කරන දැනුම්වලට අදාළව වාද විවාද සහ විවධාකර ස්ථානයන් ගත හැකිය. සමාජයක පරිකල්පනීය කලාපය පුළුල් වන්නේ එකී මත ගැටීම් වලිනි.

කිසිවෙකු හෝ එකී නිර්මාණශීලී පරිකල්පන අයිතිය කප්පාදු කිරීමට සූදානම් වන්නද එය මූලික නිදිහස පිළිබද ගැටලුවකි. ලේඛක සත්තික, බෞද්ධාගමට පරිබවකලා යැයි කියමින් සිරගත කර සිටීම ඔහුගේ හුදු ප්‍රශ්ණයක් නොව ලංකා සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්ණයි.

එය අන්තවාදී බෞද්ධ කොටස් විසින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තම අණසකට නතුකර ගැනීමකි. එසේම ඒ සදහා භාවිත කර ඇති නීති දෙස බැලීමේදි තත්ත්වය ලංකා සමාජය ගමන්කරමින් සිටින භයානක නව දිසානතියට ඉගිසපයයි. එසේම අන්තවාදී සහ වර්ගවාදී කොටස් සමග අධිකරණයද ඇතුළු අනෙතුත් ආරක්ෂක ආයතන මේ සිදුවීමේ දී ක්‍රියාකරන ආකාරය ලංකාවේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සෘජුව අනතුරට ලක්ව ඇති බව පැහැදිලිය.

විශේෂයෙන්ම දැනට ඊනියා නීති හරහා සිදුකරන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට කරන බලපෑම් නුදුරේම නිල නොවන මැර ජනතාව හරහා සිදුවිය හැක. වර්ගවාදී මහසෙන් බලකා අන්තවාදී  භික්ෂූන් සහ ඒකාධිපති රාජපක්ෂ සෙවැණැලි  මේ වන විට ලංකා සමාජය සංවිධානය කරමින් සිටින්නේ එතැනටය.

අනෙක් අතට ශක්තික  සිරගත කිරීම අනෙකුත් නිර්මාණකරැවන්ට අනතුරැ ඇගවීමක් වන අතරම එය ගමන් කරන්නේ ස්ව්‍යංවාරණයක් දෙසට. සිංහල බෞද්ධ අන්තවාදී කොටස් විසින් අපේක්ෂා කරන්නේ ද එවැනි තත්ත්වයකි.

එම නිසා ලේඛක ශක්තික  සිරගත කිරීම මේ මොහොතේ ලංකවේ සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබද ගැටලුවකි.  ඒ නිසාම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේම කොටසකි. එය කිසිවෙකුට බැහැර කළනොහැකි සත්‍යයක් වන්නේ අද දිනයේ අප ශක්තික  සිරගත කිරීම පරාජය නොකලහොත් ඒ අදුරැ සෙවැනළි අප සොයාද පැමිණෙන බවය.

ලංකා ඉතිහාසය අපට කියා දෙන පාඩම එයයි

15/06/2019

Back to Top