Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමුස්ලිම් විරෝධී ප්‍රහාර වැළැක්වීමට ‌පොලීසිය පියවර ‌නොගත් සැටි සහ වැ.බ. ‌පොලිස්පති සැකකරුවන් නිදහස් කළ හැටි -මානව හිමිකම් ‌‌කොමිසම

මුස්ලිම් විරෝධී ප්‍රහාර වැළැක්වීමට ‌පොලීසිය පියවර ‌නොගත් සැටි සහ වැ.බ. ‌පොලිස්පති සැකකරුවන් නිදහස් කළ හැටි -මානව හිමිකම් ‌‌කොමිසම

by

ඡායාරූපය: මුස්ලිම් විරෝධී ප්‍රහාරකයින් හිස්කළ ‌‌බෝතල ( විකල්ප)

පහරදීම්වලට පැය කිහිපයකට ප්‍රථමයෙන් ගම් වැසියන් විසින් 119, 118 දුරකථන අංක ඔස්සේ හෙට්ටිපොලකොස්වත්තකුලියාපිටිය සහ නිකවැරටිය පොලිස් ස්ථාන වෙත ආරක්ෂාව පතා දුරකථන ඇමතුම් ලබා දුන් බව වාර්තා වුන අතරඑවන් දැනුම් දීම් ලැබුනද කිසිම නිවාරණ පිලියමක් ක්‍රියාත්මක කර නැත.

පහරදීම්වලට පැය කිහිපයකට ප්‍රථමයෙන් ගම් වැසියන් විසින් 119, 118 දුරකථන අංක ඔස්සේ හෙට්ටිපොලකොස්වත්තකුලියාපිටිය සහ නිකවැරටිය පොලිස් ස්ථාන වෙත ආරක්ෂාව පතා දුරකථන ඇමතුම් ලබා දුන් බව වාර්තා වුන අතරඑවන් දැනුම් දීම් ලැබුනද කිසිම නිවාරණ පිලියමක් ක්‍රියාත්මක කර නැත.

ඇඳිරි නීතිය බලපවත්වන අතරතුර පවා මෙම කලහකාරී කණ්ඩායම් කොට්ටාරමුල්ල ප්‍රධාන මාර්ගයකුලියාපිටිය සහ මිණුවන්ගොඩ යන ප්‍රදේශවල එක්රැස් වී ඇති අතර එය වැලැක්වීම සඳහා පොලිස් නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට බොහෝ ගම් වැසියන් විසින් පැමිණිලි කරන ලදී.

එමෙන්මකරන්තිපොල කඩ සාප්පු හතරකට පහර දීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයේ රඳවා සිටි පුද්ගලයන් හතර දෙනෙක්ද කලහකාරී කණ්ඩායම්වල බල කිරීම මත මැයි මස 13 වන දින කුලියාපිටියේදී මුදා හැර ඇතඔවුන් මුදා හැරි වහාම එම කලහකාරී කණ්ඩායම විසින් ඇඳිරි නීතිය පවතින අවස්ථාවේම කුලියාපිටිය සිට රඹවැව දක්වා මුස්ලිම් කඩ සාප්පු වලට පහර දී ඇත.

එමෙන්මකොස්වත්ත පොලිසිය විසින්ද කොට්ටාරමුල්ල පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් හතර දෙනෙකු මැයි මස 15වන දින මුදා හැර ඇත. තමා එසේ කරන ලද්දේ වැඩ බලන පොලිස්පතිතුමන් වෙතින් ලත් නියෝගයක් මත බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරන ලදී.

සම්පුර්න ලිපිය පහත දැක්වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

2019.05.23

චන්දන වික්‍රමරත්න මහතා

වැඩ බලන පොලිස්පතිල පොලිස් මූලස්ථානයල කොළඹ 01

මහත්මයාණනි,

වයඹ පළාතෙහි, හලාවත දිස්ත්‍රික්කයෙහි සහ මිණුවන්ගොඩ නගරයේ මෑතකදී සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්දයෙනි.

ඉහත ප්‍රදේශයන්හි 2019 මැයි මස 12 සහ 13 වන දිනවල දියත් වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා වලින් අනතුරුව, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස මා සහ අනෙකුත් කොමසාරිස්වරුන්, එකී ප්‍රදේශවල මානව හිමිකම් අධීක්ෂණ චාරිකාවක නියැලී, ප්‍රදේශවාසීන්, ප්‍රජා නායකයින්, පොලිස් සහ හමුදා පිරිස් මුවුණෙමු.

එහිදී අප විසින් පහත ගැටළුමය තත්වයන් නිරීක්ෂණය කරන ලද අතර ඒ කෙරෙහි ඔබගේ මැදිහත් වීම අපේක්ෂා කරමු:

  1. අප්‍රේල් 21 වන දින සිදුවූ බිහිසුණු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රතිප්‍රචණ්ඩත්වයක් එල්ල වීමේ පැහැදිලි හැකියාවක් තිබුනද එවන් සිදුවීමක් වැලැක්වීම සඳහා කිසිදු පියවරක් ගෙන තිබුණු බවක් දක්නට ලැබුනේ නැත. මුස්ලිම් ප්‍රජාව වාසය කරන නගර සහ මුස්ලිම් ගම්මාන බහුල ප්‍රදේශයන් පහසුවෙන් හඳුනාගත හැක. එමෙන්ම බුද්ධි අංශ තොරතුරැ හරහා ප්‍රහාරයන් එල්ල වීමට නැඹුරුතාවයක් පෙන්වන ප්‍රදේශ මෙන්ම එවන් ප්‍රහාරයන් සඳහා සුදානම් වන ප්‍රදේශයන්ද හඳුනාගැනීමට හැකියාවක් ඇත. එහෙත් ප්‍රහාරයන්ට ප්‍රථම එවන් ප්‍රදේශ වලට ඇතුල් වන ස්ථාන අසල මාර්ග බාධක නොතිබුන අතර, පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හෝ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම ප්‍රදේශ වල සිටි බවක්ද පෙනෙන්නට නොතිබුණි. පොලිස් ස්ථානයට සහ හමුදා ස්ථානගතකිරීම් වලට යාබදව පිහිට ඇති මිණුවන්ගොඩ නගරයේ පවා මෙවන් නිවාරණ පිළියම් දක්නට නොලැබීම විශේෂයෙන්ම කැපී පෙනෙන තත්වයක් විය. පහරදීම්වලට පැය කිහිපයකට ප්‍රථමයෙන් ගම් වැසියන් විසින් 119, 118 දුරකථන අංක ඔස්සේ හෙට්ටිපොල, කොස්වත්ත, කුලියාපිටිය සහ නිකවැරටිය පොලිස් ස්ථාන වෙත ආරක්ෂාව පතා දුරකථන ඇමතුම් ලබා දුන් බව වාර්තා වුන අතර, එවන් දැනුම් දීම් ලැබුනද කිසිම නිවාරණ පිලියමක් ක්‍රියාත්මක කර නැත.

  1. ඇතැම් ගම්මාන වලට, උදාහරණයක් ලෙස හෙට්ටිපොල ගම්මානයට, පැය කිහිපයක්ම මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර එහි වැසියන්ට එම ප්‍රහාරයන් නැවත්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ හෝ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහාය ලැබී නැත. හෙට්ටිපොල, වට්ටකලි, තුම්මෝදර, මයිකුලම්, බණ්ඩාර කොස්වත්ත, කොට්ටම්පිටිය, මිණුවන්ගොඩ හා නිකවැරටිය මුස්ලිම් පල්ලීන්ද , කොට්ටාරමුල්ල ඇතුළු ඉහත ප්‍රදේශයන්හි වාසය කරන මුස්ලිම් වැසියන්ගේ නිවෙස්, වාහන, හා අනෙකුත් දේපලද තම සිතැඟි පරිදි නිදැල්ලේ විනාශ කිරීමට මෙම කලහකාරී කණ්ඩායම් හට අවකාශය සැලසී ඇත.

අනෙක් අතට, බණ්ඩාර කොස්වත්ත ප්‍රධාන මුස්ලිම් පල්ලියට කළහකාරීන් ප්‍රහාර එල්ල කර ඇත්තේ පොලිස් හා හමුදා පිරිස් ස්ථානගතව සිටියදීමය. පහරදීම් වලට ලක්විය හැකි හෙයින් ප්‍රධාන මාර්ගයෙන් ඉවත්වන ලෙස පොලිසිය විසින් ගම්වාසීන්ට දැනුම් දුන්නද, ගමට එල්ලවූ ප්‍රහාරයන් වළක්වාලීමට පොලිසිය අසමත්වී ඇත.

පසුදින, (මැයි මස 14) ප්‍රකාශ සටහන්කර ගැනීම පිණිස තනි පොලිස් නිලධාරියෙකු කොට්ටම්පිටියට පැමිණෙන ආකාරය අපගේ නිරීක්ෂණයට ලක් විය.

තර්ජනයට ලක්ව ඇති පුරවැසියන්ට තම ආරක්‍ෂාව තමන් විසින්ම සලසා ගැනීමට සිදුවීම, අවම වශයෙන් කිවහොත්, පිළිගත නොහැකි තත්වයක් ලෙස ඔබ හඳුනාගන්නවා ඇත.

අප විසින් නිරීක්ෂණ චාරිකාවල නියැළුන ගම්මානවලට එල්ල වු ප්‍රහාර ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පමණක් තනිව මැඩ පැවැත්විය හැකි ආකාරයේ ප්‍රහාර නොවන බව අප නිරීක්ෂණය කළෙමු. මෙම කලහකාරී කණ්ඩායම් විසින් අතිරේක පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකා හෝ හමුදා නිලධාරීන්ගේ සහය ලබාගැනීම සඳහා වූ ප්‍රමාදය ප්‍රයෝජනයට ගනිමින් බියෙන් පලා යන ගම් වැසියන්ගේ දේපල හා ජීවනෝපායන්ට බරපතල ලෙස හානි කර ඇත. ඇඳිරි නීතිය බලපවත්වන අතරතුර පවා මෙම කලහකාරී කණ්ඩායම් කොට්ටාරමුල්ල ප්‍රධාන මාර්ගය, කුලියාපිටිය සහ මිණුවන්ගොඩ යන ප්‍රදේශවල එක්රැස් වී ඇති අතර එය වැලැක්වීම සඳහා පොලිස් නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට බොහෝ ගම් වැසියන් විසින් පැමිණිලි කරන ලදී.

  1. අප දන්නා පරිදි, ජනවාර්ගික හා ආගමික ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම, 2007 අංක. 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ( 3 වන වගන්තිය) යටතේ තහනම් කර ඇති අතර, සැකරුවන්ට ඇප ලබා දිය හැක්කේද, මහාධිකරණය විසින් අති විශේෂ අවස්ථාවකදී (3(4) වගන්තිය) පමණි. නමුත් ඇසින් දුටු පුද්ගලයන් හරහා අප දැනගත් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරව, ඔවුන් නිදහස් කරන ලෙස බලකරමින් පොලිස් ස්ථානය වටා සෙනඟ රැස් වී ඇත. නීතිමය රාජකාරි කටයුතු වල නියැලෙන නිලධාරීන්ට බාධා පමුණුවන එවන් පුද්ගලයින් විසුරුවා හැරීමේ බලය පොලීසිය සතුව ඇත. එසේ තිබියදී, අත් අඩංගුවට පත් පුද්ගලයින් නිදහස් කරන ලෙස කරන ලද බලකිරීම් හේතුවෙන්, සැක කරුවන් බිංගිරිය පොලිස් ස්ථානයේ සිට හෙට්ටිපොල පොලිස් ස්ථානයට ගෙන ගොස්, පසුව නැවත බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙන එන ලදුව, අනර්ථය මත පොලිස් ඇප ලබා දී මුදා හැර ඇති බව නිරීක්ෂණය කළෙමු.

බිංගිරිය පොලිස් ස්ථානයේ වාර්තා පරීක්ෂා කරන විට අප කොමිෂන් සභාවට නිරීක්ෂණය වුයේ මෙම සැකකරුවන් ජාතිවාදී කෝලාහල කිරීම මත අත්අඩංගුවට ගෙන (එවන් වරදකට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණය මගින් පමණක් වුවද) මැරවරකම් කළාය යන පදනමින් පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි.මෙම සැකකරුවන් බිංගිරිය සිට හෙට්ටිපොල පොලිස් ස්ථානය වෙතත්, නැවත බිංගිරිය පොලිස් ස්ථානය වෙතත් මාරු කල බවට වාර්තාකර නැති බවද අප තවදුරටත් නිරීක්ෂණය කළෙමු. දේශපාලන මැදිහත්වීමක්ද මෙහිදී සිදුවුවායයි චෝදනා ඉදිරිපත් වීමෙන් මෙම අතිශය ගැටලුකාරී තත්වය තවත් සංකීර්ණ වී ඇත.

එමෙන්ම, කරන්තිපොල කඩ සාප්පු හතරකට පහර දීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයේ රඳවා සිටි පුද්ගලයන් හතර දෙනෙක්ද කලහකාරී කණ්ඩායම්වල බල කිරීම මත මැයි මස 13 වන දින කුලියාපිටියේදී මුදා හැර ඇත. ඔවුන් මුදා හැරි වහාම එම කලහකාරී කණ්ඩායම විසින් ඇඳිරි නීතිය පවතින අවස්ථාවේම කුලියාපිටිය සිට රඹවැව දක්වා මුස්ලිම් කඩ සාප්පු වලට පහර දී ඇත.

එමෙන්ම, කොස්වත්ත පොලිසිය විසින්ද කොට්ටාරමුල්ල පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් හතර දෙනෙකු මැයි මස 15වන දින මුදා හැර ඇත. තමා එසේ කරන ලද්දේ වැඩ බලන පොලිස්පතිතුමන් වෙතින් ලත් නියෝගයක් මත බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරන ලදී.

පීඩාවට පත් පුරවැසියන්ට මෙන්ම සමස්ත ජනතාවටම නීතියේ සමාන ආරක්ෂාව (නීති මාර්ගයන්ට විධිමත්ව ක්‍රියාත්මක වීමට ඇති ඉඩ ඇහිරීමෙන්) නොලැබී යාමට හේතු සාධක වූ මෙම අසතුටුදායක තත්වයන් නිවැරදි කිරීමට කඩිනම් පියවර ගන්නා මෙන් අප ඔබට නිර්දේශ කර සිටිමු.

අප්‍රේල් 21 වන දින බිහිසුණු ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශන කටයුතු වල නියැලීම පොලිස් දෙපාර්තමේන්තුව සතු විශාල වගකීමක් බව මෙම කොමිෂන් සභාව හොදින් දන්නා කරුණකි. එම ප්‍රහාරයට අනතුරුව ඉහත දක්වන ලද ප්‍රදේශවල සිදුවන ජාතිවාදී ප්‍රචණ්ඩත්වය නිසාවෙන් එකී වගකීම තවදුරටත් තීව්‍ර වී ඇත.

එම නිසාවෙන් මෙම කොමිෂන් සභාව පහත නිර්දේශයන් ඔබගේ අවධාරණයට ලක් කිරීමට කැමැත්තෙමු:

  1. පැමිණිලි සහ ප්‍රදේශවාසීන්ගේ ආයාචනා ඇතුළු පූර්ව දැනුම්දීමේ සංඥා ලත් විට, ඒ ගැන සළකිළිමත්වීම සහ ජාතිවාදී නොසන්සුන්තාවයක අංශු මාත්‍රයක හෝ ඉඟියක් ලත් වහාම නිවාරණ පිළියම් යෙදීම; සිද්ධියට පසුව නොව, ඊට පෙර හැකි ඉක්මණින් අදාල ප්‍රදේශවලට අතිරේක බලඇණි යැවීමද මෙයට ඇතුළත්ය.

  1. පළාත්බද පොලිස් ස්ථානවලට කඩිනමින් ජනසමූහ පාලන පුහණුව ලබාදීම සහ කඳුළු ගෑස් කැනිස්ටර්, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාරක උපකරණ ආදිය පහසුවෙන් ලබා ගත හැකිවන පරිදි සැපයීම;

  2. ජතිවාදී ප්‍රචණ්ඩත්වය වපුරන පුද්ගලයන්ට එරෙහිව, 2007 අංක. 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (3 වන වගන්තිය) දැඩිව බලාත්මක කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීම ; සහ

  3. අනිසි දේශපාලන හෝ වෙනත් බාහිර බලපෑම්වලට ඉඩ නොතැබීම සහ ස්වකීය රාජකාරි කටයුතුවල නියැලීමේදී පොලිස් නිලධාරීන්ට බාධා පමුණුවන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීත්‍යානුකූලව කටයුතු කිරීම.

අත්කළේ. ආචාර්ය ඩී.උඩගම

සභාපතිනී

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

 

Back to Top