Sri Lanka Brief
පුවත්විවරණනිර්ප්‍රචණ්ඩ සිවිල් විරෝධතාවල සාර්ථකත්වය – එරිකා චෙනොවෙච් – 2 කොටස

නිර්ප්‍රචණ්ඩ සිවිල් විරෝධතාවල සාර්ථකත්වය – එරිකා චෙනොවෙච් – 2 කොටස

by

සිවිල් විරෝධතා විවිධාකාර මට්ටමේ ශාරීරික හැකියාවන් ඇති පුද්ගලයින්ට සම්බන්ධවීමට ඉඩ සලසනව. වැඩිහිටි පුද්ගලයින්, ශාරීරික ගැටඵකාරීත්වයන් ඇති පුද්ගලයින්, ස්ත්‍රීන්, සහ සම්බන්ධ වීමට කැමති ඕනම අයෙකුට පාහේ එම ඉඩ පවතිනව. ඔබ ඒ ගැන සිතන්නේ නම්, සියළුදෙනාම ඉපදිල තිබෙන්නේ නිර්ප්‍රචණ්ඩව විරෝධතා දැක්වීමේ සමාන ශාරීරික හැකියාවන්ගෙන් යුක්තව. ළමයි ඉන්න ඕනෑම කෙනෙකු දන්නව ඇති එහෙ මෙහෙ වීමට කිසිම ඕනෑකමක් නැතිව සිටින වෙලාවක එසේ සිටින දරුවෙක්ව වඩා ගන්න කෙතරම් අමාරුද කියල. ඒ වගේම කෑම කන්න ඕනෙ නැහැ කියල හිතුන වෙලාවකට ඒ වගේ ළමයකුට කෑම කවන්න කෙතරම් අමාරුද කියල.

ඒත් බොහොමයක් මිනිසුන්ට ප්‍රචණ්ඩ විරෝධය ශාරිරික වශයෙන් වැඩි ධාරිතාවක් ඉල්ලා සිටින දෙයක්. ඒ තුළ සාර්ථක වීමට පුහුණුවක් අවශ්‍යයි. මම පාසලේ ඉන්නකොට මම හමුදාවේදය සම්බන්ධයෙන් පන්ති වලට සහභාගි වුනා, මොකද, මට හමුදා නිළධාරියෙක් වීමට ROTC පාඨමාලාව හරහා යා යුතුවූ නිසා. මම කඹ දිගේ යන්න, සිතියම් කියවීමට, නිළ ඇදුම්වලට, සහ වෙඩි තැබීමට කැමතියි. ඒත් මට පාන්දරම නැගිටල වමනය යනකම් දුවන එක ගැන ලොකු ආසාවක් තිබ්බෙ නැහැ. මම ඒක අතහැරල ඊට වැඩිය දුශ්කරතාවයෙන් අඩු වෘත්තියක් වුනු මහාචාර්ය වෘත්තිය තෝර ගත්ත.

ජීවිතය ගැන අවදානමක් ගනනේ ඇයි?

හැම කෙනෙක්ටම  ඕන වෙන්නෙ නැහැ තමන්ගේ ජීවිතය ගැන අවදානමක් ගන්න. පිරිසක් අතර ආරක්ෂාව නැත්නම් බොහොයක් දෙනා සහභාගි වෙන්නේ නැහැ. විරෝධතා වැනි බොහෝ සිවිල් ප්‍රතිරෝධි උපායන්ගෙ පවතින පෙනෙනසුළුබව මෙම අවධානම් වලට අකමැති ජනතාව ඒ වෙත ඇදගෙන යාම සඳහා උපකාරී වෙනව. ඔබ තත්පරයකට හිතන්න ඔබ ඉන්නෙ මර්ධනකාරී රටක කියල. ඔබගේ අසල් වාසියෙක් ඇවිල්ල ඔබට කියනව “ අපි අද රෑ අටට ප්‍රධාන චතුරශ්‍රයෙ විරෝධතාවක් පවත්වනව. ඔයත් එයි කියල අපි හිතනව “ කියල. මම මේ ගොල්ලො ගැන දන්නෙ නැහැ. ඒත් මම එතැනට 7.55ට ගිහිල්ල එතන මොකක්ද වෙන්නෙ කියල බලන ජාතියෙ කෙනෙක් නෙමෙයි. මම 8.30 විතර වෙනකම් ඉන්නව. ඉදල මගේ ජනේලයෙන් ඔලුව දාල බලනව මොකක්ද මෙතන වෙන්නෙ කියල. ප්‍රධාන චතුරශ්‍රයට රැස් වෙලා ඉන්නේ හය දෙනෙක් පමණක් වගේ නම් බොහෝ විට මම මේ වැඩෙන් පැත්තකට වෙලා ඉන්නව. ඒ වුනත් මම 6000ක් මිනිස්සු එතන ඉන්නව දකිනව සහ තවත් අය එමින් සිටිනව දකිනව නම් මම එයට සම්බන්ධ වෙනව.

මෙම රටවල්වල කලබල සමථයකට පත්වුනු පසු මොනවද වෙන්නෙ? එහිදී පෙනෙන දේ තමයි ඔබ විරෝධතා දක්වන ස්වරූපය දීර්ඝකාලීනව ගැනීමේදීද වැදගත් බවයි. වඩාත් සුවිශේෂීලෙස, නිර්ප්‍රචණ්ඩ අරගල බොහෝ විට ප්‍රචණ්ඩකාරී කැරලිවලට වඩා ප්‍රජාතන්ත්‍රික ආයතන පණගන්වනව. නිර්ප්‍රචණ්ඩ අරගල සිදු කළ රටවල්, සිවිල් යුද්ධයට ඇදවැටීමේ ඉඩ 15% අඩු මට්ටමකිනුයි පවතින්නෙ.

සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය

මර්දක රිජීමයක් අභියෝගයට ලක් කිරීම

මෙම දත්ත ඉතා පැහැදිලියි. මිනිසුන් සිවිල් විරෝධතාමත පදනම්ව සිටින විට ඔවුන්ගේ සංඛ්‍යාව වැඩිවෙනව. මිනිසුන් විශාල සංඛාවක් තමන්ගේ සහයෝගය මර්ධිත රෙජීමයෙන් ඉවත් කරගත් විට ජයග්‍රහණය බොහෝවිට ඔවුන් සතුයි.

මගේ ක්ෂේත්‍රෙයේ ඉන්න බොහෝ දෙනෙක් දේවල් පුපුරා හරින දේ අධ්‍යනය කිරීම වෙනුවෙන් ලොව පුරා සිවිල් විරෝධතා ඉතා දක්ෂ ලෙස භාවිතා කරන මිලියන ගණනක් ජනයා අමතක කරල දාලා තිබෙනව. මම සිතන්නට පුරුදු වී සිටි ආකාරය ගැන මට ගැටළු කිහිපයක් තිබුන. ඇයි මට හිංසනය එතරම් සාර්ථක දෙයක් කියල විශ්වාස කරන එක පහසු සහ සැහැල්ලු දෙයක් උනේ? ඇයි මම යම් තත්වයන් හේතුවෙන් හෝ අනිවාර්යතාවයක් හේතුවෙන් – යම් තත්වයකින් ඉවත් වීමට ඇති එකම මඟ ලෙස, නිරායාසයෙන්ම, ප්‍රචණ්ඩත්වය සිදුවෙනව යන කරුණ සරල ලෙස පිළිගැනීමට යොමුවුනේ? මම සිතන විදියට ජාතික නිවාඩු දිනවල සටන් බිමේ වීරවරයන් සමරන සමාජයකදී, ප්‍රචණ්ඩත්වය හා ධෛර්යය එක හා සමාන බව විශ්වාස කිරීම ස්වාභාවිකය. ඒ වගේම දෙපාර්ශවයේම ලේ වැගිරීමකින් තොරව සැබෑ ජයග්‍රහණ නොලැබේ යැයි විශ්වාස කිරීමද ස්වභාවිකය.

යථාර්ථවාදී විකල්පයන් 

නමුත් අද මෙහි ඉදිරිපත් කර ඇති සාක්ෂි මගින් සමාජ වෙනසක් පිළිබඳව බරපතලව සිතන අයට ඒ සඳහා යථාර්ථවාදී විකල්පයන් තිබෙනව කියල මම යෝජනා කරනව. සිතන්න අප එවැනි විකල්පයන් වෙත විශ්වාසය වර්ධනය කර ගත්තානම් අද අප සිටින ලෝකය මොන වගේ වීමට තිබුනාද? අපගේ ඉතිහාස පාඩම් මාලාවල නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇතිවුනු යුද්ධය ගැන අවධාරණය කරනවා වෙනුවට එයට පෙර දශක ගණනාවක සිදු කෙරුනු මහජන සිවිල් විරෝධතා ගැන අවධාරණය කරානම්? අපගේ සමාජ අධ්‍යයන පෙළ පොත්වල ගාන්ධි සහ මාටින් ලූතර් කිං පසු සටහනක් ලෙස සඳහන් කරනවා වෙනුවට ඔවුන් මුල් පරිච්චේද වල මූලික පදනම ලෙස තිබුනානම්? ප්‍රාථමික පාසලෙන් පිටවන සෑම ළමයෙක්ම බන්කර් හිල් සටන ගැන දන්නා ප්‍රමාණයට වඩා ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරය පිළිබද දැන සිටියානම්? සහ උද්ඝෝෂණ වඩා භයානක දෙයක් බවට පත්වන විට එයට සහභාගිවන්නන් ආරක්ෂිතව තබා ගැනීමටත්, ව්‍යාපාරය ස්ථාවරව තබා ගැනීමටත් නිර්ප්‍රචණ්ඩ විධික්‍රම රාශියක් තිබෙනබව පොදු දැනුමක් බවට පත් විය හැකි වූයේ නම් කුමක් වේද?

ඉතින් දැන් අපි 2013 දී ඉන්නව කොලරාඩෝවෙ බෝල්ඩර් හි. සමහරවිට මෙතන සිටින අය සමහරෙක් සිතනව ඇති “ හොඳයි, සිවිල් විරෝධය හොඳම තෝරාගැනීම යන්න අපි පිළිගන්නව. නමුත් අපට කළ හැක්කේ කුමක් ද?

 අවිහිංසාවාදී උරුමය

පසුගිය අවුරුදු දෙසීයක අවිහිංසාවාදී උරුමය ගැන ඉගෙනගන්න ඔබේ දරුවන් දිරිගන්වන්න. ජනතාවගේ බලය පිළිබඳ විභවයන් ගවේෂණය කරන්න.

සිවිල් නැගිටීම්වලට සම්බන්ධවන කණ්ඩායම්වලට ආයුධ ගැනීමට සහයෝගයදීම හරහා හිංසනය ඵලදායී වන්නේය යන මුලාකරවනසුළු අදහස චිරස්ථායි නොකරන ලෙස ඔබ විසින් පත් කරගත් මහජන නියෝජිතයන්ට පවසන්න. නිර්ප්‍රචණ්ඩ ව්‍යාපාර ආනයනය හෝ අපනයනය කිරීමට නොහැකිවුවද අපගේ නිල දරන්නන්ට වෙනස් ආකාරයක සිතීමක් වැළඳ ගැනීමට කාලය එළඹ ඇත. එනම් කෙටි කාලීනව සහ දිගු කාලීනව ගත් කල, සිවිල් විරෝධතා විසින් මිනිසුන්ට වඩා නිදහස්ව සහ සාමයෙන් යුක්තව එකට ජීවත්විය හැකි සමාජ ඉතිරිකිරීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

නිර්ප්‍රචණ්ඩ ගැටුම් පිළිබඳව දැන් අප දන්නා දෙය දන්නා බැවින්, හිංසනය යනු තමන්ට ඇති එකම මාර්ගය යැයි සිතීමේ මිත්‍යාවට අනාගතපරම්පරාව රැවටීම වැලැක්වීම සඳහා මේ පිළිබඳ අදහස පැතිරවීම අප සතු හවුල් වගකීමක් ලෙස මා දකිනව

පරිවර්තනය – බුද්ධික බණ්ඩාර

workingpps.wordpress.com

Back to Top