Sri Lanka Brief
පුවත්විවරණසාහිත්‍ය විමුක්තිය, සංඝයේ දේශපාලන බලය හා කුලවාදය (1) නන්දන වීරරත්න

සාහිත්‍ය විමුක්තිය, සංඝයේ දේශපාලන බලය හා කුලවාදය (1) නන්දන වීරරත්න

by

ශක්තික සත්කුමාර කෙටිකතාවක් ලියා ආගමකට අවමන් කිරීමේ චෝදනාව යටතේ ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේය. ඔහුට විරුද්ධව පොලීසියට පැමිනිලි කල භික්ෂුවගේ නම හා පංසල දන්නේ නම් ඔහු තම කුලයට අනුව පැවිදිව් සිටින නිකාය ද එහි ප්‍රාදේශීය කුලයද ඉදිරිපත් කර ඔහු තමාගේ ජීවින මාර්ගය උපයා ගන්නා ආගමේ මුල් ඉගැන්වීම් වලට විරුද්ධව ගෙන යන සමාජ විරෝධී හා ආගම විරෝධී ක්‍රියාවල ්වභාවය හෙලිදරවි කර ආගමික අපහාසය යටතේ පැමිනිලි කාරයාට විරුද්ධව ද වෙනත් නඩුවක් ගොනු කිරීමට ඉඩ සැලසෙන්නේය. නමුත් මේ තොරතුරු සොයා ගන්නා තෙක් මේ මහජන හා පාලක වැඳුම්පිදුම් ලබන සිංහල භික්ෂුව තමාගේම අනෙකාට ප්‍රසිද්ධියේම අවමන් කරන අකාරය වෙනස්කම් කරන ආකාරය මේ විඩියෝ ක්ලපයෙන් පෙනෙන්නේය. නුතන සාහිත්‍යකරුවන් සිරගෙවල් වලට දක්කන්නේ මේ සා විශාල වැඩවසම් අසුචි කන්දක් මත ලැග සිටින ආගමික නායකයන් කන්ඩායමකි. කුලය හා ප්‍රදේශය කෙසේ වෙතත් වැඩිහිටියන්ට ගරුකිරීම හිසනිකට පැසුනු එකාට මුල් තැනක් දීම පාතරටදී පමනක් නොව ලංකාවේ සැම තැනකදීම සිදු වන්නකි. නමුත් මේ බමුණු අමනයන් ගේ අහංකාර කමට මේ මුලික සිංහල චාරිත්‍රයත් අමතක වී ගොසින්ය. මේ අමතකවීමේ මුලික කතාව මෙසේය.

ත්‍රිපිටකය වෙනුවට පුටු ඉස්මත්තට

තෙරවාදී ්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ගෙනය වැඩ පිලිවෙලේ කොටසක් හැටියට ත්‍රිපිටකාභිවන්දනා යනුවෙන් විශේෂ ආගමික උත්සවයක් මහනුවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් පැවැත්වුනේය. මේ උත්සවයේ සුවිශේෂි අරාධිතයන් වූයේ නිකායවල් දුසිම් තුනකට පමන බෙදී සිටින සිංහල මහා සංඝයේ පධාන නායකකාරකාදීන් සේ පිලිගැනෙන සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ නායකයන් , අමරපුර මහ නිකායේ නායකයන් හා රාමඤ්ඤ නිකායේ නායකයන්ය. නමුත් මේ උත්සවයේදී බලවත් මහජන අවධානයක් යොමු වූනේ ්‍රිපිටක වන්දනාවට නොව නායක භික්ෂූන්ට ආසන පනවා තිබූ ආකාරය ගැනය.

මෙහිදී සියම් නිකායේ මලවතු හා අස්ගිරි නායකයන් දෙදෙනාට උස් අසුන් මෙන්ම පා අසුන්ද පනවා තිබූ ආතරේ සෙසු නිකාය දෙකේ නායකයන්ට මිටි අසුන් පනවා තිබුනේය මේ උස්මිටි අසුන් පැනවීම පැරනි සිණ්හල බෞද්ධ ්‍රභූ නිවසට පැමිනෙන අමුත්තන්ට කුලය අනුව අසුන් පැනවීමට සමාන අකාරක් ගත්තේය. සම කුලයේ ප්‍රභූන්ට උස් අසුන්ද කුලයෙන් අඩු යයි කුලවතුන් විශ්වාස කරන උදවියට මිටි අසුන්ද දීම සිංහල බෞද්ධ ගිහියන්ට කැප වූ වත් සිංහල බෞද්ධ පැවිද්දන්ට එය කෙතෙක් සුදුසු දැයි කුලවාදය හෙලා නොදකින බෞද්ධයෝ මෙහිදී ප්‍රශ්න නඟමින් සිටියහ. කුලවාදයට විරුද්ධ පිරිස් මෙය බෞද්ධ විරෝධී හා වෙනස්කම් කිරීම ප්‍රතිපත්තියක් කරගත් උඩරට කන්ඩායමක ප්‍රකාශයක් බවට චෝදනා කළහ.

නුතන භික්ෂූන් කුල අනුව බෙදී නිකාය තනාගෙන සිටීම අනුමත කරන්නන් කීවේ කුල අනුව බෙදුනු එවුන් මෙහෙමත් එකට වාඩීවී සිටීම දකිනට ලැබීම සිංහල බෞද්යන්ගේ වාසනාවක් බවය. තවත් කන්ඩායමක් රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නට යමින් තමන් උසස්යයි විස්වාස කරන එවුන්ගේ තැනට යාමෙන් සියම් නොවන නිකායන් තමන් විසින්ම හැල්ලුවට ලක්වී සිටින බවට සිනා සුනහ. ලංකාවේ සැම පංසලකදීම උස් පුටු පැවිද්දන්ටය. කොට පුටු ගිහියන්ටය. පංසලක කුලය මත වෙනස්වූ වෙනත් නිකායක භික්ෂුවක් පංසලකට පැමිණියත් දෙන්නේ සමාන අසුන්ය.

මේ තත්වය මෙවර මහනුවරදී වෙනස් වූයේ ඇයි?

උස්පුටු මිටිපුටු තැබීම පසුගිය සියවසේ අගභාගය තෙක්ම වෙරලබඩ පලාත්වල තිබුනේය. සේවා කුලවලින් පැවතෙන ජනයා කුලවත් නිවසකට යන විට විට ඔවුන්ට ජටා හිස්වැසුම් ගලවා නිවසේ කුස්සිය පැත්තෙන් හෝ ගෙයි පිටුපස දොරටුවකින් අතුලු වී මිටි බංකු මිටි පුටුවල වාඩිවීමට සිදු වුනේය. ඔවුන්ට අහාර දීමටද තේ පැන් දීමට වෙනම කොප්ප පිඟන් වෙන් කෙරුනේය. පාත රටදී ධනවත් හා තනතුරු ඇත්තෝ සම කුල දිළින්දන්ටද මේ වෙන්කර සැලකීම හෝ පහත් කොට සැලකීම කිසිදු හිරිකිතයකින් තොරව ්‍රියාවට නැඟුහ. මාර්ටින් වික්‍රමසිංහ ගමපෙරලිය ලිවේ තමාගේ මේ ලමාවියේ දුටුදේ පදනම් කරගෙනය. කයිසාරුවත්තේ මුහන්දිරම්ලාත් සාදාලාත් හැම ගමක ම විසුහ. පොදුවේ හාමු, රාලහාමි හෝ ආරච්චි නමින් හැඳිවූනු මේ කුල දෙටුවෝ පහත රටදී යුරෝපීය යටත් විජිත යුගයේදී බලවත්වී සෑම විශාල කුලයකම නායකත්වය ගෙන සිටියහ. පසු කලෙක සිංහල බුද්ධාගම ්‍රජාතන්ත්රවාදී කරන්න්ට ඉදිරිපත් වෙන්නේ මේ කුල දෙටුවන්ය.

උඩරටදී කෑගලු හා කුරුනෑගල දිස්ත්‍රික්ක වලදී හැර මේ කුල වෙනස්කම් වලට අභියෝග කිරීමට ්‍රමයක් දේශපාලන හෝ සමාජමය වශයෙන් පැන නැඟුනේ නැත. මලවතු අස්ගිරි නායකයන්ට උස්පුටු හා පාපුටු සපයමින් සෙසු නිකායවල නායකයන්ට මිටි පුටු තබමින් මහනුවරින් මතු වූයේ ඒ උඩරට සැඟවී පවතින කුල අයිස්බර්ගයේ තුඩය.

අමරපුර හා රාමඤ්ඤ ප්‍රධානීන් ආපහු කොළඹට

පසුගිය අවුරුද්දේ මේ වාගේම කාලයක 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දී ඉංගිරිසි ආන්ඩුවේ රාජද්‍රෝහීන් හැටියට දඬුවම් ලැබූ නායකයන් වසර 200 කට පසු දේශප්‍රේමීන් හැටියට නිලවශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන මහනුවර මඟුල් මඩුවේ පැවැත්වෙන උත්සවයට සිරිසේන ජනාධිපතිවරයා උඩරට ගොවි කුලයට සීමාවු සියම් නිකායේ මල්වතු අස්ගිරි පට්ටි දෙකේ නායාකයන්ට පමනක් නොව රටේ සෙසු ්‍රධාන නිකායන් වෙන අමරපුර හා රාමඤ්ඤ නිකාය දෙකේ නායකයන්ට ද ඇරයුම් කලේය. රටේ විධායක ජනාධිපතිවරයා හැටියට ඔහු වැදගත් ජාතික උත්සවයකදී එසේ කල යුතුව තිබුනේය. නමුත් මහනුවර මඟුල් මඩුවට සෙසු නිකාය දෙකේ මහනායකයන්ට ඇතුළු වීමට මල්වත්තේ හා අස්ගිරියේ නායකයන් ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා දැන ගත්තේ අවසාන මොහොතේය. ඔහු පුද්ගලිකවම අමරපුර හා රාමඤ්ඤ නිකය දෙකේ නායකයන් ගෙන් සිදුවු වැරැද්දට සමාව භජනය කර ඔවුන් පෙරලා කොළඹට පටවා සිදුවූ කුල අවුල ලිහා ජාම බේරා ගෙන මහනුවර නායකයන් සමඟ ද්‍රෝහීන් වීරයන් කලේය.

මල්වතු අස්ගිරි කුල නායකයන් රටේ බහුතර ජන්දයෙන් පත්වූ ජන නායකයන්ට තමන්ගේ කුල හයකාරකම් පෙන්නු මුල් අවස්තාව මෙය නොවේ. 1988 රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වූවිට ඔහුට පත්තිරිප්පුවේ දිවුරුම දීමට එවකට සිටි මල්වතු අස්ගිරි කුල නායකයන් එකඟ වූවත් එයට ජනාධිපතිවරයාගේ බිරිඳට පැමිනීමට ඉඩ දිය නොහැකි බව කියා සිටියහ. ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙහිදී දළදාව ගෙනාවේ ගැහැණියකගේ කොන්ඬය ඇතුලේ නොවෙදැයි තර්ක කරනු වෙනුවට කලේ රටේ නායකයා හැටියට තමාට දළදාව අවශය නම් කොළඹට ගෙන ඒමට බලය තිබෙන බවට තර්ජනය කටමිනි. මහනුවර කුල නායකයේ අහුන්ගල්ලේ සලාගම කුලයේ හින්න වංශිකයා ඉදිරියේ දන ගැසුහ. හේමා ප්‍රේමදාස සැමියාගේ දිවුරුමට පත්තිරිප්පුවට නැංඟාය. සටන එතැනින් නතර වුනේ නැත. තදින් බොදු වත්පිලිවෙත් හි යෙදෙන ජනාධිපති ප්‍රේමදාස දළදවට තැනු රන් වියන ට සලාගම ට රෙදි අපුල්ලන රදවා දළදා වහන්සේට ඉටුකල කුල රාජකාරියක් ලෙසට මහනුවර මේ කුල නායකයෝ හැඳින් වූහ.

මීට පෙර මහනුවර මල්වතු අස්ගිරි කුල නායකයන් කොලඹ පාලනයට අභියෝග කල තවත් අවස්ථාවක් වන්නේ 1969 දී පමන ඩඩ්ලි සේනානායක ආන්ඩුව මහනුවර මහ දිසාපති තනතුරට බ්. ජේ. ්‍රනාන්දු නම් එකල ප්‍රකට පරිපාලන නිලධාරියා පත් කිරීමය හේන වංශයට අයත් බී. ජේ. නුවර දිසාපති තනතුරට පත්කල සැනෙන් උඩරට කුල කඩි ගුල ඇවිස්සුනේය. ඩඩ්ලිට දේශපාලන තර්ජනද කුල තර්ජනද පැමිනියේය. ඔහු වහාම බී.ජේ. ගේ පත්වීම අවලංගු කලේය.

ජොර්ජ් ඊ ද සිල්වාට කුල ගැරහුම

1815 උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ තැන් පටන් සුද්දන්ගේ කුලමළ නොසොයාම ඔවුන්ට යටත් පහත්වූ උඩරට ආගමික කුල නායකයෝ හැකි සෑම තැනකදීම සෙසු කුලවලට වෙනස්කම් කිරීමෙදී දෙවැනි වූයේ ඉංදීය බමුණු කුලයට පමණි. පසුගිය සියවසේ මුල් දශකයේ දී මහනුවර නගරයෙන් මතුවූ කීර්තිමත් ජාතික නායකයෙක්වූ ජෝර්ජ් ඊ ද සිල්වා නීතීඥයෙක් හැටියට මහනුවර උසාවියට මුල්ම දවසේ ජෝර්ජ් ගේ කුලය නිසා ඔහු සමඟ සම අසුන් ගැනීමට නොහැකිබව කියමින් සෙසු නීතීඥයන් ලවා මේ කුල නායකයෝ උසාවිය වර්ජනය කරවූහ. ජෝර්ජ් ජාතික නායකයෙක් හැටියට සේවය කර මිය ගියපසු ඔහු වෙනුවෙන් මහනුවර නගරයේ මැද ඉදි කෙරුනු ්‍රතිමාව කුලය නියෝජනය කරන බවට තවමත් උපහාසයෙන් කියති. මේ කුල අපහාසය ඔවුන් කරන්නේ ප්‍රතිමාවේ දකුණු අත සේදු රෙදි වලට නිල් දමමින් සිටින බව කියමිනි.

සියම් නිකායේ කුලවාදය

දැන් සියම් නිකායේ කුල වාදය කිසිදු හිරිකිතයකින් තොරව එලියට වඩම්මවා ප්‍රදර්ශනය කෙරෙන්නේය. ඒ ලෙසිපාසු තැනකදී නොවේ. ගෞතම බුදුන්ගේ සුවාසුදහසක් ධර්මස්කන්ධය එක් තැන් කර ඇති ්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට සුදානම් කෙරෙන පිටකාභිවන්දන උත්සවයේදීය. ඒ මහතානන්ගේ මහා ධර්මස්කන්ධය ඇසු බවට විශ්වාස කෙරෙන දළදාවේ හෙවත් දන්ත ධාතුව තැන්පත් කර ඇති මාළිගයේ සෙවනැල්ලේදීය.

සිංහල සඟ සසුනේ කුලවාදයේ මෑත ඉතිහාසය දඹදෙනි රාජධානිය දක්වා දිවෙන්නේය. දඹදෙනි කතිකාවත අනුව පැවිදි කිරීමට පෙර කුල විචාරීම කල යුතුය. නමුත් එම කතිකාවත අසුවල් අසුවල් කුලයන්ට පමනක් පැවිද හා උපසම්පදාව දිය යුතුයයි නියම කර නැත.

නමුත් මාහනුවර යුගයේ කිත්සිරි රාජසිංහ රජු දවස පැනවුනු නියෝගයක් අනුව උඩරට සියම් නිකාය පැවිදි කරන්නේත් උපසම්පදාව දෙන්නේත් ගොවි කුලයට පමණි. එයිනුත් සියම් නිකායේ මලවතු හා අස්ගිරි විහාරවල කාරක සංඝ සභාවේ පටන් නායකත්වයට පත්විය හැක්කේ උඩරට ගොවි කුලයෙන් පැවිදි වූවන්ට පමණි. විශේශයෙන්ම මේ සියම් නිකායේ උපසම්පදව දීමට පෙර පරම්පරා හතක් කුල පාරිශුද්ධිය විචාරන බවට චොදනා නැඟේ. නමුත් මේ කුලවාදි ්‍රතිපත්ති ගැන නැඟෙන චෝදනා වලට සියම් නිකායේ කිසිම නායකයෙක් පිලිතුරු දෙන්නේවත් ඒවා ප්‍රතික්ශේප කරන්නේවත් නැත.

ජනපති ප්‍රේමදාස නම ඉවතට

වරක් මේ ලියුම්කරු පලිපාන චන්දානන්ද නම් නායක භික්ෂුව සියම් නිකායේ මලවතු පාර්හ්ස්වයේ මහ නායක තනතුර දරද්දී දකුණු ඉංදියානු තෙලිඟු හින්දු රජතුමෙක් වූ කිත්සිරි හෙවත් කීර්ති රාජසිංහ ගේ නියොගයක් බුදුන් ගේ නියෝගවලට ඉහලින් තබන්නේ මන්දැයි ්‍රශ්න කලවිට උඹ කවුද අපෙන් ප්‍රශ්න අහන්න එන්නේ යයි මහනායක වරයා අපෙන් ප්‍රශ්න කර සිටියේය.

දලදාව තැන්පත් කර විහාරයේත් එයට සම්බන්ධ සෙසු විහාරවලත් උඩරට ගොවි කුලයෙන් පිටස්තර නමක් සටහන් කිරීමටවත් නොදෙන ඔවුහු රන්වියන තැනු ජනාධිපති ප්රේමදාසගේ පුජාව සටහන් සිහිවටන ඵ්ලකය ඉවත් කිරීමට තරම් සාහසික වුහ. අඩුම තරමින් මියගිය රජා ඇතා ගේ සිරුර සංරක්ශනය කල නිර්මානකරුගේ නමවත් එහි නොතිබෙන්න කඩා දැමූහ.

මිහිරිපැන්නේ හිමි කවියෙන් කී අසාධාරණය

උඩරට සියම් නිකායේ මේ කෲර කුලවාදයේ ්වභාවය මීට වසර 250 පෙර පැවති ආකාරය තහවුරු කිරීමට 18 සියවස අගභාගයේ මාතර විසූ ්‍රකට කවියෙක් වෙන මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් සෙසු කුලවලට උපසම්පදාව ඉල්ලා ලියූ කවිපෙලක කවි දෙකක් ඔබට ඉදිරිපත් කිරීමට මාට අවසර දෙන්න.
රිවිකුල කිරුලෙව් පින්වත් රජුන්ගේ මෙලක් දිව්

බලුගැති කුලයේ දා වූ බුදුන්ගේ සසුන්වන්

අපට සඟ වහන්සේලා වෙනස්කම් කිරීමෙන්

නො දෙති උපසපන් ඉල්වා නොයෙක් මෝසමේ දී

 

සසර දුක ගෙවා ගන්නා නිසා මේ බොහෝ වූ

එබඳු උපසපන් සිල් දෙව්තුමාණන් විසින් දැන්

අපට ලැබෙන මෙන් මෙත් සිත් පවත්වා වදාළොත්

බුදු බව නො ලැබේදෝ ලොව්තුරා මොක් පුරේහි

 

මිහිරිපැන්නේ ධම්මරතන හිමි කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තුම්පනේ අසරණසරන සරනංකර සංඝරාජ මඟින් ඉදිරිපත් කරන්නට යෙදුන ගොයිගම මහණුන්නාන්සේලා විසින් තමන්ගේ ජාතියේ අයට මිස වෙන ජාතිවල අයට නොදී තිබුණු උපසම්පදාව අන්‍ය ජාතීන්ටත් ලබා දෙන පිණිස කීර්ති ශ්‍රී රාජසිංහ රජහට කියා ඔප්පු කරපු ප්‍රබන්ධ වලිනි. දුරාව වංශයේ උපන් මිහිරිපැන්නේ හාමුදුරුවෝ මේ කවි ලියා අවුරුදු 250 ක් ගෙවුනු තැන ලංකාවේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඉතිරිවී ඇත්තේ මෙසේය.

උපසම්පදාව 1800 දී ගොවි කුලයට සීමාවීම

මිහිරිපැන්නේ හිමියෝ මේ කවි ලියා තුම්පනේ වැලිවිට සරණංකර සඟ රජුට ඉදිරිපත් කලේ මේ ගැන කිත්සිරි රජු සමඟ කතා කර සෙසු කුලවල උපසම්පදාව ඉල්ලා ගැනීමටය. නමුත් ජනප්‍රවාදය අනුව සඟ රජු එම අවසරය අරන්දීමට තබා ඒ ගැන රජු සමඟ කතා කිරිමද එක හෙලාම ්‍රතික්ශේප කලේය. වාසනාවකට සිලවත් සමාගම නමින් සරංකර හිමි පිහිටුවා ගෙන තිබූ මුල් සංඝය කුලවාදී එකක් නොවූ නිසාත් එවකට උඩරට සිටි අඹුදරුවන් රකිමින් සිවුරු දරා සිටි ගනින්නාන්සේලා ගේ සමාජයෙන් වෙන්වූ නිසාත් සිටිනාමළුවේ හා ඉලුපැන්ගමුවේ බඳු පාතරට භික්ෂුන් සඟ රජුගේ ්‍ර‍ධා ගෝලයන්වී සිටියහ. මේ නිසා ලන්දේසීන් යටතේ තිබූ පහත රට පලාත්වල විනාශවී ගිය විහාර නැවත ගොඩ නැඟුනේය. නමුත් සඟ රජුට උඩරට භීක්ෂූන් අතරේ තිබු ්‍රාමාවාසි හා වනවාසි බෙදීම අවසන් කිරීමටවත් උන්ගේ නෑයන්ටම සාංගික බුදල් පැවරීමත් කුලවාදය අවසන් කිරීමටත් නතර කිරීමට නොහැකි වුනේය. කොටින්ම 1753 වෙද්දී නැවත පිහිටවුනු උපසම්පදාව 1800 වෙද්දීත් ගොවි කුලයෙන් පිටස්තර කිසිවෙකුටත් නොලැබුනේය

අමරපුර නිකාය පිහිටුවීම

මාතර බෝවල ධම්මානන්ද හිමියන් කුලය නොසලකා පැවිදි කරගත් සලාගම කුලයට අයත් බලපිටියේ වැලිතර ඤාණවිමල හිමියන්ට උපසම්පද, සිය ගුරුවරයා අයත් සියම් නිකායෙන් උපසම්පදාව නොලැබෙද්දී තමුන්ටම උපසම්පදාවක් තිබිය යුතුබව බලපිටිය සලාගම කුලයේ නායකයන්ට සිතෙන්නට ඇ..‍ ඒ වනවිට කුරුඳු කර්මාන්තයේ මහබද්දේරාල තනතුර දිගු කලක් දරා සිටියේ බලපිටියේ සහබන්දු රාජපක්ශ පවුල් නිසා ඔවුන්ගේ ධනවත් කම සවකීය කුලයට උපසාම්පදව ගෙන ඒමට යෙදවීමට ආයෝජනය කෙරුනේය. මේ අනුව 1803 වෙද්දී අමරපුර නිකාය පිහිටුවා සියම් නිකායෙන් පිටස්තර උපසම්පදාවක් රට තුල තහවුරු වුනේය .

පසුව මෙය කරාව, දුරාව බදු වංශවලටත් ලැබී මේ සියල්ලො එකම මහා අමරපුර නිකායේ ශාඛා නිකායන් බවට පත්වූහ.

1856 දී පහතරට ගොවි කුලයේ භික්ෂූහු උඩරට ගොවි කුලයේ වෙනස් කම් ඉවසිය නොහැකි තැන කෝට්ටේ ශ්‍රී ල්‍යාණි නමින් සියම් නිකායේ වෙනම පහතරට නිකායක් පටන් ගත්හ. පසුව මේ පහතරට ගොවි කුලයේ තවත් ප්‍රාදේශිය කුල පාර්ශව ගනනාවක් තනා ගත්හ. කුල භේදයෙන් තොරව ලංකාවේ සංඝයාට නිකායක් තනන්නට 1863 කල්පනා කල මැත යුගයේ සිටි එකම භික්ෂු අඹගහවත්තේ සරණංකර හෙවත් ඉනද්‍රසහව ණසාමි නමින් ප්‍රකට රාමඤ්ඤ නිකායේ මුලාරම්භකයානෝය. නමුත් පදු නිකාය නමින් සියම් නිකායෙන් ගැරහුම ලබන මේ නිකායේ පැවැත්ම තුල මුල් ප්‍රර්ථනා ඉටුවෙමින් තිබේද යන්න ගැටලු සහගතය.

උඩරට ගොව් කුලයට අයත් සබරගමුවේ භික්ෂූහු සබරගමු ගොවි කුලයට 1836 දී සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නමින් නිකායක් පිහිටුවා ගත්හ. 1844 වෙද්දී උවේ ගොවිකුල භික්ෂූහු උඩරට අමරපුර නිකාය නමින් තවත් නිකායක් පිහිටුවා ගත්හ.

ත්‍රිපිටකය සහ කුලය

මේ වනවිට දුසිම් තුනකට නොඅඩු ලංකාවේ භික්ෂූ නිකායන් සියල්ලම පිහිටුවා තිබෙන්නේ කුල හා ්‍රාදේශීය කුලවල බෙදීම් අනුවය. ථේ්රවාදී ්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නට රැස්වූ සැම භිෂුවක්ම තමන්ට මහනුවරදි කෙරුනු කුල වෙනස්කම් දරා සිටින්නට හා අමතක කිරීමට තීර කරන්නට ඇත්තේ තමන් තුලද කුල නියෝජනයක් තිබෙන බව හොඳින්ම දන්නා නිසාය. තවමත් ලංකාවේ භික්ෂූ සමාජය තුල රෝඩි වංශය හා කින්නර වංශය නියෝජන නොකෙරෙන නිසා සෑම කුල භික්ෂුවකටම අනෙකා මෙන්ම අපද කුලවතුන් යයි සිතමින් පැවතීමට අවස්ථාවක් ලැබී තිබෙන්නේය.

 

නන්දන වීරරතනගේ මුහුණු පොතිනි.

Back to Top