Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත – සුනන්ද දේශප්‍රිය

ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත – සුනන්ද දේශප්‍රිය

by

ජයාරූපය: පසුගිය 04දා සමාන්තර රැස්වීමකදී ප්‍රදර්ශනය  කරන ලද මෙම සංක්ෂිප්ත වාර්තා විත්‍රපටියෙහි යුද සමයෙහිදී සිංහල සහ  මුස්ලිම් ජනයාට එරෙහිව එල්ටීටී්‍ය සිදු කළ ප්‍රචන්ඩ ප්‍රහාරයන් ගැන වචනයක් හෝ නොතිබීීම විසින් විත්‍රපටය ඒකාංශික එකක් බවට පත් කර තිබුණි.

මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම අඩව්ව ද සමඟ ය.

පසුගිය හතර වැනිදා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නිශ්පාදනයක් වූ ‘ශ්‍රී ලංකාව ඝාතන භූමිය’ නම් ත්‍යාගලාභී වාර්තා විත්‍රපටයෙහි පැය භාගයක සංෂිප්ත අනුවාදයක් ප්‍රදර්ශණය කරන ලදී. ඊට පසුදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනා කෙටුම්පත පිළිබද සාර්ථක සාකච්ජා වාරයක් පැවැත්වුණි. රට තුළ දේශපාලන ආන්දෝලනයකට හේතු වී ඇති ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ද කවුන්සිලය හමුවේ කරුණු දැක්විණ. ඒ ත්‍රස්තවාදයට ප්‍රතිරෝධය දක්වන අතරතුර මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆනූලා නි අලොන් විසිනි. එම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පටිගත කරන ලද වීඩියෝවක් මගින් සම්බන්ධ විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ශ්‍රී ලංකාණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය හමූයේ 2015 වසරෙහි දී ශපථ කළේ ය. ඉන් අනතුරුව එය කියා සිටියේ නව පනතක් මගින් එය විස්ථාපනය කරන තුරු එම පනත පාචිච්චි කිරීම අතහිටුවා ඇති බවයි. ඒ දෙකම සිදු වූයේ නැත. දැන් ප්‍රතිත්‍රස්ත පනත යනුවෙන් හැදින්වෙන්නේ ත්‍ර.වැ.. විස්ථාපනය කිරීම පිනිස ආණ්ඩුව සකස් කර ඇති පනත ය‍.

මෙම පනත අතිශය විවාදාත්මක ය. කළක් නීති ආචාර්යවරයකු වූ ජි.එල්. පීරිස් වරක් මෙම නව පනත මගින් ත්‍රස්තවාදයට යළි නැගිටීමට අවස්ථාව ලැබෙනු ඇතැයි කීවේ ය. පසුව ඔහු කියා සිටියේ මෙම පනත මගින් මානව හිමිකම් උල්ළංගනය වන බවයි. ජවිපෙද මෙම පනතට විරුද්ධ ය.

මෙම පනත එක අතකට ත්‍ර.වැ..ට වඩා සැකකරුවන්ට වාසිදායක වන අතරම අනෙක් අතට සැකකරුවන් අත් අඩංගුවට ගැනීම මෙන්ම ත්‍රස්තවාදය නිර්වචනය කිරිමේ දී සහ ආයතන තහනම් කිරිමේහි දී වඩා භයානක ස්වරූපයක් ගනී.

ෆනූලා නි අලොන් මානව හිමිකම් කවුන්සියලය හමූයෙහි මෙසේ කියා සිටියේ ය: ‘නව නීතියක් මගින් ත්‍ර.වැ.. විස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාවේහි කැපවීම මා සහ එමර්සන් මහතා (අැයට පෙර මෙම තනතුර දැරූ බෙන් එමර්සන්) සතුට පළ කර ඇත්තෙමු. .. නව නීතිය, පරිපාටිමය අතින් අයිතීන් ආරක්ෂා කිරීමටත්, අධිකරණමය පරීක්ෂාව සඳහා අවකාශය ගැඹුරු කිරීමටත්, මානව හිමිකම් රැකවරණ පරාසයන් ගණනාවක් ඇති කිරීමටත් අවස්ථාව සළස යි. එසේ වතුදු ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ඍජු සහ සීමා සහිත කිරීමටත්, තහනම් කිරීම සීමිත සහ සමානුපාතික උපංගයක් බවට පත් කිරීමටත්, මානව හිමිකම් කෙළෙසීම් ඉක්මණින් සහ කාර්යෂමව සිදුවන බව සහතිික කිරීමටත් එමෙන්ම සම්පුර්ණ සහ සිමා නොකරන ලද නීති සහය අත් අඩංඟුවට පත් වූවනට ලබාගැනීමට සහ මහේස්ත්‍රාත් අධීක්ෂණය සඳහා අවස්ථාව සැළසීමටත් අවධානය යොමු කරන ලෙස මම ආණ්ඩුව දිරිමත් කරමි.’

ඇය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබදව කවුන්සිලයෙහි පැවැති සාකච්චාවට අදහස් දැක් වූ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් කියා සිටියේ මෙම පනත දැන් පවතින ස්වරූපයෙන් සම්මත වුවහොත් එමගින් යළිත් සුදුවෑන් සංස්කෘතියකට උපත දිය හැකි බවයි. ඊට හේතුව නම් මෙම පනත යටතේ වරෙන්තුවක් නොමැතිව අත් අඩංඟුවට ගැනීමට බලය පැවරෙන නිසාත් බලය අයුතු ලෙස පරිහරණය කිරිමේ ශ්‍රී ලංකාවේ අත්දැකිම් නිසාත් ය.

පසුගිය සතියෙහි ශ්‍රී ලංකික සිවිල් සමාජ පිරිස් සමඟ පැවැති පිලිසඳරක දී ෆනුලා නි අලොන් කියා සිටියේ ප්‍රතිත්‍රස්ත පනතක් ඉදිරිපත් නොකර ත්‍ර.වැ.. අහෝසි කරන සේ ඉල්ලීම සම්පූර්නයෙන් ම නිශේධනීය ආරම්භයක් වනු ඇති බව යි. ඊට හේතුව නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනා සම්මතයක් මගින් සෑම රටක් ම ප්‍රතිත්‍රස්ත පනතක් සම්මත කර ගත යුතු බවට නියමයක් පනවා ඇති නිසා ය. කළ යුතුව ඇත්තේ මෙම පනත වැඩිදියුණූ කර ගැනීමට කටයුතු කිරීම බව ඇයගේ අදහස විය.

ප්‍රතිත්‍රස්ත පනත පිිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්චජාව සහ මැදිහත්වීම මගින් පෙන්නුම් කැරෙන්නේ මෙරට මානව හිමිකම් රැක ගැනීමේ අරගලයෙහි ලා මෙවැනි අන්තර් ජාතික වේදිකාවන්හි ඇති වැදගත්කම යි. ශ්‍රී ලංකාව තුල කැරෙන සමාජ දේශපාලන බලපෑම් ප්‍රධාන වන අතරම මානව හිමිකම් කවුනසිලයෙහි සහ ඒ හරහා කැරෙන මැදිහත්වීම් ද අපේ අයිතීන් රැක ගැනීමට ඉහළ වැදගත්කමක් ගනී.

ශ්‍රී ලංකාව ඝාතක භූමිය’ යන සංෂිප්ත වාර්තා චිත්‍රපටිය පෙන්වන ලද්දේ ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසය නොදන්නා තානාපති අංශයන්ට අවබෝධයක් ලබා දෙනු පිනිස ය. යුද හමුදා සොල්දාදුවන් සහ එල්ටීටීඊ ප්‍රචාරක අංශය විසින් පට්ගත කරන ලදුව මෙම වාර්තා චිත්‍රපටියෙහි අතුළත් දර්ශණ ශ්‍රී ලංකාවේ යුද්ධයෙහි බිහිසුණූ බවත් දෙමළ ජනයා මුහුණ දුන් භයානක තත්වයත් පිළිබද ගලේ කෙටූ සාක්ෂියක් ලෙස ඉතිහාසයට දැනටමත් එක් වී තිබේ. එසේ නමුත් මෙම සංක්ෂිප්ත වාර්තා චිත්‍රපටය එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන කණගාටුදායක ලෙස නිහඩ ය.

යුද්ධය අතරතුර දෙතුන් ලක්ෂයක් ජනයා වන්නියට පලා ගියේ හුදෙක් ශ්‍රී ලංකා හමුදාවන්ට බියෙන් බව එය ප්‍රකාශ කරයි. නමුත් ඇත්ත නම් එල්ටීටීඊ ය මිනිස් පළිහක් වශයෙන් පාවිච්චි කිරීම පිනිස එම ජනයාට තමන් සමඟම පසු බසින ලෙස බල කරන ලද බව යි. ඒ ජනයාට සිය ගම්මානයන්හි ම රැදී සිටීමට හෝ ආණ්ඩුවේ සරණාගත කඳවුරු කරා යෑම හෝ වැනි කිසිදු තෝරා ගැනීමට ඉඩක් එල්ටීටීඊය දුන්නේ නැත. එපමණක් නොව යුද සමයෙහි එල්ටීටීඊ ය විසින් සිංහල සහ මුස්ලිම් ජනයා ඝාතනය කිරිම් ගැන ද මෙම සංක්ෂිප්ත වාර්තා චිත්‍රපටය එක වචනයක් හෝ කියන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්හි කොටස්කාර සෑම පාර්ශවයක්ම මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයන්ට වගකිය යුතුය. ඒ බව පිළිනොගෙන සත්‍ය සෙවිමට හෝ යළි නොසිදුවීම තහවුරු කිරිමට හෝ නොහැක. පක්ෂග්‍රාහීත්වය සංහිිදියාවට මඟ පාදන්නේ නැත. මෙම පක්ෂග්‍රාහිත්වය නිසා එම චිත්‍රපට දැක්මෙහි බලපැම දුර්වල විය.

ඊට පසුදා එනම් පස් වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත නොනිල සාකච්චජා සභාවකට ඉදිරිපත් කරන ලදී. එය සමාජික රටවල නියා්ජිතය පිරිස් වලින් පිරි ඉතිරී ගියේ ය. ශ්‍රී ලංකාව පිළිබඳ කවුන්සලයෙහි ක්‍රියාකාරී කණ්ඩායමේ මූලික අදහස් දැක්වීමෙන් පසු මුලින්ම කතා කළේ ශ්‍රී ලංකා තාානපතිවරයා ය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව මෙම යෝජනාවට සම දායකත්වය ලබාදීමට කැමැති බව යි. ඉදිරිපත්වන සංසෝධන අනුව සිය අදහස් පසුව දක්වන බව ද ඔහු කියා සිටයේ ය. අනතුරුව කතා කළ ඉන්දියාව තමන් මෙම යෝජනාවට සහාය දක්වන බව ප්‍රකාශ කළේ ය. අනතුරුව යුරෝපා රටවල් ගණනාවක් ද සහාය පළ කළ අතර ප්‍රංශය, ස්වීඩනය සහ ස්විස්ටර්ලන්තය යෝජනාවට සංසෝධන කිහිපයක් ගෙන ආවේ ය. එමගින් මූලික වශයෙන් කියැවුණේ ශ්‍රී ලංකාව මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය සමඟ එක්ව 2015දී සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කාල වකවානු ඇතුළත් සැළැස්මක් සකස්කළ යුතු බව ය. ජපානය සහ මැක්සිකෝව යෝජනාවට සහාය පළ කළ අතර අප්‍රිකානු රටවල් කිසිවක් අදහස් දැක්වූයේ නැත.

මෙම සාකච්චාවට සහභාගි වූ දෙමළ ඩයස්පෝරා පිරිස් අතරින් අදහස් දැක් වු අය කියා සිටියේ මෙම යෝජනාව වැඩක් නැති බවත් ශ්‍රී ලංකාව කිසිසේත්ම 2015 සම්මත වූ යෝජනාවෙහි සදහන් සංක්‍රමණීය යෝජනා ඉටු නොකරන බව ය. ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික යුද අධිකරණයට ගෙන යායුතු බව යි. එම අදහසට යෝජනාව ඉදිරිපත් කළ ක්‍රියාකාරී කණ්ඩායමේ අනුමැතියක් පෙනෙන්නට තිබුණේ නැත.

මහ කොමසාරිස් මිෂෙල් බෂලෙට් ඉදිරිපත්වා කරනු ඇති වාර්තාව දෙස කව්රුත් බලා සිටිති

ශ්‍රී ලංකාව විසින් කොතරම් දුරට 2015 මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කර තිබේ ද යන්න පිළිබඳ මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලෙට් ගේ සවිස්තරාත්මක වාර්තාව අන්තර් ජාලයට මුදා හැරෙනු ඇත්තේ 08 වන සිකුරාදා ය. එබැවින් කෙටුම්පත් යෝජනාවෙහි එන ප්‍රථම ක්‍රියා ක්‍රියාකාරිත්ව ජේදයෙහි සඳහන් ‘මහ කොමසාරිස්වරියගේ වාර්තාව අගය කරමින්’ යන්න සාකච්චජාවට නොගැනුණි.

යෝජනාවෙහි දෙවන ක්‍රියාකාරිත්ව පරිච්ජේදය ශ්‍රී ලංකාව මේතාක් ඉටු කර ඇති කාරණා, විශේෂයෙන්ම අතුරුදවන්වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීම සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නියෝජිතවරින්ට මෙරටට පැමිණ වාර්තා කිරිමට ඉඩ ලබාදිම පිලිබඳව පිළිගැනීමක් කරයි.

මෙම කෙටුම්පත් යෝජනාවට අනුව 2020 මාර්තු මාසයේ පැවැත්වෙන 43 වන සැසිවාරයේ දී මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත වාර්තාවක් ද 2021 මාර්තු මාසයේ පැවැත්වෙන 46 වන සැසිවාරයට සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කල යුතු ය.

ජනාධිපති සිරිසේන විසින් ශ්‍රී ලංකාවට ඇඟිලී නෙගසන්නැයි ඉල්ලා සිටීමට ජිනීවා වෙත සිය දූතයින් එවන බවට කරන ලද ප්‍රකාශය පුස් වෙඩිල්ලක් වනු ඇත්තේ මේ නිසා ය. දැනටමත් හ්‍රී ලංකාණ්ඩුව 40/1 යනුවෙන් නම් වනු ඇති යෝජනාවට සිය සම දායකත්වය හිමවන බව ප්‍රකාශ කර තිබේ. ඊට සහාය දීමට, බෙදිමක් ඇති වුවද කවුන්සිලයේ බහුතර සාමාජික රටවල් සූදානම් ය. බෙදීමක් ඇති කිරීමට නම් වෙනත් රටක් අලුත් යෝජනාවක් හෝ ප්‍රතිවිරුද්ධ සංසෝධනයක් ගෙන ආ යුතු ය. එවැන්නක් සිදුවනු ඇතැයි සිතීම දුෂ්කර වන්නේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සමඟ ගැටුමකට යෑමට කිසිදු රටක් සූදානම් නොවනු ඇති නිසා ය. සිරිසේන විසින් ජිනීවා කරා එවන විපක්ෂ මංත්‍රීවරුන්ට සිදුවනු ඇත්තේ මහජන ගැලරියේ වාඩි වී සිටිමට ය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ නිල දුත කණ්ඩායම වීමට බැරිය. මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතත්වය ඇත්තේ බලයේ සිටින ආණ්ඩුවට ය.

සිරිසේනගේ මෙම පියවර ව්‍යවස්ථා කුමන්ත්‍රණයට නෙදෙවෙනි පරාජයක් ඔහුට ලබා දෙනු ඇති බව නිසැක ය. නමුත් මෙම ප්‍රශ්ණය උඩ රට තුල ජාතිවාදය වපුරා අවුලක් ඇති කිරිමට ඔහුට බැරි කමක් නැත.

Back to Top