Sri Lanka Brief
UN-Sri Lankaපුවත්පුවත් විශේෂාංගජිනීවා: තීරනාත්මක සතිය එළඹෙයි! සුනන්ද දේශප්‍රිය

ජිනීවා: තීරනාත්මක සතිය එළඹෙයි! සුනන්ද දේශප්‍රිය

by

ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක . ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ විවාදයක් පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සාකච්ජාවට ගැනෙනු ඇත්තේ 21වැනිදා සවස් වරුවෙහි දි හෝ 22 දිනය.

18වන දින ශ්‍රී ලංකාවේ සිට පැමැනි මානව හිමිකම් ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරියන් අදහස් දක්වන සමාන්තර රුස්විමක් පැවැත්වෙනු ඇත. එහිදි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ භවානි පොන්සේකා, වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රෙඩී ගමගේ, සාධු ජනරාව ප්‍රධානි ජයතිලක බන්ඩාර සහ නීතිඥ අමර්.එම්. පයිස් යන අය අදහස් දක්වනු ඇත. එදින ඊට අමතරව දෙමළ ඩයස්පෝරා කන්ඩායමි විසින් පවත්වන සමාන්තර රැස්වීම් තුනක් පැවැත් වේ.

අවසානයේ දී ජනාධිපති සිරිසේන, විදේශ ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් යුතුව තමන්ගේ කණ්ඩායම ජිනීවා බලා එවීමට තීරණය කර තිබේ. මෙම කණ්ඩායමෙහි වැඩි බර තිබෙන්නේ සිරිසේන පර්ශවයට . විදේශ ඇමැති තිලක් මාරපන යුද සමයේ සිදුවූ මානව හිිමිකම් කෙළෙසීම පිිළිබද එතරම් උනන්දුවක් ඇති අයෙක් නොවේ.

පසුගිය 11 මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩයෙමට අයත් රටවල් 05 විසින් 40/1 දරණ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව කවුන්සිලයේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ලදී. කවුන්සලයෙහි දී අදහස් දැක්වීමට ලැබෙන්නේ විදේශ ඇමැතිවරයාට හෝ ජිනිවාහි ලංකා තනාපතිවරයාට පමණය. 2015 සහ 2017 ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා පිළිබඳව වර්ණනා මුඛයෙන් කතා කළ හිටපු තානාපති රවිනාථ ආරියසිංහ දැන් විදේශ ලේකම්වරයා ලෙස මෙම කණ්ඩායමට එක් කර තිබේ. ඔහු විදේශ ලේකම්වරයා ලෙස පත් කරන ලද්දේ ඔක්තෝබර කුමන්ත්‍රණ සමයෙහි දී .

දැනට එම යෝජනාවට රටවල් 15ක් සමදායකත්වය දෙන බව කවුන්සිලයෙහි වෙබි අඩවියෙහි දැක්වේ. මෙම ගණන බොහෝ දුරටම ඉහළ යනු ඇතැයි විශ්වාස කළ හැකි . මෙම රටවල් අතර ශ්‍රී ලංකාව සිටී. ඉන් පෙන්නුම් කැරෙන්නේ සිරිසේනගේ විරුද්ධත්වය නොසළකා සිය ස්ථාවරයේ රැදී සිටීමට ශ්‍රී ලංකාණ්ඩුව තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාව යෝජනාවට සහය දීමෙන් වළකිනු ඇතැයි සිතීම දුෂ්කර වන අතර සමහර විට එය එහි සැර තවත් බාල කිරිමට උත්සාහ දරන්නට ඉඩ තිබේ. නමුත් එය දුෂ්කරය. අමාත්‍ය මහින්ද සමරසිංහ කියා ඇත්තේ යෝජනාවට සහාය දෙන අතරම තමන් එක නොවන දේ මොනවාදැයි කිමට ශ්‍රී ලංකාවට අයිතියක් ඇති බවයි.

ඇමෙරිකාව කවුන්සිලයෙන් ඉවත්වීම නිසා දැන් ශ්‍රී ලංකාවද මෙම යෝජනාවෙන් ඉවත්විය යුතුය යනුවෙන් මෙරට දේශපාලනයින් විසින් ඉදිරිපත් කරන ලද අදහස මිත්‍යාවක් බව ජිනීවාහි රාජ්‍ය තාන්ත්‍රක ආරංචි මාර්ග පෙන්වා දෙයි. යුද අපරධ ඝනයේ සැළකිය හැකි මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලය ඇති එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්ථමේන්තුවෙහිඅපරාධ යුක්තිය පිළිබඳ ලෝක කොමිසම’ ශ්‍රී ලංකාවද සිය පරීකෂණ සඳහා ඇතුල් කර තිබේ. එක්සත් ජනපද ආණ්ඩුවට උපදෙස් දීම මෙම කොමිසමෙහි කාර්යභාරය වන අතර සංක්‍රමණීය යුක්තිය පිළිබද එක්සත් ජනපද රාජ්‍ය ආයතනය එය යි. එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබද ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවෙහි අවධානය ඉදිරියට ඉහළ යනු ඇති බවද එකී ආරංචි මාර්ග සදහන් කරයි.

එළඹෙන සතියෙහි දි යුරෝපා කොමිසමේ මානව හිමිකම් පිළිබඳ උප කමිටුවෙහි හය දෙනෙකුගෙන් දූත පිරිසක් ජිනීවා කරා පැමිණෙන අතර එම කමිටුවද ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු එක් රටක් ලෙස තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකාව පිළිබද ඇති අන්තර් ජාතික අවධානය 2015 න් පසු අඩුවී නැත. මීට හේතුව වන්නේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව අසමත් වීමත්, යුද අපරාධ පිළිබද චෝදනා ලබා ඇති යුද නායකයින්ට ආණ්ඩුවේ ඉහළ තනතුරු ලබාදීමත් එමෙන්ම ආරම්භ කරන ලද පරීක්ෂන ආරක්ෂ හමුදා විසින් තොරතුරු නොදීම නිසා ඇණහිට තිබීමත් වැනි කරුණු . සිරිසේන, රාජපක්ෂ සමඟ හාදවී යුද සමයේ සිදුවූ බවට කියවෙන අපරාධ පරීක්ෂන අහෝසි කිරීමට කටයුතු කිරීම තවත් හේතුවකි. සිරිසේන මරණ දඩුවම යළි ගෙන එන බව කීමත් මෙ ්වන විට 27,000කට මරණය කැඳවා ඇති පිලිපිනයේ ජනඝාතක දුතර්තේ සිය ආදර්ශය ලෙස තෝරා ගැනිමත් තවත් සාධකයකි.

කවුන්සිලය හමුවෙහි ඉදිරිපත්ව ඇති යෝජනාවෙහි පූර්විකාව මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිදියාව, මානව හිමිකම් සහ වගවීම පිළිබඳ පරිපූර්ණ වාර්තාව වාර්තාව අගය කරමින් කියා සිිටින්නේ කවුන්සිලය 30/1 දරණ 2005 ඔක්තෝබර් යෝජනාවෙහි සදහන් කරුණ සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවන ලෙස යි.

මහ කොමසාරිස්වරියගේ පිට 15කින් යුතු වාර්තාව ශ්‍රී ලංකාණ්ඩුව විසින් ඉටු කරන ලද සාධනීය පියවරයන් අගය කරයි. එනමුත් යුක්ති යාන්ත්‍රණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාණ්ඩුව අසමත් වීම නිසා එම ක්‍රියාදාමය හැකි අයුරකින් අන්තර් ජාතිකව ඉදිරියට ගෙන යන එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කරයි. ඒ මෙසේ ය.

මේ තාක් දුරට ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුනසිලය විසින් ලබදෙන ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දුර්විපාක නොලබා සිටීම ආමන්ත්‍රණය කළ හැකි විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් ගොඩ නැගීමට හෝ අටුවන්බැස ඇති මානව හිමිකම් කෙළෙසීමේ සිදුවීම් පිළිබඳව නිත්‍ය ප්‍රගතියක් පෙන්නුම් කිරීම මගින් එවැනි යාන්ත්‍රණයක් අනවශ්‍ය යැයි පෙන්වීමට හෝ ක්‍රියා කර නැත. ( වාර්තාවෙහි අන් තැනක සාර්ථක ප්‍රගතියක් පෙන්වා නැති එවැනි නඩු නමයක් ගැන සදහන් වෙයි. වැළිකඩ සිරකරු ඝාතනය, ප්‍රගිීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල උද්ඝෝෂකයන් ඝාතනය, ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනෙකු ඝාතනය යනාදිය අතර වෙයි.) ශ්‍රී ලංකාවේ මානව වර්ගයාට එරෙහි අපරාධ, යුද අපරාධ සහ වෙනත් මහා පරිමාණ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් විශ්ව අධිකරණ මූලධර්ම අනුව නඩු පවරන සේ මහ කොමසාරිස්වරිය සාමාජික රටවල් නැවත වතාවක් ධෛර්‍යමත් කරයි. මෙම පියවර ගත හැක්කේ එවැනි පුද්ගලයින් විශ්වමය අධිකරණ මූලධර්ම යටතේ පියවර ගැනීමට සූදානම් රටක භූමියකට පැමිණියහොත් පමණක් බැවින් එය අදාළ වනු ඇත්තේ අතලොස්සක් සිදුවීම් වලට . එබැවින් වෙනත් විකල්පයන් ලෙස අන්තර් ජාතික පරික්ෂන සහ නඩු පැවරීම වැනි දැ සළකා බැලීම අවශ්‍ය .’

මෙමගින් අපට පෙනෙන්නේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාමාර්ගයේ හතර වන කුළුන වන අපරාධ යුක්ති යාන්ත්‍රණයකින් තොරව ශ්‍රී ලංකාවට වත්මන් අන්තර් ජාතික තෙරපුම ඉවත් කරවා ගැනීමට නොහැකි බවයි. ඇය විසින් සදහන් කරන අටුවන් බැස ඇති මානව හිමිකම් කෙළෙසිමේ සිද්ධි මීට ප්‍රථම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් හිටපු මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් විසින් සඳහන් කර තිබුණි. මෙවර වාර්තාව කියන්නේ එම සිදුවීම් පිළිබඳව පරීක්ෂන අවසානයකට ගෙන යෑමට නොහැකිවීම විසින් ම ශ්‍රී ලංකාවෙහි නිශ්චිත යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාවය තහවුරු කරන බවයි. මෙම ඉතා වැදගත් තර්කයකි. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමයේ ඇති මන්දගාමී ස්වභාවය ද බාධකයක් ලෙස වාර්තාව දක්වයි.

සිරිසේනරාජපක්ෂ ව්‍යවස්ථා කුමන්ත්‍රණ සමයෙහි සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය නතර කිරීමට දරන ලද උත්සාහයන් ගැන සදහන් කරන වාර්තාව 2015 පෙර බලයේ සිටි දේශපාලන බලවේග යළි බලයට පැමිණිය හොත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය අනතුරට පත්වනු ඇතැයි හැඟීමක් එමගින් ඇති කරන බව පෙන්වා දෙයි. එයද අන්තර් ජාතික අධීක්ෂනය අත්‍යවශ්‍ය කරන තවත් සාධකයකි.

ඇත්ත වශයෙන්ම නම් මෙම කරැණූ ප්‍රතික්ෂේප කිරීමට ලංකාණ්ඩවුට නොහැකි . 30/1 යෝජනාවට සමදායකත්වය දුන් ශ්‍රී ලංකාව ඉන් වසර තුනහමාරක් ගියතැන අපරාධ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන්‍ෙ ලබා ඇති ප්‍රගතිය තිබෙන්නේ බිංදුවෙහි . ජන්ද ලබා ගැනීම පිනිස මහා ඝෝෂා නැංවූ තාජුඩීන්, ලසන්ත. ප්‍රගීත්, යනාදී යුද්ධයට කෙලින්ම සම්බන්ධයක් නැති පරීක්ෂන පවා ඉදිරියට ගෙන ගොස් අපරාධකරුවන්ට දඩුවම් දීමට නොහැකි ආණ්ඩුවක් දෙමළ ජනයාට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් නිසි පියවර ගනු ඇතැයි සිතිය නොහැකි . ආණ්ඩුවේ සාධනීය පියවරක් වන අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයට පවා යුද හමුදාවට බාර වූ පිරිස් ගැන තොරතුරක් ලබා ගැනීමට නොහැක. එම කාර්යාලය මුහුණ දෙන අම්ල පරීක්ෂනය එයයි. එළෙස බාර වූ පිරිස් යුද හමුදාව යටතේ සිටින බවට වාර්තාවක් දිවයින පුවත්පත 2019 මැයි මාසයේ දී පළ කළේ .

සිරිසේන අපේ වැඩට පිටරටවල් අැඟිළි නොගැසිය යුතු යැයි කියන්නේ මානව හිමිකම් කෙළෙසූ අපරාධකරුවන් සිය සෙවනෙහි තබා ගෙන . සිරිසේනගේ සෙවනෙහි සිටිම අපරාධකරුවන්ට බේරීමට මඟක් නොවේ. ඊට උදාහරණයක් නම් සිරිසේන විසින් ජිනීවා කරා එවීමට නම් කරන ලද මහින්ද රාජපක්ෂගේ මානව හිමිකම් ඇමැතිවරයා වූ මහින්ද සමරසිංහ, ඔහු පිළිබඳව ඩයස්පෝරා සංවිධාන විසින් නිකුත් කරන ලද නිශේදාත්මක වාර්තාවක් නිසා කැපී යාමයි.

අප තේරුම් ගත යුතු සරළ කාරණය එය යි. අද ලෝකය එකකි. කිසිවකුට සදාකාලිකව තමන් විසින කරන ලද මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයන්ගෙන් ගැලවීමක් නොලැබෙන බවයි. මරණයෙන් පසු හෝ යම් දිනෙක එවැනි පුද්ගලයින් යුක්තිය ඉදිරියෙහි දඩුවම් ලබනු ඇත.

සිරිසේනගේ මෑතකාලීන වීරයා වන පිලිපීනයේ ජන ඝාතක දුතර්තේට අන්තර් ජාතික යුද අධිකරණයෙහි නඩු පැවැරීම පිනිස මේ වන විට බොහෝ පිරිස් කටයුතු කරමින් සිටිති. ඔහුගේ අනෙක් වීරයන්ටත් එවැනි ඉරණමක් නෙැලැබෙනු ඇතැයි කිව හැක්කේ කාටද?

Back to Top