Sri Lanka Brief
පුවත්විවරණජනාධිපතිවරණය සහ අපේ දේශපාලන අනාගතය – දයාපාල තිරාණගම

ජනාධිපතිවරණය සහ අපේ දේශපාලන අනාගතය – දයාපාල තිරාණගම

by

ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 1978 ජනධිපති ක්‍රමය එවකට පැවති යුඇන්පි ආණ්ඩුව විසින් හඳුන්වාදීමත් සමගම එහි ඒකාධිපති සවභාවය සමබන්ධයෙන් බරපතල විවේචන එල්ලවන්නට පටන් ගත්ත ද ජේ. ආර්. ජයවර්ධන සහ යුඇන්පි ආණ්ඩුව විසින් මේ විවේචනයන් ගණන් ගත්තේ නැත. එවකට යුඇන්පී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ නොසෙල්වන තුනෙන් දෙකක බහුතරයකටත් වඩා තිබුණි.

පැරණි වම1977 මැතිවරණයේදී ඉතිහාසගත පරාජයක් ඇත්කර ගත්තේ නැවත වරක් පාර්ලිමේන්තුව තුල කිසි දිනක ඔවුන් අතිතයේ පැවැති සදාචාරමය ආධිපත්‍ය නැවත ගොඩනැගිය හැකි ආකාරයට නොවේ. සිවිල් සංවිධාන, කුඩා වාමාංශික පක්ෂ ජනාධිපති ක්‍රමය අවලංගු කිරීමට ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් කරගත්ත ද බලයට පත් කිසිම ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් මේ ඉල්ලීම ඉටුකලේ නැත. චන්ද්රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල යන සෑම දෙනෙක්ම බලයට පැමිණි පසුව ජනතාවට දුන් පොරොන්දුව කඩකොට දිගටම තම විධායක බලය පවත්වා ගැනීමට උත්සුක විය. සෑම දෙනෙක්ම කුඩා ඒකාධිපතියෙක් වීමේ රසය, රසකර බුක්තිවිදීමේ රෝගයකට ගොදුරුවීම මෙයින් පෙන්නුම් කරයි.

දැන් ජනාධිපති පොරය ලංකා දේශපාලන වේදිකාවේ ඉතාමත් ප්‍රකට සහ තියුණු රංගනයක ලක්ෂණයක් ගනිමින් පවතියි.

ජනාධිපතිවරණ තියුණූ රංගනය

2015 ජනවාරි 8දා ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ කලපනා කල ආකාරයට ඔහු ගෙන් පිට කිසිම කෙනෙකුට ජයග්‍රහණය කල නොහැකිය. එයට හේතු තිබිණ. කොටි සංවිධානය තීරණාත්මක ලෙස පරාජකොට දේශප්‍රේමී යුද්ධය ජයගත්තේ ඔහුය. එමනිසා ජනධිපතිවරණයේදී නැවත ඔහු විවාද රහිත නායකයා වශයෙන් අභිෂේක ලැබිය යුතුය. මේ විශ්වා 2015 ජනවාරි 8 දා ජනාධිපතිවරණයේ දී විනාශ වී ගියේ ඒ ජනාධිපතිවරණයේදී ඔහුට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සමගිනි. මෛත්‍රීපාල සිරිසේනද ප්‍රකශ කලේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඔහු ගෙදර යන බවය,නමුත් එය සිදුවුයේ නැත. එනමුදු ඔහුගේ නායකත්වය යටතේ හඳුන්වා දුන් 19 වැනි සංශෝධනය විසින් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දුනි. පොලිස්,මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන කොමිසම සභා මෙතෙක් ජනාධිපතිවරයාට පැවති බලතල පාලනය කිරීමට හැකියාව ලබා දුනි. එමෙන්ම රාජපක්ෂ විසින් හඳුන්වාදුන් 18 වැනි සංශෝධනයන් කැමැති වාර ගණනාවක් ජනාධිපතිවරයට යමිකිසි කෙකෙකුට පත්විය හැකිවීමේ වාර ගණනල මෙමගින් දෙවරකට සිමා විය.මෙයින් රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවත තරඟ කිරීමේ හැකියාව නැතිව ගියේය.

මේ තත්වය නිසා රාජපක්ෂ පවුලට ගැටළු දෙකක් ඇති විය. ඉන් වන්නේ රාජපක්ෂ පවුලට පැවති රාජවංශික බලාපරොත්තු මහින්ද රාජපක්ෂට තරග කල නොහැකි වීමෙන් සුන් වීයාමය. දෙවැන්න වුයේ රාපක්ෂ පවුලට සහ සහෝදරවරුන්ට දුෂණ චෝදනා යටතේ කෙරුණු පරීක්ෂණ වඩාත් බලවත් වීමය.මෙය ඔවුන්ට ක්ෂණික ප්‍රශනයක් වුයේ සත්තකින්ම ඔවුන්ගේ පරාජයෙන් බලය ගිලිහී ගිය පමණක් නොව දඬුවම් ලැබීමේ අනතුර සැබෑ වූ අනතුරක් ලෙස දිස්වීම මගිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපතිවරයා වීම නිසා ඒකාබද්ධ විපක්ෂය ලෙස හැදින්වූ රාජපක්ෂලගේ දේශපාලන සන්ධානයට පක්ෂයක් අවශ්‍ය විය. ඔවුන් ලංකා පොදුජන පෙරමුණ ගොඩ නගමින් සිංහල බෞද්ධ දේශපාලනය නැවත කරලියට ගෙන අවේ එය යහපාලන ආණ්ඩුවට එල්ල කල මහා අභියෝගයක් වශයෙනි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරමින් රාජ්‍ය ්‍රතිසංස්කරණයක් මගින් උතුරට සහ නැගෙනහිරට බලය විමධ්‍යගත කිරීමේ වැඩ පිළිවෙලට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව කුපිත කිරීමේ ව්‍යායාමය නියුක්ත වෙමින් ‍ ප්‍රාදේශීය සභා චන්දයට මුහුණ දුනි. එයින් ලැබූ ජයග්‍රහණය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුට අභියෝග කොට තමන් අතට බලය ගැනීමට වහසි බස් දොඩන්නට විය. කෙසේවෙතත් ගිය අවුරුද්දේ ඔක්තෝබරය තීරනාත්මක ලෙස බලවේගයන් බෙදීමට පටන් ගති. දැන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතභේදයන් උග්‍ර අතට හැරෙමින් පැවතිනි. මෙහි මෙහි ප්‍රතිපලයක් වශයෙන් ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයා හොර රහසේම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අයින්කොට ව්‍යවස්ථාවට පටහැනි ව මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම, ව්‍යවස්ථාව උල්ලනගනය කල කුමන්ත්‍රණයක් බවට පත්විය. නමුත් මෙරට සිවිල සංවිධාන සහ වමේ පක්ෂයන් සහ කණඩායම් විසින් මෙය හෙළා දකිනු ලැබුණු අතර මාසයකට පමණ පසුව අධිකරණ තීරණයක් අනුව නැවත රනිල් ගේ ආණ්ඩුව නැවත බලයේ පිහිටවනු ලැබිණ.

මේ අතර යහපාලන ආණ්ඩුව 2015 ජානවරී 8 ජයග්‍රහණයට පදනම වූ කිසිම මුලික පොරොන්දුවක් ඉටු කලේ නැත. දුෂිත බව යහපාලන ආණ්ඩුවේද හංවඩුව බවට පත්වූ අතර ප්‍රධාන පක්ෂවල ප්‍රභූන් එකිනෙක ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක නියුක්තව සිටින බවට ජනතා විශ්වාසය වැඩෙන්නට පටන් ගනු ලැබිය. සත්තකින්ම රාපක්ෂ කඳවුර කුමත්‍ර නයෙන් ලද පරාජය හමුවේ ඔවුන බලය අත්කර ගැනීමේ කුමන්ත්‍රණකාරී ප්‍රයත්නය අතහැර දමා නැත. ජනාධිපතිවරයා සමග එකතුවී පාලන බලය ඩැහැ ගැනීම පිණිස අවශ්‍ය ඕනෑම දෙයකට ඔවුන් සුදානම් ය.

බැසිල් ගොටා විරසකය

මේ අතර රාපක්ෂ සහෝදරවරුන් වූ ගෝටාභය සහ බැසිල් රාජපක්ෂ අතර ජනාධිපති අපේක්ෂත්වය සදහා පොරය එලියට පැමිණ ඇත.මේ පිලිබදව මහින්ද රාජපක්ෂ ගේ කණස්සල ඇතිවී ඇත්තේ ඇත්තටම එය තම පුතුන්ගේ අනාගත සිහිනයට අඳුරු සෙවනැලි වැටෙන නිසාය. ගොටභයාගේ සම්ප්‍රාප්තිය සැබැ වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් වලට එල්ලවෙන තර්ජනය අමුතුවෙන් විස්තකර කිරීමට වුවමන නොවේ.

රාජපක්ස හෙජමොනිය දකුණේ බලවත් චන්ද පදනමක් ගොඩනග ගෙන තිබියදීත් එය ඔවුන්ගේ ජයග්‍රහණය එතරම්ම සහතික කරන්නක් විය නොහැකිය. රාජපක්ෂ 2015 ජනවාරි 8 දා පරාජය වුයේ නම් ඕනෑම රාජපක්ෂ කෙනෙක් 2020 දී පරාජය වීමේ හැකියාව තිබෙන බව ඔවුන් ගෙන් සමහර දෙනෙකුටට තේරුම් යනු ඇත. මේ නිසා ඔවුන් බලය ලබා ගැනීම පිණිස අලුත් උපක්‍රම වලට හැරෙමින් සිටි. මේ අලුත් උපක්‍රමය ඇත්තෙන්ම මෛත්‍රීපාල ගේ බලාපොරොත්තු සුන්කිරීමේ අධිෂ්ටනයෙන්ද සමන්විත වෙයි.

එනම් ජනාධිපති තනතුර අහෝසිකිරීමේ දීර්ඝ කළින දේශපාලන ඉල්ලීමට ඔහු දැන් එකඟතාවය පල කොට ඇත.නැවත අගමැති රජයේ ප්‍රධානියා වන වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට යාමෙන් තම සහෝදරවරුන්ගේ සිහින මෙන්ම මෛත්‍රීපාල ගේද සිහින බොඳ කර දැමීමට ඔහු සැරසෙයි. එමෙන්ම ජනාධිපතිවරණයෙන් නැවත වරක් පරාජය වීමේ අනතුර එමගින් ඉවත් කල හැකිය.

සිරිසේනගේ සැළැස්ම

මේ අතර ජනාධිපතිවරයා සිය බලය ශක්තිමත් කරගැනීමේ කුට ක්‍රියාවක යෙදී සිටියි.

ආණ්ඩුක්‍රම්‍යවස්ථාදායක සභාවට ප්‍රහාරයක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලදී. 19වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය සීමාකිරී ගෙන එනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා ඔහුගේ විවේචනයට ලක්වූ ප්‍රථම අවසථාව මේය නොවේ. නමුත් තමන් ගේ හිතවතුන් ආණ්ඩුවේ බලගතු තැනවලට පත්කිරීමෙන් තම දේශපාලන බලය වැඩි කොට සිය ජනාධිපති සිහිනය දැකීමේ කෑදරකමකම රාජපක්ෂවරුන්ට මෙන්ම මොහුටද වැළදී තිබීම භයානක දේශපාලන රෝගයක් ලෙස සටහන් කල යුතුය.

නැවත ජනාධිපතිධුරය ලබා ගැනීම සඳහා වෙර දරන්නා වූ සියලු දෙනාම සිය අභිප්‍රාය කරගෙන ඇත්තේ අපේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසදීම නොවේ. තුරේ ජනතාවට ප්‍රජාතන්ත්රවාදය බුක්ති විදීමේ ඉඩප්‍රස්ථාවන් ඇති කිරීමට සහ සංහිදියාව ඇතිකොට යුද්ධයෙන් ඇතිවූ ප්‍රශ්නනයන්ට විසදුම් ලබාදීමට මේ ජනාධිපතිවීමට පොර බදන රනිල් වික්‍රමසිංහ අතුලු කිසිම කෙනෙක් සුදානම් නැති බව හොඳින් පැහැදිලිය. ලංකාවේ දේශපාලන අනාගතය සුරක්ෂිතවන්නේ උතුරු නැගෙනහිර ජනතාවට අභිමානවත් පුරවැසියන් වශයෙන් ජීවත්වීමේ අයිතිය සහතික කළහොත් පමණි.

එමෙන්ම අපේ රටේ ඉඩම් සහ සම්පත් විදේශීය ධනකුවෙරයන්ට තුට්ටු දෙකට විකුණා දැමීමමේ හැම දෙනෙකුගේම වැඩපිලිවෙළ වෙයි. එමගින් මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කල නොහැකිය. එය නොනවතව කරගෙන යන්නේ නම් විශේෂයෙන්ම දකුණේ ජනතා සටන් ඒවාට විරුධව පැන නැගීම වැළක්විය නොහැකිය.

එවැනි සටන් වැලැක්වීම සඳහා මර්දනය දියත් කිරීම හැර වෙන විකල්පයක් ආණ්ඩුවට නැත. රටේ අද ඇතිවී ඇති තීරණාත්මක මොහොත පිලිබදව අප කුමක් කල යුතුද යන්න ඊළග ලිපියෙන් සාකච්චා කිරීමට බලපොරොත්තු වෙමි.

දයාපාල තිරාණගම/ තෙවැනි ඇස

ජායාරූපය විකල්ප අනුග්‍රහයෙනි.

Back to Top