Sri Lanka Brief
පුවත්කෙප්පපුලව්: ඉඩම් ඉල්ලන ජනයාගේ රුස්වීමේ හා ප්‍රකාශණයේ නිදහසට පොලීසිය හරස් වෙයි!

කෙප්පපුලව්: ඉඩම් ඉල්ලන ජනයාගේ රුස්වීමේ හා ප්‍රකාශණයේ නිදහසට පොලීසිය හරස් වෙයි!

by

ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංවිධානය (PARL) වන අපි, පසුගිය සති අන්තයේ මුලතිව් ප්‍රදේශයේ කෙප්පපුලව්හිදී, ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි උද්ඝෝෂකයන් සමඟ පොලීසිය ගනුදෙණු කළ ආකාරය පිළිබඳ සැලකිල්ලෙන් සිටියෙමු. 2019, ජනවාරි 26 වන දින උදෑසන, කෙප්පපුලව් සිට ධෛර්යවන්ත හා නිර්භීත කාන්තාවෝ කණ්ඩායමක්, තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා, හමුදා බලයෙන් අත්කර ගෙන සිටින ඔවුන්ගේ ඉඩම් දෙසට කිලෝ මීටර දෙකක් පමණ පෙළපාළියක ගමන් කළහ. ඔවුන් හමුදා කඳවුරේ ප්‍රධාන පිවිසුම දෙසට ඇවිද යන විටම, පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක්(ආසන්න වශයෙන් 45ක්) සහ කඳවුරු ගේට්ටුවලින් එපිට ගාල් කොට තිබූ, අවම වශයෙන් පොලිස් රථ පහක් (බසයක්, ලොරියක්, ජීප් රථයක් සහ කාරයක් ඇතුළුව) ඔවුන් හමුවට පැමිණියහ. කාන්තාවන් කණ්ඩායමට ඉතා ඉක්මනින් තවත් අවතැන් වූ ගම්වැසියන් පිරිසකට එක් වූ අතර, ඔවුන් ඉදිරියෙහි සිට ගෙන සිටිනවාත් සමඟ, කඳවුරු ගේට්ටුව ඉදිරිපිට එක්රැස් වන උද්ඝෝෂකයන්ට ඔනෑකමින් බාධා සිදු කරන අයුරින් පොලිස් රථවාහන ගාල් කෙරුණි. තම ඉඩම් මුදා හැරීම සම්බන්ධයෙන් ඔවුන් හට ස්ථීර සහ ලිඛිත සහතිකයක් බලධාරීන්ගෙන් ලැබෙන තුරු, උද්ඝෝෂකයන් කඳවුරු ගේට්ටුවට විරුද්ධ පසින් හිඳ සිටීමට අදහස් කළහ.

හමුදා බලකායේ කාර්ය මණ්ඩලය මඟින්, සිවිල් පිට අඛණ්ඩ මුර කිරීමක් සිදු කළ අතර, ඔවුහු කඳවුර අභ්‍යන්තරයේ සිට සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකෙහිම, උද්ඝෝෂකයන් ඡායාරූපගත කිරීමසේයාරූගත කිරීම, ඔවුන්ගේ රථවාහන නිරීක්ෂණය සිදු කළහ. මේ අතරතුර, ජනතාවට සහයෝගය දැක්වීමට මෙන්ම, උද්ඝෝෂණය පිළිබඳ නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට PARL හි කණ්ඩායමක් එහි සිටියහ.

ජනවාරි 24 වන දින, .7.30 ට පමණ, කේ. චන්ද්‍රලීලා මහත්මියට සහ ඉන්ද්‍රානි විවේහානන්දන් මහත්මියට පසුදින (25 වන දා) අධිකරණය ඉදිරියේ පෙනීසිටින මෙන් පොලීසිය විසින් කැඳවීමක් සිදු කොට තිබුණි. ජනවාරි 25 වන දින පැවැත්විමට ඉඩ තිබෙන උද්ඝෝෂණයක් පිළිබඳව මුලතිව් පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබූ නමුදු, අධිකරණය විසින් උද්ඝෝෂණ කිරීමට ජනතාව සතු අයිතිය පිළිගත් අතර, ඊට බාධා නොකරන මෙන් පොලීසියට අවවාද කළේය මාර්ග අවහිර නොකිරීමටත්, කඳවුරට ගල් නොගැසීමටත් සහ පොදු ජනතාවට බාධා වන අයුරින් කිසිඳු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා අවවාද කොට තිබුණි.

26 වන දින උදෑසන ඉඩම අසල සිටි පොලීසිය පැවසූයේ ඔවුන් එහි රැඳී සිටින්නේ අධිකරණ නියෝගය පිළිපදිනවා දැයි තහවුරු කිරීමට බවයි. කෙසේවෙතත්, ආක්‍රමණයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ, උද්ඝෝෂණකරුවන් සඳහා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා හෝ සාමකාමී උද්ඝෝෂණයක් සඳහා ඔවුන් හට ඇති අයිතිවාසිකම් ඉහළ නංවමින් අධිකරණය විසින් නිකුත් කොට ඇති නියෝග සඳහා හෝ පොලීසියට තැකීමක් නොමැති බවයි. හමුදා රැකියාවේ නෛතිකත්වය ප්‍රශ්න කිරීම වෙනුවට, නෛතික ඉඩම් අයිතිකරුවන් උද්ඝෝෂණය කිරීම වැළැක්වීමට පොලීසිය වඩාත් උද්යෝගීමත් වන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය මින් මතු වේ . පොලිස් රථවාහන සහ සේවක මණ්ඩලය, මාර්ගය අසල උපක්‍රමික ස්ථානවල සහ සෙවණේ රැස්ව සිටි අතර, ඉන් උද්ඝෝධණකරුවන්ට පොලිස් බසයේ දර්ශනයෙන් සැඟවී සිටීමට හෝ, පිළිස්සෙන තරමේ අව් රශ්මියේ සිටින්නට පොළඹවාලීමක් සිදු කෙරිණි. පොලීසිය විසින් ජනතාව සෙවණේ සිට තම ආහාර පිසීම වැළැක්වීම, කඳවුරින් එපිට ජනයාට භාවිතය සඳහා ජලය හමුදාව විසින් කපා හැරීම සහ ඔවුන්ගේම ඉඩම් අහිමිව අවතැන් වූ ප්‍රජාවකට මූලික මිනිස් අවශ්‍යතා පොලිසීය විසින් අහිමි කිරීම පිළිබඳ අපි සැලකිලිමත් වන්නෙමු. වයස්ගත පුද්ගලයන් හා දරුවන් ඇතුළු පැමිණ සිටි ජනයා, අධිකරණ නියෝගය මඟින් යළි තහවුරු කළ, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට දැරූ ප්‍රයත්නයේදී, මහත් අපහසුතාවයට සහ පීඩාවට පාත්‍ර වූහ.

එදින පස්වරුවේ (26 වන සෙනසුරාදා දින ප.. 6.30 ට පමණ ) ඉඩම් ප්‍රදේශයට අධිකරණය විසින් නිකුත් කරන ලද දෙවන උසාවි නියෝගය, පොලීසිය විසින් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව ද අපි දැඩි සැලකිල්ලෙන් සිටියෙමු. හමුදා කඳවුරේ ගේට්ටුවේ සිට මාර්ගයේ දෙපසට මීටර 75ක් දක්වා දුර, උද්ඝෝෂකයන්ට තහනම් සීමාව වන බව නියෝගයේ අවවාද කොට තිබුණි. ඒ වන විට අඳුර වැටී තිබුණ ද, නියෝගය පිළිපදිමින් උද්ඝෝෂකයන් ගේට්ටුවේ සිට නිවැරදිව මීටර 75ක් මැනීමෙන් පසු, ඔවුන් උද්ඝෝෂණය කරන ස්ථානය එම පරිමිතියෙන් පිටට ගෙන ගියේය. ඉන් අනතුරුව, හමුදා කඳවුරට විරුද්ධ පසින් ගැඹුරු ආගාධයක් තිබෙන බැව් තර්ක කළ ද, කඳවුරට පසෙකින් සිටීමට සූදානම් වූ ඔවුනට පොලීසිය විරුද්ධ වූහ. එමෙන්ම, ඔවුනට උද්ඝෝෂණය කළ හැක්කේ මාර්ගයෙන් කුමන පැත්තේ ද යන වග උසාවි නියෝගයේ කිසිඳු ස්ථානයක නිශ්චිතව සඳහන් කොට නොමැත. පසුපසට සහ ඉදිරියට ඇදීම් බොහොමයක් සිදු වූ පසු, ජනතාවට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන ලෙස පොලීසිය පැවසූ අතර, උද්ඝෝෂකයන්ට කිසිඳු හානියක් සිදු වුවහොත් ඔවුන් වග නොකියන බව පැවසීය. තවද, පොලීසිය විසින් උද්ඝෝෂණයේ වීඩියෝ දර්ශනපට පරීක්ෂා කොට, “කෑ ගැසූසියලු පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බව පවසමින් උද්ඝෝෂණකරුවන් බිය වැද්දීමට පොලීසිය වෙර දැරුවේය. ප්‍රතිවිපාකවලට බියවෙමින්, කඳවුරේ විරුද්ධ දිශාවට මාරු වූ ගම්වාසීන් වැටක් සහ ගැඹුරු ආගාධයක් අතරමැද පටු බිම් අඟලක, අඟල හරහා එහා මෙහා යාමට පැරණි ලෑලි දමා, ඉතා අවදානම් සහගතව සිටියහ.

පසු දින(28 වන සඳුදා), ඉහත ප්‍රතිචාරකයන්ට සහ නීතිඥයන්ට ඔවුනගේ උද්ඝෝෂණය පැවැත්වීමට ස්ථානයක් පොලීසිය සමඟ සාකච්ඡා කර ගන්නා මෙන් උසාවිය නියෝග කොට තිබුණි. ඒ වන තුරු, ජනතාව ආගාධය දෙපස සිට, තම ඉඩම් ඉල්ලා උද්ඝෝණයේ නියැලුණහ.

ජනතාව සතු උද්ඝෝෂණය කිරීමේ සහසාධාරණව හා ගෞරවයෙන් යුතුව සැලකුම් ලැබීමේ අයිතිය පිළිබඳ අපි පුල පුලා පවසන්නෙමු. කෙප්පපුලව් සහ අනෙකුත් ප්‍රදේශවල අත්පත් කොට ගෙන තිබෙන සියලු ඉඩම් වහාම මුදා හරින ලෙසත්, මෙම ජනතාවට සහ කලින් කලට මුදා හරින ලද ඉඩම් සතු පුද්ගලයන්ට නැවත පදිංචි වීමට පූර්න උපකාරය වහාම ලබා ලෙසත් සහ ඔවුන්ගේ දිගු කාලීන අවතැන්වීම හේතුවෙන් දේපළට සිදු වූ හානිය, ඔවුන්ගේ සංස්කෘතියට සහ ජීවන රටාවට සිදු වූ කැපීපෙනෙන ආර්ථික හානි සහ විනාශයට සමානුපාතික වන්දියක් ලබා දෙන මෙන් අපි පුල පුලා ඉල්ලා සිටින්නෙමු.

ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංවිධානය

2019, ජනවාරි 30 දින.

කෙප්පපුලව් ජනතා අරගලයේ ජායාරූප   වෙතිනි.

Back to Top