Sri Lanka Brief
පුවත්විවරණමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි ‌තෙන්නකෝන්

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි ‌තෙන්නකෝන්

by

ජනවාරි 23 වැනිදාට මට ප්‍රහාරය එල්ලකර හරියටම වසර දහයකි.ලසන්තට ජනවාරි 8 වැනිදා ප්‍රහාරය එල්ලවූ අතර කීත් නොයාර්ව පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22වැනිදාය.තවත් සෑහෙන පිරිසක් ප්‍රහාරයන් සහ පැහැර ගැනීම්වලට එදා ලක්විය.ඒ අඳුරු යුගය අවසන් වී සියළු දෙනාට සාධාරණයක් ඉටුවෙතැයි යහපාලන රජයත් සමග බොහෝ දෙනා එදා කල්පනා කලහ.නමුත් එදා බලයට පත්වූ යහපාලන රජයෙන් තවම ඉටුවු කෙන්ගෙඩියක් නැත.එමෙන්ම ඉදිරියට යමක් කෙරෙයිද යන්නත් සැක සහිතය.ජනාදිපතිවරයා මානසික අයිතිවාසිකම් ගැන කතාකරන්නේ මිනීමරු සහ ප්‍රහාරක සැකකරුවන් වෙනුවෙනි.ඒ නිසාම ඒ පරීක්ෂණවලටද ඇත්තේ දෙවියන්ගේ සහ රහස් පරීක්ෂක නිලධාරීන්ගේ පිහිට පමණි.
වරක් වන්දි ගෙවන්නද කතා කළහ.මාත් ඉල්ලුම් පත්‍රයක් බාරදුන්නේ එසේ නොකලොත් එයද ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට ඉඩ තිබුණු හෙයිණි.නමුත් ඔවුන්ගේ තුට්ටු දෙකක් ගන්න නම් මාගේ බාලාපොරොත්තුවක් නැත.

මගේ ප්‍රහාරයත් සමග මගේ ජීවිතය උඩු යටිකුරු විය.මා සිතන්නේ, මගේ පමනක් නොව එම තත්වයට මුහුණ දුන්න සියලුම දෙනාම තවමත් එම තත්වයේම සිටිනවාට කිසිම සැකයක් නැත.පසුගිය වසර දහය තුල ඔවුන් ගැන සොයා බැලුවේ කවුද?ඔවුන්ගේ දුක සැප බෙදා ගන්නට දායක වූවෙක් සිටීද? නැත.මා මතකයේ ඇත්තේද කීයෙන් කීදෙනෙකුටද යන්න සිතා ගැනීමත් මට දුෂ්කරය.නමුත් මෙහිදී මට අමතක කල නොහැකි තිදෙනෙක් සිටිති.ඔවුන්ගේ නම් මෙහි සඳහන් නොකොලොත් එය මාගේ ගුණමකුකමක් වෙනු ඇත.ඒ කරු ජයසූරිය, මිලින්ද මොරගොඩ සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ය. කතාකරන්නට හෝ සිටියේ ඔවුන් පමණි. මහත්මා ගතිගුණ ඇති දෙශපාලනඥයින් හැටියට මම ඔවුන් දකිමි. මෙයට අමතරව තවත් මිතුරන් පිරිසක් මට සිටියහ.ඔවුන් මට කොහෙත්ම අමතක කල නොහැක.ඔවුන් සධාතනික මිතුරන්ය.ඔවුන්ගේ නම් මෙහි සඳහන් නොකලත් ඒ නම් මගේ හදවතේ සදහටම සඳහන්ව තිබේ.

වත්මන දෙස බලද්දී පෙනීයන පැහැදිලි චිත්‍රයක් මට තිබේ.පසු ගිය මෙවැනි සියළුම සිදුවීම් අද සියලු දෙනාට අමතකය.ඔවුන් අද කතාකරන්නේ සියලු දෙනා මැරිල ඉපදුණු මිනිසුන් ලෙසින්ය.මගේ පුදුමය එසේ සිදුවූයේ කෙසේද කියායි.මේ ගැන කවුරුහරි සිහි කොලොත් ඒ දේශපාලන වාසියකටය.එසේ නැතුව අපේ යහපතට නම් නොවෙයි.එදත් එසේම ඔවුහු කතා කලහ.එයින් වාසි ලබාගත්හ.

අද දේශපාලනය අප්‍රිය වූ විෂයකි.වත්මන් සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් එකම බෝට්ටුවේය.වම දකුණ කියා වෙනසක් නැත.සියලුදෙනාම කුණු වී හමාරය. හොඳයි කියනවානම් ඒ එක අතක ඇඟිලිවලටත් අඩු පිරිසකි. ඒකටම හරියන්න පුරවැසි පිරිසකුත් පැමිණ ඇත.මට පුදුම මෙවැනි පිරිසක් මේ කුණු ගොඩට වැටීමය.ඔවුන්ට යමක් කරන්නට අවශ්‍ය වූවා නම් ඔයිට වඩා බුද්ධිමත් ලෙස කරන්න්ට ඉඩ තිබුණු බවය.ඔවුන් කියන දේ ඇත්ත වෙන්න පුළුවනි.ඒත් ඒක ජනතාව පිලිගනීවිද? ජනතාව පිලිගන්නා ආකාරයට ඉදිරිපත් වුවානම් වඩාත් නිවරිදිය.

දැන් දේශපාලනය විහිළුවකි.කෙනෙක් නොදන්න දේශපාලන ගේමක් සෙල්ලම් කරන්න උත්සාහ කරයි.තවත් සමහරෙක් ජනතාවගේ බුද්ධියට සමච්චල් කරයි.හැබැයි දෙගොල්ලම අනාගන්නා බව ඔවුන් දන්නේ නැත.ඔවුන්ට තේරෙන්නේද නැත.ඒ තරමටම ඔවුහු බලයෙන් මත්වී සිටිති.

දැන් එලියේ සිටින තවත් පිරිසක් මෙයට උත්සාහ කරණ බවක් පෙනෙයි.ජනතාව වඩාත් සැලකිලිමත් වියයුත්තේ ඔවුන් ගැනය.එකෙක් ඇවිත් රටට කරපු හදිය මදැයි.ඒක තවමත් ඉවර නැත.ඒකටම මේ මරාලයකුත් පාත් උනොත් යසට තියෙයි.

පසුගිය දවසක ධම්මික පෙරේරා ඕක ගැන කතා කලා.එයාගෙ අවශ්‍යතාවය භාණ්ඬාගාරය.මොහුගේ අදහස් අවංකව ඉදිරිපත් කලාද කියල මට සැකයි.ඒ කතාව හරියටම විශ්ලේශ්ණය කලොත් ඒක තේරෙයි.කොහොමද තෝරල බේරල කතා කලේ කියල.ඔහුගේ හෑබෑම ආරම්භය පවා ඔහු වසන් කරලයි කතාකරන්නෙ.ඒකම ඔහුගේ අවංකභාවයට ප්‍රශ්ණය්ක් කියලයි මගේ හැඟීම.ඔහුගේ අදහස් පවා සියයට සියයක්ම නිවරදි නොවෙයි.ඇතැම්දේ නිවරදි වෙන්න පුළුවනි.ඒ නිසාම ඔහු දක්ෂයෙක්ද කියලත් ප්‍රශ්ණකරන්න පුළුවණි.

කොහොම වුනත් මේ රට ඉතාම කුඩා රටකි.ලෝකයේ සියලු රටවල වේගයෙන් දියුණු වෙද්දී අප එකතැන පල්වෙයි.වරද කාගෙද?අපේමය. හරි දේශපාලනඥයින් තෝරා නොගැනීම ඊට හේතුවයි.එහෙනම් වරද ඇත්හේ අපේ අතේමය.එහෙනම් දැන්වත් අවදියෙන් සිටිමු.

Back to Top