Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් – ආචාර්ය දීපීකා උඩගම

මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් – ආචාර්ය දීපීකා උඩගම

by

ජයාරූපය: මානව හිමිකම් ‌කොමිසම හමුවට ගිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කණ්ඩායම.

මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් බව අද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් බාර ‌‌දෙන ලද සංදේශයක් බාර ගනිමින් එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම පැවසූවාය. ‌ ‌‌‌මෙම අවස්ථාවට නි.මා.ව්‍යා‍. ‌‌යෙහි  කමිිිිටු සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ‍.

අද බාර ‌‌දෙන ලද සදේශය පහත පළවේ.

2019. 01. 29

ආචාර්ය දීපිකා උඩගම මෙනවිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම,

ගරු සභාපතිතුමියනි,
අපරාධවලට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට යුක්තිය ඉටු කරවා ගැනීම

ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍ය සේවකයන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඉතාමත් කණගාටුදායක බව ඔබ දැනටමත් මනාව දන්නා කරුණක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි. මෙම අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම සහ යුක්තිය ඉටුවීම දිගින් දිගටම ප්‍රමාදවීම සම්බන්ධයෙන් අදාළ වින්දිතයන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පමණක් නොව මානව හිමිකම් ගරුකරන යුක්තිය අගයන සියල්ලන් තුළ පවතින්නේ බරපතල පසුතැවීමකි.

මෙම පසුබිම තුළ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 2000 සිට 2015 දක්වා වකවානුව පිළිබදව අවධානය යොමු කරමින් , මාධ්‍ය වෘත්තියේ යෙදීම නිසා, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්, සහ මාධ්‍ය ආයතන පිළිබද පුලුල් අධ්‍යයනයක් සිදුකරන ලදී. එහිදී සිදුවීම් විශාල සංඛ්‍යාවක් පිළිබද තොරතුරු අනාවරණය වූ අතර වඩාත් කණගාටුදාායක තත්ත්වය වන්නේ ඇතැම් සිදුවීම් පිළිබද නිසි වාර්තා පවා නොමැති වීමයි. උදාහරණයක් ලෙස දක්වතොත් උතුරේ ඇතැම් සිදුවීම් පිළිබද පොලිස් පැමිණල්ලක් හෝ සටහන් වී නොමැත.

මාධ්‍ය සේවයකයින් ද විශාල ප්‍රමාණයක් අපරාධවලට ගොදුරු වී ඇති නමුත් මෙම මුල් අදියරේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නියෝජනය වන සිදුවීම් තිහක් තෝරාගෙන ඒ පිළිබද පුලුල්ව අධ්‍යයනය කරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තමන් කැමති මතයක් හෝ විශ්වාසක් දැරීමට ඇති අයිතිය, වධහිංසාවෙන් තොර වීමේ අයිතිය, නීතිය ඉදිරියේ සමාන රැකවරණය, සාධාරණ නඩු විභාගයක් සදහා වන අයිතිය, සමානාත්මතාව සදහා වන අයිතිය වැනි මූලික අයිතිවාසිකම් මෙන්ම ජීවත්වීමේ අයිතිය වැනි මානව අයිතිවාසිකම් ද බැලූ බැල්මට උල්ලංඝණය වී ඇති බව නිරීක්ෂණ විය. මෙම තත්ත්වය දිගින් දිගට ම විසදුම් විරහිතව පැවැතීම මානව හිමිකම් දිගින් දිගට ම උල්ලංඝණය වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.

මෙම පසුබිම තුළ අදාළ මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසත් නැවත ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යවලට අදාළව මේ ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝණය වීම සිදුනොවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම සදහා මැදිහත් වන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තමන් විසින් සිදුකළ අධ්‍යයනයේ සංක්ෂිප්ත වාර්තාවක් ද මේ සමග ඉදිරිපත් කර සිටී.

සී fදාඩාවත්ත (කැදවුම්කරු)

ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධ අධ්‍යයනය පිළිබද සංක්ෂිප්ත වාර්තාව
මෙම අධ්‍යයනයේදී 2000 සිට 2015 (ආරම්භය) දක්වා සිදුවූ සිදුවීම් අතරින් සියලුම ප්‍රදේශ, විවිධ ස්වභාවයන්, විවිධ මාධ්‍ය ආදි සියල්ල නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට අදාල සිදුවීම් 30 ක් තෝරාගෙන ඒ පිළිබද පුලුල්ව අධ්‍යයනය කරන ලදී. එම සිදුවීම් පහත වගුව මගින් සරලව දක්වා තිබේ.
සිදුවීම් ලේඛනය 2000 – 2015
අංකය
වින්දිතයා                                                                               ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය                                    සිද්ධිය  සිදුවූදිනය
1 මයිල්වාහනම් නිමලරාජන්                                                   ඝාතන                                                                 2000   .10.19
2 රුෂාන්ගන් කෝඩිස්වරන්                                                   පහරදීම                                                                2002.08.08
3අයියාතුරෙයි ජී නඬේෂන්                                                     ඝාතන                                                                  2004.05.01
4නන්දසාමි අයියර් බාලනඩරාජ්                                             ඝාතන                                                                  2004.08.16
5 ධර්මරත්නම් සිවරාම්                                                           ඝාතන                                                                  2005.04.28
6 රේලන්ගී සෙල්වරාජා                                                         ඝාතන                                                                  2005.08.12
7 සුඩරෝලි පුවත්පත ආයතනය                                             බෝම්බ ප්‍රහාරය                                                   2005.08.29
8 සුබ්‍රමනියම් සුගීර්දර්ාජන්                                                   ඝාතන                                                                 2006.01.24
9 සම්පත් ලක්මාල් ද සිල්වා                                                   ඝාතන                                                                  2006.07.01
10 සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්                                                    අතුරුදහන් කිරීම                                                   2007.02.15
11 සුභාෂ් චන්ද්‍රබෝස්                                                             ඝාතන                                                                 2007.04.16
12 සෙල්වරාසා රජිව්වර්මන්                                                  ඝාතන                                                                  2007.04.29
13 සහදේවන් නිලක්‍ෂන්                                                        ඝාතන                                                                  2007.08.01
14 ටී.එම්.ජී. චන්ද්‍රසේකර                                                    පහරදීම                                                                  2007.12.27
15 ලාල් හේමන්ත මාවලගේ                                               පහරදීම                                                                 2008.01.25
16 කීත් නොයාර්                                                                 පැහැරගෙනයාම හා පහරදීම                                 2008.05.22
17 පරණිරූපසිංහම් දේවකුමාර්                                           ඝාතන                                                                    2008.05.28
18 නාමල් පෙරේරා                                                            පහරදීම                                                                 2008.06.30
19 රදිකා දේවකුමාර්                                                          පහරදීම                                                                 2008.09.08
20 සිරස ආයතනය                                                            මැදිරි සංකීර්ණය විනාශකිරීම                                2009.01.06
21 ලසන්ත වික්‍රමතුංග                                                        ඝාතන                                                                   2009.01.08
22 උපාලි තෙන්නකෝන්                                                 පහරදීම                                                                  2009.01.23
23 එන්. විද්‍යාදරන්                                                           පැහැරගෙනයාම හා පහරදීම                                   2009.02.26
24 පෝද්දල ජයන්ත                                                         පැහැරගෙනයාම හා පහරදීම                                   2009.06.01
25 ප්‍රගීත් එක්නැලිගොඩ                                                 අතුරුදහන් කිරීම                                                      2010.01.24
26 සියත ආයතනය                                                          පහරදීම                                                                   2010.07.30
27 ලංකා ඊනිවුස් ආයතනය                                             ගිනි තැබීම                                                              2011.02.01
28 ඥාණසුන්දරම් කුගනාදන්                                           පහරදීම                                                                  2011.07.29
29 උදයන් පුවත්පත් ආයතනය                                      ගිනි තැබීම/ප්‍රහාර                                                     2006.5.2,2013.04.13
30 මන්දනා ඉස්මයිල්                                                    තර්ජනය කිරීම                                                         2013.08.23

ඉහත සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කෙරෙන වගුවක් ඇමිණුම 01 වශයෙන් මෙයට යාකර ඇත.
මෙම සිදුවීම් පිළිබද වෙන් වෙන්ව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කිරීමේදී අනාවරණය වූයේ මෙම කිසිදු සිදුවීමක් සමිබන්ධයෙන් මේ වනතුරු කිසිවෙකුට එරෙහිව අධිකරණය මගින් දඩුවම් පැමිණවීමක් සිදුකර නොමැති බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීම ආදී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉතාමත් මන්දගාමී ලෙස මූලික පරීක්ෂණ සිදුවූවද බහුතරයක් සිදුවීම් අපරාධකරුවන් පිළිබද තොරතුරු සොයාගත නොහැකි සිදුවීම් ලෙස සී ලේඛණගත කර බහා තබා ඇති බවද මෙහිදී නිරීක්ෂණ විය. මේ අන්දමට දිගින් දිගටම දණ්ඩ මුක්තිය පැවතීමටත්, යුක්තිය ඉටු නොවීමටත් හේතු ලෙස පහත කරුණු අප විසින් හදුනාගන්නා ලදී.
01.නීතිමය ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යෑමට ඇති බාධා
* ජීවත් වන වින්දිතයන් නැවත ජීවිත තර්ජනයට මුහුණ දීමට ඇති බිය. (උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් විශේෂයෙන්)
* වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් පවුලේ අනෙක් අය ද අහිමි වේයැයි ඇති බිය. (අතුරුදහන් වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් සොයා ගැනීමට ඔහුගේ පියා සහ සහෝදරිය මුල් අවස්ථාවේ අඛණ්ඩව හමුදා කඳවුර වෙත ගොස් විමසීම් කර ඇත. උතුරේ දේශපාලනඥ ඩග්ලස් දේවානන්දා මහතා හමු වී විමසීම් කරන විට තව කරදර කළහොත් ඔවුන් ද අතුරුදහන් කරන බවට අනතුරු අඟවා ඇති බව වාර්තා විය. ඉන්පසු ඔවුන් තම ජීවිතාරක්‍ෂාව පතා සෙවීම් අත්හැර ඇත.)
* යුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යුහයන් ගැන විශ්වාසය නොමැති වීම. (විශේෂයෙන් නොයෙකුත් වෙනස් සැලකිලිවලට ලක්වූ, උතුරු නැගෙනහිර පළාත්වල අපරාධවලට ගොදුරු වූ වින්දිතයන්, පරීක්‍ෂණවලට මූලික විය යුතු පොලීසිය හෝ අනෙකුක් ව්‍යුහයන් තමන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නේ යැයි විශ්වාස කරන්නේ නැත.)
* සාක්‍ෂි ඇතත් පරීක්‍ෂණ සිදු නොවීම (ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා සහ ආරක්‍ෂකයන් එහි ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ටීඑම්ජී චන්ද්‍රසේකර මහතාට පහර දීම සජීවිව විකාශනය විය. අපරාධ සැකකරුවන්ගේ නම් සහිත පැමිණිල්ලක් සිදු කෙරිණ. වින්දිතයා ද ඒ සඳහා ඉදිරිපත් වී සිටී. එහෙත් කිසිදු පරීක්‍ෂණයක් සිදු වී නැත.)
* පරීක්‍ෂණ ඉදිරියට ගෙන යෑමට දැඩි කැපවීම ඇතත් පරීක්‍ෂණ මන්දගාමී වීම. (අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් සිවිල් සමාජයේ සහයෝගය ද ඇතිව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ කැපවීමෙන් පසුගිය වසර 9 පුරා ක්‍රියාකාරී වුවත් වර්තමානයේද පරීක්‍ෂණ කටයුතු සිදු වන්නේ මන්දගාමීවය.)

2. දැනට ඇති ව්‍යුහයන් සහ අධිකරණ පද්ධතියේ ගැටලු හා ප්‍රමාදයන්
* අපරාධ සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කොට, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රධාන වගකීම දරන පොලීසිය බහුතරයක් අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් එසේ කිරීමට අසමත් වී තිබීම හා නිසි උනන්දුවකින් කටයුතු නොකර තිබීම.
* නීතිපතිවරයාගේ කාර්යභාරය නිසි ලෙස ඉටු නොවී ඇති බව නිරීක්‍ෂණය කළ හැකි වීම. (සම්පත් හිඟකම වැනි සාම්ප්‍රදායික හේතු තිබුණද)
* ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ආවේණික දුර්වලතා. (මූලික විභාග සිදුවිය යුතු මහේස්ත්‍රාත් අධිකරණ තුළ විශාල නඩු ප්‍රමාණයක් ගොඩගැසී තිබීම හේතුවෙන් නඩු දිගින් දිගටම කල් යෑමෙන් ඇතිවන යුක්තියේ ප්‍රමාදය මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඉදිරියට පැමිණි පරීක්‍ෂණ කිහිපයේ මන්දගාමී බවෙන් පැහැදිලි වේ.)

3. දේශපාලන කැපවීමක් නොමැති වීම.
* රජයේ දේශපාලනඥයකු සම්බන්ධ ජාතික රූපවාහිනියේ ටීඑම්ජී චන්ද්‍රසේකරගේ සිදුවීම නොසලකා හැරීම පැහැදිලි උදාහරණයකි. අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ සම්පූර්ණ වගකීම රජය සතු වුවද 2015 දක්වා සියලු සිදුවීම් සම්බන්ධයෙන් රජය සිටියේ නිහඬ ප්‍රතිපත්තියකය. මූලික පරීක්‍ෂණ කාර්යභාරය ඇති පොලීසියේ සිට සියලු කටයුතු අකර්මන්‍ය වීමට රජයේ කැපවීමක් නොමැතිකම බලපායි. සිවිල් සමාජයේ තෙරපුමක් සහිතව බලයට ආ නව රජය යටතේ 2015න් පසු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හෝ පරීක්‍ෂණ ආරම්භ වුවත් නැවත ඒවා මන්දගාමී වී ඇත.)

4. ආරක්‍ෂක හමුදා සහ අතුරු හමුදා සම්බන්ධකම්
දැනට අනාවරණය වී ඇති සැකකාර පාර්ශ්වයන් අනුව, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ප්‍රබල සාධකයක් වී ඇත්තේ මෙම පාර්ශ්වයන්ය. මෙම පාර්ශ්වයන් දේශපාලනය හා සෘජුව සම්බන්ධ බැවින් පරීක්‍ෂණ ඉදිරියට ගෙන යෑමට දේශපාලන බලාධිකාරයේ කැපවීමක් තිබිය නොහැකිය. අනාවරණය වූ පරීක්‍ෂණ තොරතුරුවලට පසු සිදුවූ ක්‍රියාදාමයන්ගෙන් ද ඒ බව පැහැදිලිවේ.

5. මාධ්‍ය පාරිභොගිකයන්/සිවිල් සමාජය දණ්ඩමුක්තිය වළක්වා යුක්තිය ඉටු කරවා ගැනීමට දක්වන දායකත්වය ප්‍රබල නොවීම
සිවිල් සමාජය, මාධ්‍ය සංවිධාන එකතුව මානව හිමිකම් උල්ලංඝණයට, දණ්ඩමුක්තිය පවත්වා ගෙන යෑමට එරෙහිව යම්කිසි බලපෑම් ක්‍රියාවලියක නිරත වුවත් එය දේශපාලන කැපවීම ඉස්මතු කර ගැනීමට තරම් ප්‍රබල වන්නට දැවැන්ත වූයේ නැත.

6. මාධ්‍ය ආයතන හිමිකාරිත්වය යුක්තිය වෙනුවෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකිරීම
තමන්ගේ මාධ්‍යවේදීන්ගේ අහිමි වූ මානව හිමිකම් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට, දණ්ඩමුක්තිය වළක්වා වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කරවා ගැනීමට මාධ්‍ය හිමිකාරිත්වයේ කැපවීම අඩුකම කැපී පෙනෙන කාරණයකි. උතුරු නැගෙනහිර පැවැති සන්දර්භය අනුව අනතුර වැඩි කර ගැනීමට ඇති බිය, විශ්වාසයක් නොමැතිකම ආදී හේතු මත නිහඬව සිටි අතර අනෙක් ආයතන හිමිකාරිත්වයේ ද යුක්තිය වෙනුවෙන් සාධාරණ කැපවීමක් දක්නට නොලැබිණ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Back to Top