Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසිරාගේ පොතට පෙරවදන: පොතට නමක් කියාපියෝ! – සුනන්ද දේශප්‍රිය

සිරාගේ පොතට පෙරවදන: පොතට නමක් කියාපියෝ! – සුනන්ද දේශප්‍රිය

by

මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය‍. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්නද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය‍. මොකද කියනවා නම් මං ලියපු පත්තර කන්තොරුව කලින් රනිලයාගේ පවුලට අයිතිව තිබූ එකක් නිසාය. මට ඔය සම්බන්ධය කිව්වේ ලක්තිලකයාය. එදා හිටං තිලකයාට වගේම මටත් රනිලයා පෙන්නනම බැරිය.

දැන් ‘මගේ අගමැති’ පොත ලිය()න්නට වෙළාය. වෙළ රනිලයාට වගේ නොව මේ හිටංට පුරුදු තැනකි. මං වෙළක්ම ගිනි තියපු හිටං කෙනෙක් බව චතුරීත් ලියවා තිබෙනවාය. මං කියන්නේ ලියන්න ඉගෙන ගන්න නම් හතුරෙක් ගැන ලියන්න කියාය. මොකද එතකොට ඕන කෙප්පයක් ඇත්ත කරන්න පුලුවන් නිසාය. හාහා පුරා කියා මං ලිය()න්න යන්නේත් සතුරා වූ මගේ පණ බේරූ මිතුරා ගැන නිසාය‍. මං මේ රටේ අනාගත පරම්පරාවටත් කියන්නේත් ඇර ගත්ත ගමන්, අැර ගත්ත ඒකා ගැන රෙද්ද කඩාගෙන ඇඟ්ත් හලාගෙන හරි ලියපල්ලා කියාය. මං ඒ් තරම් ආදර්ශමත් ගමරාළ කෙනෙක්ය.

අලියාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යන්න ගිය ගමරාළ ගැන තියෙන කතාවත් මං හිතන්නේ රනිලයාගේ වරිගයේ කව්රු හරි ලියපු එකක් වෙන්න ඇති කියාය. ඒ විදිහට ගමේ මිනිහෙකුට අපහාසයක් කරන්න පුලුවන් කොලඹ හතේ හාදයකුට පමනක්ය.

එතකොට හිටං මං ඉස්සෙල්ලාම කළේ ‘පොතට නමක් කියාපියෝ’ කියා චතුරිගේ සුපිරි හොටලයේ පාටියක් දුන්න එකය. ඒක උනේ මෙහෙමය.

චතුරීගේ හෝටලයේ සප්පායම් වන ගමන් මං ‘අරෑ ගැන ලියන පොතට නමක් දීපල්ලා’ යැයි පවුලේ සාදයට කිව්වාය. ගත්කටටම ‘ මං සමණලුන්නට බයත් නෑ මල්ලියේ’ කියා දාන්න යැයි මහ රෑ නැටුම් තෙල් පාටියකට යමින්ම සිටි තරු පහේ පුතා කිව්වාය.

‘‘එක හරි නැහැ, ‘ජංගිය නොදුටු මඩුවලිගයා’ කියා දාන්න’’ යි බාර් එකේ බෝතල් අඩුක්කු කරන ගමන් චතුරී කියෙව්වාය.

ලක්ෂ 500 ඒවා මිටි බඳිමින්ම සිටි ඩඩ්ලි කිව්වේ ‘ඇටයෙන් දුන් අරලිය ගේම’ කියා දාන්නය.

අන්තිමේදී හෝටල වැව් ඉස්මත්තෙන් පලානෙළා ගෙන ඇවිත් සිටි අැඹේනි ’රෙද්දට පැරදුණූ කළිසම’ හොඳ නැත්දැයි ඇසුවාය.

මේ සියල්ල අසාගෙන මේසය යටට වී සිටි පූසා ‘ඇත්තටම රෙද්දද කළිසමද හොඳ?” කියා ඤාව් ගෑවාය. කන් උලක්කු කරගෙන වහලේ අැලවී සිටි හූනා ’ කැතයි හොඳේ! ඔය අපි වගේ පොඩි අයට ඇහෙන්න කියන කතාද? යැයි චික් චික් ගෑවාය.

හැබැයි මං නං හෝටල් පුතා කිව්වාට සමණල්ලු ගැන ආයෙත් කට අරින්නේ නැතිය. කට හැකරයෙක් කී මඩකළපු කතාවට මං බය උනෙමි.

හොඳ නමක් මං ‘ලක්තිලකයගෙම්ම අහළම බලන්නම් හිටං’ යයි කියා නොම්බරය කෙටුවෙමි. ‘ සෑර් මං ‘පෙඩරල් පත්‍රිකා’ හරි ‘අයර්ලන්ත සාම ගිවිසුම’ හරි බලලා රනිලයාට චූ යන නමක් දෙන්නම්’ කියා තිලකයා කිව්වාය. ‘පත්‍රිකා වගයක් ගෑනු කට්ටියක් ඊයෙත් බෙදුවායි කියන්නේ හිටං, තමුසෙත් ඒවා බලනවද’ කියා මං අැහුවාය.

පූසා ආයේ අවළම් කට දැම්මාය. ‘චූ යවන්න ඕන නම් වතුර චූ කරන මන්තරය දන්න මහින්දානන්දවගේ රාජපක්ෂගෙ ගෝලයෙක් වතුර බෝතලයක් එක්ක යැව්ව නම් ඉවරයිනෙ හිටං. ඕකට පත්‍රිකා බල බල ඕනෙයි’ කිව්වාය.

සුදු බණ්ඩාද පොතට නමක් දාන පාටියට ඇවිත් උන්නේ 117 සොයන්න යන ගමන්ය. කොල්ලන්ටත් ඇදල යන නමක් දාමුයි කී බණ්ඩියා බඩවටේ අත රවුමක් යවා හුස්මක් ඇඳ ‍ ‘මෙන්න බඩු සෑර්’ කිව්වාය. ‘කෝ නම’ මං ඇහුවාය. ‘බඩු සෑර් බඩු!’ දාන්න ‘සිරාමරා ජොයින්ට්’ කියලා. ‘චතුරීගේ පොත වගේ් නොවයි කොල්ලො පෝලිමේ එයි ජොයින්ට් එක ගන්න සෑර්’. යටින් ‘පොළොන්නරුවෙ ඔර්ජිනල්’ කියළා දාමු. ‘යාවි උණු ආප්ප වගේ, පොත එක්කම ජොයන්ට් එකකුත් දෙන්ඥං’

නිදිමත ද නැතිව කිමුහුම් යවමින් සිටි පූසා අායෙත් කට දැම්මාය.: ‘ ඒක නම් ඇත්ත, දැන් රටම ඉන්නේ ජොයින්ට් ගහල වගේ තමයි, මං හිතන්නේ වාසුට ඇහැකි මාක්ස්වාදි රතුපාට නමක් දෙන්න’.

අයියෝ වාසුගේ නම මං දෙන්නම් කීී’ හූනා චතුරීයි නෝනයි ගියා නේද බැලුවාය. ‘ඒ නම තමයි ඒ දෙන්නටම නැති අපට තියෙන වස්තුව’ කියා හූනා ටිකක් ලැජ්ජාවෙන් වගේ කිව්වාය.

පූසාත් දැන් රනිලයාගෙ ලණු කාලද දන් නෑ’ කියාගෙන අහවල් එකකට වාගේ අප්පච්චි මළා කැම මේසයට බැස්සාය. අප්පච්චි මළාගේ චුශකරවලට අහුවෙන්න කලින් චතුරී මේසයේ දිලිසෙමින් තිබූ රන් විස්කි බෝතල් ගසාගෙන ගියාය.

ඇත්තම කියමු සර්’ කියා චතුරීට කුණු ඇහදාගත් ගමන් ‘අපට නොදී කාපු එකා’ කියල නම දාමු! කියා කුකුලු හැවිල්ල කියන්න ගත්තාය.

දුදනොද බිඳ ලද තෙද කඳ

කඳ දෙවිරද සාමිනේ //

මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ

මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ

මගේ බලය ගත්ත එකා

රනිල් කියන නපුරු එකා

19යෙන් කෙළිය එකා

මගේ බලය ගත්ත එකා

බලා එල්ල හෙලුව හෙල්ල

මුලමැ බෙල්ල මරු තැනේ

පොතට නමක් කියා පියෝ සාදය’ රන් විස්කියෙන් තෙමිි ගිය ගෙහිමියාගේ එම අවසන් ගායනයත් සමඟ අවසන් වූනාය.

නැට්ට උඩ වාඩිිවී සිටි හූනා චික් චික් ගෑවේය. ‘අප්පච්චි මළාගෙ කතාව ඇත්ත සෑර්. බෙදාගෙන කන්න පුලුවන් කෙනෙක් දා ගන්න’

හිටං.

දිනයක් තවම නැත.

පසුව ලියමි.

කට පරිස්සම් කරගන්න දැන හිටියා නම් ලූලාත් කනයාත් දෙන්නාම තාමත් පරාක්‍රම සමුද්‍රයේ ‘පීන පීනා රැල් තුරුල්ලේ, පාවෙනූ සිතු සේ ජලේ’ ඉන්න තිබුණේය. මටත් දවසක ඒක වෙන බව කිව්වේ කව්ද කියා මතක නැති උනත් ඒක ඇත්තක්ය‍.

මගේ අගමැති ගැන පොතක් ලියන බව මං කිව්වේ නැත. කියවුණාය. හරියට අර එල්ලම් ගස් යවන බව කියවුණා වගේය‍. තවම මට ගහ හයි කරගන්න බැරිවුණය. ඒක උනෙත් මගේ අගමැති රනිලයා නිසාය. රනිලයා එල්ලුම් ගහ අරගෙන ගෙදර ගිය බව මට සුදු බණ්ඩා කිව්වාය. යුරොපා සංගම් කාරයොත් එක්ක, රනිලයා ඒක අරගෙන යනවා ඇස් දෙකෙන්ම දැක්ක බව හිසේ අත් ගහගෙන දිලාන් බබා ඇඩුවේය. ‘ඇයි මේ දවස්වල කිරි එරෙන්නේ නැත්දැ’යි මං දිලාන් බබාගෙන් ඇසූ විට බබා පුක අතගා ගත්තේය. ‘පුක පුක’ සුදු බණ්ඩියා කියන විට ‘ මං මොළය ටිකක් එත්කර ගත්තා’ යැයි බබා කිව්වාය.

දැන් ඔයාල හැමෝගෙම මොළේ තියෙන්නේ එතනද? යැයිි රනිලයාගෙ ළනු කා සිටින බව පෙනෙන පූසා කිව්වාය.

එවිට ‘බණ්ඩෝ 117ක කෝ’ කියා අැසුවේ හූනාය.

ඒකටත් රනිලයා කෙලෙව්වා. මූ පොළව උනත් ඇද කරන්න දන්න ගැට්ටෙක්. අපි නටන්න ගියොත් රනිලයා පොළව ඇද කරනවා. 117ට උනේ ඒකනේ’ යැයි බණ්ඩා කිව්වාය.

රනිලයාට චූ යන කතාවක් දැන් කියා මේ පෙරවදන අවසන් කරනවාය. දවසක් තාත්තා මට බෙට්ටක් යන්න ටොක්කක් ඇන්නේත් මං ඒ බෙට්ට ගිනි ජාලාවක් කර තාත්තාට ගේම දුන්නෙත් ඕනෑ බම්බුවත් ගහ ගනින් කියළාය. එහෙව් මට රනිලයා අහවල් බම්බුවක් නොවේ. කාලයක් මට පත්තරකාරයෝ බම්බුවා යැයිද කිව්වාය. කාලයක් මඩු වලිගයා කිව්වාය. ජංගියා කිව්වාය .ආප්පයා කිව්වාය. දැන් කියන්නේ හිටං කියා ය. ඔය කතා ඔක්කොම රනිලයාගේ වැඩය. රනිලයා මගේ හැම අහුමල්ලකම ඉදං, හිටං හිටං යමං යමං කියනවා මට හීනෙනුත් පේනවාය.

මේ හිටං එහෙම යන හිටං කෙනෙක් නොවෙයිය.

ඒත් මං කැමැති මට අපේ සංස්කෘතික වචනයක් වන අමුඩයා කියනවා නම් ය. ඒ වෙන මොකවත් නිසා නොව අමුඩේ ගූ ගිය එකා අනුන්ට ඟදයි ඟදයි කියනවා කියා මං පොඩිකාලේ ඇහුව නිසාය. සිකුරාදා දවසක ගැසට් එකක් ගසා ඒ බවට මගේ නම වෙනස් කර ගන්න දවස එනවාය. එදාට රනිලයාටත් රත්කර ගන්න වෙනවාය. කොතැනද කියන්නේ නැත.

හිටං.

Back to Top