Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගතමිල්නාඩුුව සහ තමිල් ඊළම – සාමිනාදන් විමල් 

තමිල්නාඩුුව සහ තමිල් ඊළම – සාමිනාදන් විමල් 

by

 

වසර 94ක ජීවිත කාලයකින් පසුව පසුගිය දිනෙක අවසන් ගමන් ගිය මුත්තුවේල් කරුණානිධිගේ ජීවිතයෙන් වසර 70කට වඩා ගෙවී ඇත්තේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළයි. සාහිත්‍යකරුවෙකු වශයෙන් ද ඉමහත් ජනප්‍රියට පත් ‘පරාශක්ති’ වැනි චිත්‍රපට කීපයක තිර රචකයා ලෙසින් ද කලා සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි ජනප්‍රියත්වයට පත් කරුණානිධි, දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවා ගරුත්වයට ලක් වන්නේ එනිසාමය. කරුණානිධිගේ දේශපාලන ගමන් මග සකස් වන්නේ දකුණු ඉන්දීය සමාජයේ, විශේෂයෙන්ම දෙමළ සමාජයේ බිහි වූ වැදගත්ම සමාජ ව්‍යාපාරය වූ ද්‍රාවිඩ ව්‍යාපාරයෙහි ක්‍රියාකාරිත්වය සමඟයි. හින්දු බ්‍රාහ්මණ ආධිපත්‍යයටත්, එහි කුප්‍රකට ප්‍රකාශනයක් වූ කුල ක්‍රමයටත් එරෙහිව යන එක්තරා අයුරක ක්‍රම විරෝධි ව්‍යාපාරයක් වූ ද්‍රාවිඩ ව්‍යාපාරයෙහි ක්‍රියාකාරිත්වය ආරම්භ වූ කාලයෙහි සිටම ක්‍රියාකාරිකයෙකු වූ කරුණානිධි තම පියාගේ වෘත්තිය වූ නාදස්වර සංගීත වාදකයෙකු නොවී දේශපාලනයට පිවිසෙන්නේ උඩුකය නිරුවස්ත්‍රව සිටිය යුතුය යන කුල කොන්දේසියට එරෙහි වෙමින්ය.

තමිල්නාඩු කතාව

දකුණු ඉන්දියාවෙහි ද්‍රාවිඩ ව්‍යාපාරය ආර්ය විරෝධි හරයකින් යුතු වූ අතරම හින්දු ආගමික සම්ප්‍රදායට එරෙහි වීමේ හේතුවෙන්ම දේව වන්දනයට එරෙහිව යන ප්‍රවනතාවකින් යුක්ත විය. විශේෂයෙන්ම දෙමළ යන භාෂාමය අනන්‍යතාවය තුළට මුස්ලිම්, ක්‍රිස්තියානු යන ආගමික කොටස් ද ඇතුළත් කරගැනීමට සමත්වීම ද්‍රාවිඩ ව්‍යාපාරය ලැබූ ජයග්‍රහණයකි. පස් වතාවක් තමිළ්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිධුරය දැරූ කරුණානිධි තුළින් නියෝජනය කෙරෙන දේශපාලන ප්‍රවාහය එක්තරා අවසානයකට ළඟා වෙමින් පවතින අතර ජෙයලලිතා සහ කරුණානිධි වැනි අයගෙන් ඇති කෙරෙන දේශපාලන රික්තකය එම පවුල්වල සාමාජිකයන්ගෙන් හෝ නැතහොත් පෙනෙන්නට තිබෙන අන්දමට සිනමා තරු මඟින් පිරවෙනු සිදුවිය හැකි වුවත් එම දේශපාලනය වනාහි කරුණානිධි වැනි අයගෙන් නියෝජනය වූ දේශපාලන සංස්කෘතියට වඩා වෙනස් වන බව නම් ස්ථීරය.

තමිල්නාඩු දේශපාලනය

එහෙයින් තමිල්නාඩු දේශපාලනය දෙමළ ඊළමේ දේශපාලනය කෙරෙහි බලපෑම ඓතිහාසික සාධකයක් බව පැහැදිලිය. මෙහිදී මම මෙම නාමකරණයන් දෙක පිළිබඳව විශේෂ සැළකිල්ලක් දැක්වීමට කැමැත්තෙමි. තමිළ්නාඩු යන්නෙහි පදානුගත පරිවර්තනය ‘දෙමළ රට’ යන්නයි. දෙමළ ඊළම යන්නෙහි පදානුගත පරිවර්තනය ‘දෙමළ ලංකාව’ යන්නයි.

ඉන්දියාව තුළ ‘දෙමළ රටක්’ යන්න යථාර්ථයක් වෙද්දී ලංකාව තුළ ‘දෙමළ ලංකාව’ නපුරු සංකල්පයක් වන්නේ ඇයි? දෙමළ රට යන නමින් අරුත් ගැන්වෙන දේශපාලන ඒකකය හුදු දෙමළ ජනයා පමණක් වාසය කරන ප්‍රදේශයක්ද? තමිල්නාඩු දේශපාලනය යන භූ දේශපාලනික ප්‍රදේශය බහුතරය දෙමළ ජනයාගෙන් සමන්විත වනවා මිස එය කිසිසේත්ම එකම එක ජනවර්ගයක් පමණක් වාසය කරන ප්‍රදේශයක් නොවෙයි. තොරතුරු තාක්‍ෂණය වැනි ක්‍ෂේත්‍රයන් තුළ සමස්ත ඉන්දියාවෙහි වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා තමිල්නාඩු දේශපාලනය ප්‍රාන්තය ‘දෙමළ රට’වීම යනු එහි භාෂාමය අනන්‍යතාව ප්‍රකට කරන්නක් මිස වෙනම රාජ්‍යයක් නොවෙයි. මෙහිදී අවධානය යොමුවිය යුත්තේ තමිල්නාඩුව දේශපාලනය ‘දෙමළ රට’වීම සමස්තයක් වශයෙන් ඉන්දියාවට හෝ ඉන්දියාවෙහි අනෙකුත් ජන කොටස්වලට හෝ නුරුස්සන දෙයක් නොවීමයි.

අභිලාෂමය ගැටුමක් නැත 

එමෙන්ම තමිළ්නාඩුවෙහි දේශපාලනයත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් අතර අභිලාෂමය වශයෙන් ගැටුමක් නොපැවතීමයි. එනම් ඉන්දියාවෙන් බෙදී වෙන්වීම පිළිබඳ අභිලාෂයක් තමිල්නාඩු දේශපාලනය දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් පෙන්නුම් නොකෙරෙන අතර තම භාෂාමය අනන්‍යතාව තම ජාතික අනන්‍යතාව වූ ඉන්දීය යන අනන්‍යතාව අභිභවා නොයන්නක් බවට පත් කර ගැනීම තමිල්නාඩු දේශපාලනය දේශපාලනය තුළින් ප්‍රකට කිරීමයි. එනිසා සමස්තයක් වශයෙන් සමස්ත ඉන්දීය දේශපාලන වපසරිය තුළ මධ්‍ය සහ ප්‍රාන්තය අතර ගැටුම් රහිත තත්ත්වයක් පවතින අතර බොහෝ විට ගැටුම් පවතින්නේ අසළ්වැසි ප්‍රාන්ත සමඟය. කාවේරි ගංගාවෙහි ජලය සම්බන්ධයෙන් කර්ණාඨක ප්‍රාන්තය සමඟ පවතින ගැටුම වැනි ගැටුම් උදාහරණ වශයෙන් දැක්විය හැකිය.න්න මෙන් ‘දෙමළ රට’ යන අරුත් දෙන්නක් නොවෙයි. ලංකාවෙහි දෙමළ සංකල්පය යන්න ඉන්දියාවට ආදේශ කරන්නේ නම් එය හැඳින්විය යුත්තේ දෙමළ ඉන්දියාව යනුවෙන්ය. නමුත් තමිල්නාඩුව යන වචනය තුළ ඉන්දීය යන සමස්ත ජාතික අනන්‍යතාව කියවෙන්නේ නැත. අනන්‍යතා දේශපාලනය තුළ ඇත්තෙන්ම වැදගත් වන්නේ චදන් වල කෝෂාර්ථවලට වඩා එකී ජන සමාජ තුළ ඒවාට පැලපැදියම් වී ඇති අරුත්ය. එහෙයින් දෙමළ රට යන්නෙහි ශබ්ද කෝෂමය අරුත දැක කිසිවෙක් තැති ගන්නේ නැති අතර එම වදනයෙන් කියවෙන ප්‍රදේශය තුළ ක්‍රියාත්මක දේශපාලනය බෙදුම්වාදී දේශපාලනයක් බවට පත් වී නැත.

නමුත් ලංකාවෙහි උතුරු නැගෙනහිර පළාත් එකම ඒකකයක් ලෙසින් හෝ නැතහොත් උතුරු පළාත් සභා පාලනාධිකාරි ප්‍රදේශය හෝ දෙමළ ලංකාව යන අරුතින් තමිළ් ඊළම නමින් නාමකරණය වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක් විය හැකිද? එයට ලැබෙන ප්‍රතිචාර කුමක් විය හැකිද? ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නුරුස්සන තත්ත්වයක් තුළත්, බෙදුම්වාදයට මෙහා ඇති කිසිම දේශපාලන යථාර්ථයක් පිළිබඳව අන්ධ තත්ත්වයක් තුළත්, ඇති විය හැකි තත්ත්වය තේරුම් ගැනීම අපහසු නොමැත.

තමිල්නාඩු දේශපාලනය ‌දෙස බලමු

නැවතත් කරුණානිධිගේ සහ ජෙයලලිතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ තමිල්නාඩු දේශපාලනය කෙරෙහි අවධානය යොමු කරමු. කරුණානිධි පස්වතාවක් මහජන ඡන්දයෙන් මහ ඇමැතිධුරයට පත්වූවෙකි. කෝටි පහක පමණ ජනතාවක් වාසය කරන තමිළ්නාඩු ප්‍රාන්තයෙහි දේශපාලනය මධ්‍යම ආණ්ඩුව සමඟ ගැටෙන සහ ඒ ගැටුම්වලටම කාලය වැයවෙන දේශපාලනයක් වෙනුවට සහයෝගිතාමය සහ සංහිඳියාමය දේශපාලනයක් තම ප්‍රාන්තය තුළ පවත්වා ගෙන ගියේ කෙසේද? යන්න ලංකාවේ දේශපාලනය හැදෑරිය යුතුය. තමිළ්නාඩු දේශපාලන නායකත්වය එම තත්ත්වය පවත්වාගෙන ගියේ දැඩි අභියෝග මැද්දේය යන්න අමතක නොකළ යුතුය. එවන් අභියෝගාත්මක අවස්ථා දෙකක් පමණක් මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. එකක් නම් ඉන්දියාවේ අගමැතිවරයෙකු වූ ද ජාතික මට්ටමේ නායකයෙකු වූ ද රජීව් ගාන්ධී මහතාව තමිළ්නාඩුවෙහිදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් විම හේතුවෙන් තමිල්නාඩු දේශපාලනයට මුහුණ දීමට සිදුවූ තත්ත්වය එයින් එකකි. අනෙක් කරුණ නම් 2009 වසරෙහිදී ලංකාවෙහි යුද්ධයෙහි අවසන් අදියරෙහිදී අතිමහත් දෙමළ ජනකායක් ඝාතනය වීමත් සමඟ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට එරෙහිව මතුව ආ විරෝධයෙහිදී මධ්‍යම රජයෙහි ක්‍රියාකාරිත්වයට බාධාවක් නොවන ලෙසින් කටයුතු කිරීමයි. මක් නිසාද යත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව යුද්ධමය ක්‍රියාන්විතයෙහිදී වැදගත් භූමිකාවක් දැරීමයි.

තමිළ්නාඩු දේශපාලනය පිළිබඳ සිංහල සමාජය තුළ පවතින ජනප්‍රිය මතය බොහෝ සෙයින්ම සිනමා තරු දේශපාලනය කරන බොළඳ දේශපාලනයක්ය යන්නයි. නමුත් නිදහසින් පසුව සමාජ ප්‍රතිසංස්කරණ තුළින් තමිළ්නාඩුව අත්පත් කරගෙන ඇති ජයග්‍රහණත් ජනවාර්ගික ආතතින් කලමනාකරණය කර ගැනීම විෂයෙහි ලබා ගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව විචාරාත්මක අවධානය යොමු කිරීම ලාංකේය සමාජයට වැදගත්ය.

සාමිනාදන් විමල් විසින් 82 වන සමබිම කලාපයට ලියන ලද ලිපියකි.

 

 

Back to Top