Sri Lanka Brief
පුවත්විවරණමෙරට පොදුජන චින්තනය විකෘතිකරමින් සිටින මායාකාරී ජාතිකවාදීන් සහ රාජපක්ෂ ගෙවලයන්. -චන්දන එදිරිමාන්න

මෙරට පොදුජන චින්තනය විකෘතිකරමින් සිටින මායාකාරී ජාතිකවාදීන් සහ රාජපක්ෂ ගෙවලයන්. -චන්දන එදිරිමාන්න

by

 

ජායාරූපය:ජාතික සමාජවාදයේ නාමයෙන් ඇතිකළ නට්සිවාදී උමතුව!

ජාතිය, ජාතිකත්වයජාතිකවාදය මේ සියල්ලෙන්ම කියවෙන්නේ ජාත්‍යානුරාගය යයි. මීට සහ සම්බන්ධිත විෂයක් වශයෙන් ආගමික චින්තනය සැලකේ. ශ්‍රී ලංකාවේ සමාජ ශාස්ත්‍ර පර්යේෂකයන් ප්‍රමුඛ විදවත් ජන පර්ෂද් මධ්‍යයෙහි යට සඳහන් සංකල්ප බහුල ලෙස ව්‍යවහාරගත පවති. මේවා ජනමාධ්‍ය හා අවශේෂ ලේඛණ මගින් ප්‍රචලිත වන්නනට පටන්ගෙන වැඩි කාලයක් ගතවී නැත. එමෙන්ම මේවායේ සීමාවන් කේෂ්ත්‍ර පරිමාන පිළිබඳව සීමාවන් නිශ්චිත භාවයන් දක්නට නොලැබේ.

ජනවාරි 8 විප්ලවය යනු එක්සත් බලවේග එක්තැන් කළ අවස්තාවකි. එතුළ බෞද්ධ, අබෞද්ධ, සිංහල, දමිළ, මුස්ලිම් පාර්ෂවයන්ගේ නිදහස් ඒකීය රාජ්‍යයක් ගොඩනැගීමට අත්පොත් තැබුවේය. එහි දී සෑම අංශයක්ම මනා කළමනාකරණයක් තුළින් රාජපක්ෂ පවුර බිද දැමුවේය. එම ජයග්‍රහණය තුළ සෑම අංශයක්ම මැනවින් කළමනාකරණය කරමින් විජයග්‍රහණය අත්කරගත්තේය. එකළ රාජපක්ෂ පවුලට සහ ඒවටා ගොනු වී සිටි ගෙවලයන් රෑන පන්නා දැමුවේ අන්තර්ජාලයේ පිහිටෙනි. එකළද ඥානසාර හිමි මෙන්ම වෙඩරුවේ උපාලි හිමි ලා ද සිටියේ. ජනවාරි 8 විප්ලවය සැලසුම් කළේ ෆේස්බුක්වලිනි. එය සම්බන්ධීකරණ කළේ, වට්ස්ඇප් සහ වයිබර්, ටුවිටර් වලිනි. ඒවා ජනතාව අතරට ගෙන ගියේ යුටියුබ් සහ වෙබ් අඩවියෙනි.

විජයග්‍රහණයෙන් පසු ඊට උරදුන් පිරිස් විසිවී ගොස් යට සඳන් කළ ගෙවලයන්ගේ හෙංචයියන් ආණ්ඩුවට රිංගා ගත්තේ ය. උන් කකුල් තබාගෙන සිටියේ දෙපැත්තේ ය. දැන් රාජපක්වරු පසට දෙපයම තබා ඇත. දැන් රාජපක්ෂවරුන්ට එරෙහිව කටයුතුකරන ඉදිරි පෙල සිටින්නේ රාජපක්ෂවරුන්ගේම හෙංචයියන්ය. මාධ්‍යට විග්‍රහයන් සපයන්නේ ද රාජපක්ෂවරුන්ගේ බෝතල් පත්තර කාරයන්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවේ ය.

ජාතිකවාදයආගමික චින්තනය මනාව කළමනාකරණය නොවීම නිසා සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් ආණ්ඩුවට අහිමිවිය. මේවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉතාම සැලසුම්සහගතව එකම දිශානතියකිනි. මේ පිළිබඳ අග්‍රාමාත්‍යතුමා මාධ්‍ය වෙත මැනවින් පිළිතුරු දුන් අවස්ථාවන් දැකගත හැකි විය. එක් අවස්ථාවක සඳහන් කර තිබුනේ “හිට්ලර්ගේ අයියා රටපුරා පාරවල් හදපුව වගේ” හිට්ලර්ගේ අයියා යනුවෙන් සඳහන්කර තිබුනේ හිටපු ජනපති ගැනය.

පසුගිය දිනයන්හි මේ මතෘකා පිළිබඳව පැවති උණුසුමත් සමග මේ පිළිබදව සොයා බැලීමට උත්සාහ කළ අතර, මේ පිළිඳව මෙරට විද්වතුන්සහ පරිනත දේශපාලඥයින් පළකළ අදහස් ඇසුරින් මේලිපිය ලිපිය සැකසී ඇත.

ජතිකවාදී චින්නය

ජාතිකවාදී චින්තනය අද දේශපාලන බලය ගිලිහිණු පිරිස් බලය කඩිනමින් නැවත ලබාගැනීම සඳහා යොදාගැනීමට කැසකවන අවියක් බවට පත්කරගනිමින් සිටියි. වසර 30 ක් මෙරට ඇවිලිණු යුධ ගිනිදැල් යටින් දිවෙන කතාව ජාතිකවාදය බව යුද්ධය අවසන් කළා යැයි පවසන පිරිස්වලටම අමතකවී ඇත. රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණයකර ආණ්ඩුව ගෙනඒමට මුල්වූ පිරිස් අතර අර්බුධ නිර්මාණය කිරීම හාරහා තම ඊනියා ජාතිකවාදී න්‍යායපත්‍ර එම අස්ථාවරත්වය තුළ ක්‍රියාත්මකකරමින් සිටින අවධියක අපි සිටිමු.

ජාතිකවාදී චින්තනය අතීතයේ මෙරට නගාසිටුවීමට යොදාගෙන ඇති අකාරය ඉතිහාසය විමර්ශනයේ දී පැහැදිලි වෙයි. අදත් එදත් ජාතිකවාදය (nationalism) ශ්‍රී ලංකාවේ වෙසෙන්නන්ට සමීප ව නිමක් නැති අත්දැකීමට ලැබෙන සංසිද්ධියකි. ප්‍රධාන වශයෙන් සිංහලයන් හා දමිළයන් හෝ මුස්ලිම්වරුන් අතර වරින් වර තම තමන් ගේ ජාතිකත්වය (nationality) පිළිබඳව හැඟීම් උත්සන්න ව පවතින අවධියක අපි සිටිමු.

නූතන ජාත්‍යානුරාගී චින්තනයෙහි ආරම්භය ක්‍රි.පු. 3 වන සියවසේ පමණ සිට ගොඩ නැගීක්‍රි.. 16 වන සියවස වන තෙක් සජීව පැවත, එකල සිදුවූ යූරෝපීය ආක්‍රමණිකයන් ගේ ප්‍රහාර ඉදිරයේ එය සම්පූර්ණයෙන්ම බිද වැටෙන තත්ත්වයක් 18 වැනි සියවස මුල වන විට උද්ගතව තිබුණ බව පෙන්. ජාතිකත්වයේ සුවිශේෂ කරුණු ප්‍රතිමූර්තිමත් කරන අවධියක් වශයෙන් 1815 උඩරට ගිවිසුම මගින් එදා ‘සිංහලේ’ යනුවෙන් හැදින්වුණු උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් අතටපත්වීමෙන් පසු අවධිය පෙන්වා දිය හැකිය.

මෙරට සිංහල, දමිළ, මුස්ලිම් සෑම ජාතියක් ම සිට ගත්තේ ජාත්‍යානුරාගය තුළින් පරාදීනත්වය පරාජය කිරීම වෙනුවෙනි. ඒ දිනුදේ නිදහසින් පසු ගිලිහී ගිය බව දැකගත හැක්කේමේ ජාතීන් අතර වරින්වර මතුවූ මතවාදී ගැටළු නිසාවෙනි. එය මෙරට සෑම අංශයක් වෙත කිදාබැස ඇත. එම ජාතිකවාදී චින්තනය අවභාවිතා වූ අවස්ථාවන් පසුගිය වර්ෂ කිහිපයතුළ සිදුවිය. ජාතිකත්වය, 2015 ජනවාරි බලය ගිලිහී ගිය පිරිසක් තම බලය යථාවත් කිරීම උදෙසා යොදාගැනීම නව ප්‍රවනතාවය බවට පත්කිරීමට යම් පිරිසක් උත්සාහ ගනිමින් සිටියි. එහි උච්චතම අවධියකට අපි ප්‍රවිෂ්ඨව සිටිමු.

ජාතිකත්ව හැඟීම් හදවතින් වින්දනය කිරීම අපහසු නොවෙතත් “ජාතිකත්වය යනු කුමක් ද?” යන ප්‍රශ්නය බුද්ධියෙන් විමසා බැලීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව වරින්වර මෙරට මතුවූ කෝළාහළ වලින් නිරූපනය වෙයි. මේ පිළිබඳ සැබෑ විග්‍රහයක් සැපයීමට නම් ජාතිකවාදී චින්තනය විද්‍යාත්මකව විමර්ශනය කළ යුතුය.

ජාතිකවාදය යනුවෙන් මෙහි දී අප හඳුන්වන්නේ ජාතික හැඟීම් විසින් ජනිත කරන ලද උද්වේගී චින්තනයකි. ජාතික හැඟීම්, එනම් තමන්ට කිසියම් ජාතික සම්ප්‍රදායක් උරුම ව ඇත යන විශ්වාසය පුද්ගලයකු තුළ ස්ථාපිත ව තිබිය හැකි ය. එහෙත් එය දැඩි මමායනයකින් වැලඳගනිමින් තම ජාතිකත්වය සඳහා අරගලයක යෙදීමට ඔහු අවදි වු අවස්ථාව ජාතිකවාදී අවස්ථාවක් ලෙස සලකමු. මේ පිළිබඳව වැදගත් චින්තනයක් ඉදිරිපත් කරමින්, ජාතිකත්වය හා ජාතිකවාදය අතර ඇති සංකල්පමය වෙනස පැහැදිලි කරනු වස් අර්නස්ට් බාකර් කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වනු කැමැත්තෙමි. බාකර් ගේ නිරීක්ෂණය යුරෝපීය ඉතිහාසය හා බද්ධ වූවකි. එය මේ පිළිබඳව ඉදිරිපත් වී ඇති වැදගත්ම මතයක් වශයෙන් විද්වතුන් ද පිළිගෙන ඇත.

ජාතීන් ගේ මමායනය (තමන් ජාතියක් ය යන හැඟීම) දහනව වන සියවසේ නිර්මාණය වුවකි. මෙය අප මුලින් ම සිත තබාගත යුතු වැදගත් සංසිද්ධියක් වේ. ඒ වනවිට ද ජාතීහු එහි වූ හ. ඇත්තෙන් ම ඒවා ශතවර්ෂ ගණනක් පැවතී තිබිණි. එහෙත් මනුෂ්‍ය ජීවිතයේ දී වැදගත් වන්නේ හුදෙක් ඔහේ ‘තිබුණු’ දේ නො වේ. ඇත්තෙන් ම අවසානයේ දී වැදගත් වන්නේ අදහසක් ලෙස හඳුනාගන්නා ලද්දා වූත්, අරමුණක් හා ක්‍රියාකාරී වීමට පදනමක් බවට පත් වනතුරු උද්වේගයක් අන්තර්ගත කරන ලද්දා වූත් අදහසකි. ක්‍රියාකාරීත්ව ලෝකයේ බලශක්තිය ඇත්තේ හඳුනා ගන්නා ලද අදහස්වලට පමණි. ජාතියක් ගතික වූ බලවේගයක් වීමට පෙර එය අදහසක් හා යථාර්ථයක් විය යුතු ය”

බාකර් ගේ විග්‍රහයෙන් ජතිකවාදය යනුවෙන් අප හඳුන්වන උද්වෙගී චින්තනය දහනව වන සියවසේ යුරෝපයේ පහළ වන්නට පෙර ඒ උද්වේගී චින්තනයට පාදක වු ජාතිකත්වය දිගු කලක් ඔහේ පැවත අවුත් තිබිණි. ඒ ජාතිකත්වය හඳුනාගෙන එය මිනිසුන් ක්‍රියාකාරීත්වයට පොළඹවන බලවේගයක් කරණු ලැබුවේ දහනව වන සියවසයේ දීය. මෙවැනි ඓතිහාසික කරුණු ගොන්නක් සහිත ජාතිකවාදය රටකට වාසි අවාසි වන්නේ කෙසේද යන්න ගලපා ගතයුතුය.

අපි ‘ජාතිය’ කුමන අරුත් ඇති සංකල්පයක් ද කියා ඉවෙන් මෙන් හඳුනමු. එහෙත් එය විස්තර කිරීමට අපට නොහැකි වීමට ඉඩ තිබේ. එසේ වුව ද ‘ජාතිය’ (nation), ‘ජාතිකත්වය’ (nationality), ‘ජාතිකවාදය’ (nationalism), ආදිය ගැන බොහෝ ශාස්ත්‍රඥයන් ලිය කියවිලි රාශියක් නිපදවා ඇත. ඒ හැම රචනයක ම ‘ජාතිය’ පිළිබඳව නිර්වචනය නිශ්චිතාර්තයෙන් තොරය. මෙම අදහසෙහි සත්‍යතාව විවිධ ‘ජාතීන්’ ගැන සඳහන් කිරීමේ දී අපට ප්‍රත්‍යක්ෂ වනු ඇත. ‘මුස්ලිම් ජාතිය’ ගැන සදහන් කරන විට අප යොදන්නේ ආගමික පදනමකි. එහෙත් ‘සිංහල’ හෝ දෙමළ හෝ ජාති ගැන සඳහන් කරන විට එසේ නොවේ. ‘පාකිස්ථානු ජාතිකත්වය’ සහ ‘බංගලාදේශ ජාතිකත්වය’ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ව සිටින්නේ දෙපිරිස ම එක ම ඉස්ලාමීය අගමිකයන් ව සිටියෙ දී ය. එක ම ක්‍රිස්තියානි පල්ලියේ දී දෙවියන් ඇදහුවත් සිංහලයා හා දමිළයා තම ජාතිකත්වය කුමක් දැයි නිශ්චිත අදහසක් දරනු ඇත.

ඉහත සඳහන් සීමාවන් සහිත ව වුව ද ජාතිකත්වය යනු කුමක් දැයි පැහැදිළි කිරීම සඳහා විද්වතුන් ඉදිරිපත් කරන නිර්වචන සමහරක් සලකා බැලීම වටී. ජාතියක් යනු කවරෙක්දැයි දක්වන ජනප්‍රිය නිර්වනයක මෙසේ සඳහන්ව ඇත. ජාතියක් යනු තම ඒකීයත්වය පිළිබඳව හැගීමක්, පොඳු සංස්කෘතියක් හා ජාතික චින්තනයක් නිසා එකට බැඳී සිටින සාමාජිකයන් ගෙන් සමන්විත ජන පිරිසකි”

මේ නිර්වචනයෙහි තමා අයත් පිරිසේ එකීයත්වය, එනම් තමා යම් යම් කරුණු නිසා එකට බැදී සිටිනවා යන විශ්වාසයත්ජාතිකත්වය පිළිබඳ සිතිවිලි සමුදායක් වැදගත් ලෙස සලකා තිබේ. එම කරුණු සමහරක් අතර, භාෂාව, ආගමසිරිත් විරිත්, ඇඳුම් පැලදුම්ආදිය යි. එහෙයින් මෙහි ඇති සංකීර්ණ බව පැහැදිළි වේ.

කරුණු ගැලපීමේ දී ‘ජාතිකවාදය’ යනුවෙන් අපි හඳුන්වන උද්වේගී චින්තනයට ‘ජාතිකත්වය’ පදනම් වී ඇති සැටිත්, ‘ජාතිකත්වය’ භාෂාමය වාර්ගික හා ආගමික මෙන්ම ප්‍රාදේශීය (භූමිය හා බැදුණු ) අනන්‍යතාවන් ඒ ඒ ජාතිය සතුව දිගුකලක් තිස්සේ පැවත අවුත් තිබිණ.

පුරාවිද්‍යාත්මක සාධකයන්ට ජාතිකවාදී ව්‍යාපාරයෙහි දී ඉමහත් අගයක් ලැබෙන්නේ ය. ග්‍රීසියේ පැරණි ග්‍රීක දේවාලයන්ඊජිත්තුවේ පිරමීඩ, ඊශ්‍රායලයේ වැලුම් පවුරසීකයන්ගේ රන් දෙවොල, සිංහලයන්ගේ අනුරාධපුරය සහ පොළොන්නරුව ආදිය බහුමානයෙන් හා ගර්වයෙන් සලකනු ලබන්නේ ඒ ස්ථානයන් ජාතියේ අතීත විශිෂඨත්වය හුවා දක්වන භෞතික සාධක වන බැවිනි. පෞරාණිකත්වය වැඩි වන්නට වැඩි වන්නට ඒ ඒ ස්ථානයට ලැබෙන අගය ද වැඩි වෙයි. ජාතියේ ‍ගෞරවය ද වඩ වඩා ඉහළ යයි.

ජර්මනියේ නට්සිවාදීන් විසින් තම දේශපාලන දර්ශනය සාධාරණීයකරණය කිරීමට ඉතිහාසය යොදාගත් ආකාරය මෙහි දී දැන්විය හැකි ප්‍රකට උදාහරණයකි. නට්සිවාදී ඉහතිහසඥයින් අතර ප්‍රමුඛත්වය දැරෑ වෝලටර් ෆ්‍රෑන්ක් ගේ අදහස වූයේ ඉතිහාසාඥයා ඓතිහාසික රණ බිමෙහි ඉදිරි පෙළේ සිටිය යුතු අයකු බව යි. තමන් ගේ කාර්යභාරය වන්නේ ඇඩොල්ෆ් හිට්ලර් ගේ ශ්‍රේෂ්ඨ යුගය පිළිබඳ ප්‍රකාශකයා වීම බව ඔහු ගේ විශ්වාසය වුයේ ය. ඒ අනුව ඉතිහාසය නට්සිවාදයේ දර්ශනය අනුව සුදුසු පරිදි ප්‍රතිනිර්මාණය කොට ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ඔහු නො පැකිල ඉදිරිපත් වුයේ ය. ජර්මන් වර්ගයා වෙනුවෙන් දිවි කැප කොට සටනෙහි යෙදෙන්නවුන් ඒ කාර්යයෙහි උත්සුක කරවීම තමන් ගේ මෙහෙවර ලෙස මේ ඉතිහාසඥයෝ කල්පනා කළ හ.

ලංකාවට මෙවැනි තත්ත්වයක් ගලපා බැලීම අපහසු නැත. තුළඳ මෙවැනි උවමනාවන් සඳහා ගත් උත්සාහය පසුගිය සමයන්හි ද දැකගත හැකි විය. මැරෙනතුරු දේශපාලන බලය පතුරවා ගැනීම උදෙසා වු නෛතිය ප්‍රතිසංස්කරණ 18 වැනි සංශෝධනය හරහා ගත් උත්සාහයනට අමතරව ආගමික සහ බුද්ධිමත් කොටස් යොදා ගනිමින් ගෙන ගිය ඒකාධිපති වැඩවසම් චින්තනය දෘෂ්ටිවාදයක අවශ්‍යතා සඳහා ජනමනස විකෘති කිරීමට ජනමාධ්‍ය යොදා ගනිමින් ගත් උත්සාහයන් යටපත් වුයේ ද නව මාධ්‍යයේ පිහිටෙනි. ඒ තුළ ජනවරි 8 වැනිදා සිදුවූයේ අරගලයක් පමණක් නොව මෙරට රට නිදහස් කිරීමේ අරගලයකි.

එම අරගලය නැවත හැරවීමට නැවත බලය අහිමි වු කොටස් ජාතිකවාදය ආයුධයක් කර ගැනීමට පසුගිය කාලය පුරා දැකගත හැකි විය. ඒ තුළ ආචාර්‍ය මහාචාර්‍යවරුන්ද පෙළගැසී ඇතිබව පසුගිය කෙටිකාලය තුළ සක්‍රීය තත්ත්වයට පත්ව ඇත. පසුගිය පාලන සමයේ තනතුරු වරප්‍රසාධ ලත් පිරිස් මෙහි ඉදිරි පෙළ නියෝජනය කර ඇත. එළිය, යුතුකම සංවාධ කවය වැනි පසුගිය රජයේ මුදල් මත දිවෙන සංවිධාන අර අදිමින් සිටියි. ඔවුන් පෙබරවාරි 10 පළාත් පාළන මැතිවරණයෙන් ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගේ සෑබෑ පසුබිම කුමක් ද යන්න ඔවුන්ගේ පසු පෙළ නියෝජනය කරන කොටස්වලින් හැදිනිය හැකිය.

යටත් විජිත සමයේ සිංහල,දමිළ, මුස්ලිම් ජනතාව පෙනී සිටියේ මෙරට යටත්කරගත් පරංගිඔලන්ද, ඉංග්‍රීසි කාරයන්ට එරෙහිවය. එම ඒකරාශීවීම හරහා රට නිදහස්වී, ජාත්‍යානුරාගී ඩි.එස්.සේනානායක වැනි දේශපාලඥයින් රට පෙරට තබා කටයුතු කිරීමේ ප්‍රතිඵලය එකල රට අත්වින්දේය.

එලෙසින් සිංහල බෞද්ධ රාජ්‍යයේ පරමාදර්ශී අන්දමින් යහගුණදම් රැකුණු බවත් ජාතික ආගමික පරිහානිය ඇරඹුනේ පසුකාලීනව ස්වකීය අධම කෛරාටික බල ලෝභීන් තම බලය උදෙසා තනා දී ඇති මායාකාරි ලෝකයයි.

මෙම මායාකාරී ජාතිකවාදීන් සජීවීව පවතින පොදු ජනචින්තනය තමනට අවැසි පරිදි තම දේශපාලන බල න්‍යායපත්‍ර උදෙසා ක්‍රමාණුකූලව හසුරවමින්, තමන්ගේ බලය ගිලිහී ගිය සමයන්හි නැවත දෙශපාලන බලය ඩැහැගනැනීම සඳහා සමාජය අරාජික කරමින් විවිධ මානයන් ඔස්සේ ඉදිරිපත් කරයි.

මෙහි දී යට සඳහන් කළ පිරිස්, බහුජනතාවගේ ජාතිකවාදී චින්තනය තුළට අධම බලලෝභීන්, මිත්‍යදෘෂ්ඨිකයින් සහ අන්තවාදීන් රිංගා විවිද මුලාශ්‍රයන් අලලමින් ජනවර්ග දෙකක් හෝ ජාතිකවාද දෙකක් හෝ කිහිපයක් හෝ අතර තරඟකාරීත්වයක් උද්ගතවන අවස්ථාවක බොහෝ විට සිදුවන්නක් ලංකාව තුළද සිංහල, දමිළ, මුස්ලිම් ජනවර්ග අතර පසුගිය සමයන් තුළ දැක්ක හැකි විය. දමිළ අන්තවාදීන් විසින් ස්ව්‍යං පාලන බලයදමුස්ලිම් අන්තවාදීන් හලාල් වැනි ස්වභිමානය උදෙසා ගත් උත්සාහයන් තුළින් සිංහල ජාතිකවාදීන්ට අවස්ථාවක් ලබාදුන් හෙයින් ලංකාව තුළ විවිධ ව්‍යසන හට ගත්තේය. එහි එක් අන්තයක් වශයේන මහනුවර සිදුවීම පෙන්වාදිය හැකිය.

ජාතිකවාදිය පෙරට තබමින් නිරන්නතර අධම බලලොභී ම්ලේච්ඡයන්, මිත්‍යදාදෘෂ්ඨිකයන් සහ අන්තවාදීන් විසින් ස්වකීය අභිමතාර්ථ සාධනය සඳහා ජනතාව නිරන්තර ව උත්සුක කරවනු ඇත. එය එදත් අදත් ඉදිරියටත් සිදුවනු ඇත. ඊට එරෙහිව සමස්ථය පෙළගැසිය යුතුය.

චන්දන එදිරිමාන්න

erctkumara@gmail.com

Back to Top