Sri Lanka Brief
පුවත්විවරණමුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අබූදය විසදීම

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අබූදය විසදීම

by

සිංහල හා මුස්ලිම් සමාජ අතර විශ්වාසය ශීඝ්‍රෙයන් පළුදු වෙමින් තිබේ. 2014 අලුත්ගමින් ආරම්භ වූ විශ්වාස අබූදයේ උච්චතම අවස්ථාවක් පසුගිය සතියේ තෙල්දෙණියෙන් මතුසම්බන්ධ වූයේ දේපළ හානි කරගැනීමෙන්. සිය ගණන ක් තුවාලකරුවන් වීමෙන්. සිංහලයෙකුටත් මුස්ලිම් තරුණයෙකුටත් දිවි අහිමි කරමින්.

සිංහල සමාජයේ දශක කිහිපයක් සිට හොදින් පැළ වුනු අතාර්කික මිත්‍යා මතවාදයක් අම්පාරේ ගැටුමට මුල් විය. තෙල්දෙණියේ සිදුවීම එක් හුදෙකලා සිදුවීමක් වුවත් (එය එසේ නොවීමටද හැකියි) එය මුල් සිදුවීම හා බැදුනු ප්‍රතික්‍රියාව ලෙස භාර ගැනීම තෙල්දෙණියේ සිදුවීමට නිමිත්ත විය.

ප%ශ්නයක් ජාතිවාදී හෝ ග්‍රොත්‍රිකවාදී වේද එතැන් සිට එම ප්‍රශ්ණයෙන් සදාචාරත්මක, තාර්කික විසදුමකට ඒමේ මුළු  සම්භාවිතාව ශුනය කරයි. මීට හේතුව ජාතිවාදය මුළුමනින්ම අනෙකා කෙරෙහි බද්ධ වෛරයෙන් හා කුහකත්වයෙන්  ප්‍රභවය ලබන්නක් නිසයි.

Racism in 21st Century New Orients නමැති විශ්ෂ්ට ග්‍රන්තයේ ලීසා ටෙඩ්වෙල් මෙසේ ලියයි “ ජාතිවාදය පදනම් වන්නේ බද්ධ කුහකත්වය මත නිසා පුද්ගලයෙකුගේ ආගම, විස්වාසය කුමක් වුවත්  එය පොදුවේ අපගේ සදාචාර පද්ධතිය මුළුමනින්ම විනාශ කරයි.” අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් දෙකේදීම උස්මතු වූයේ කුහකත්වයයි. ප්‍රශණයට විසදුම් සෙවීමට භාවිත කළේ තර්කය නොව හැගීමයි. එවිට සදාචාරය, ආගම හා සංස්කතිය විසින් හික්මවනු ලැබූ මිනිසුන්, ඒවාට යටත්ව  පශ්නයට පිළිතුරු සෙවිය යුතුව තිබූ මිනිසුන්, ඉන් මිදී හැගීමෙන් ප%ශ්නවල පිළිතුරු සෙවීමට යාම ප්‍රශ්ණය මෙතරම් දරුණු කළේය.

ගිණි ඇවිලෙනසුලු සමාජයක්

ලංකා සමාජය වෛරයේ දුමාරය දමමින් පිපිරීම අභියස සිටින නිදිගත් ගිණිකන්දක් බව අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් දෙකෙන්ම සනාථ කෙරිණි. අම්පාර ඇවිලෙන්නේ බොහෝකලක පටන් සිංහල  සමාජයේ අධිනිෂ්චිතව පවතින “වද පෙති මිත්‍යා ” නිසයි. රිය අනතුරක් මුල් කරගෙන කිහිපදෙනෙක් අතර ඇතිවූ ගැටුමක පතිඵලයක් ලෙස පුද්ගලයෙකු මියයාම තෙල්දෙණියේ ඇවුලීමට හේතු විය.

වඩාත් විමර්ශනශීලීව මෙම ප්‍රශ්න දෙම දෙස බලන විට පෙනෙන්නේ ප්‍රශ්නයක්  ප්‍රශ්ණයක් ස්වරෑපයෙන් ගෙන විසදුමකට එනවා වෙනුවට ප්‍රශ්නය මුසු කර  ප්‍රශණයක්-ආගම, mශ්නයක්-ජාතියක් සමඟ පටලවා ගැනීම තත්වය මෙසේ ශෝඛාන්තයකින් කෙළවර වීමට හේතු  වූ බවයි.

ඒ අනුව  ප්‍රශ්ණයක් ලෙස නොදැක  ප්‍රශ්ණයක් ආගමික හා ජාතිය වැනි දෂ්ටිමය රූපක සමඟ දකින විට “පිටි  ගු ලියක්” වුවද වද පෙත්තක ස්වරූපය ගැනීමට බැරි නැත. පෞද්ගලික ගණයේ ලා සැළකිය යුතු මරණයක් නීතියට පවතින නීතියට අනුව අපරාධයක් “මුසල්මානුවන් විසින් සිංහලයෙකු මරාදැමීම” තරමට පටු විය හැක. එවිට මේ ආකාරයේ හෝ මීටත් වඩා බරපතල ග්‍රෝත්‍රික පන්නයේ ලේ සෙලවීම් බලාපොරොත්තු විය යුතුය

පිටි ගුලියකට හෝ වද පෙත්තකට නැතහොත් පුද්ගලයෙකු මියයාම වැනි හුදෙකලා සිදුවීම් කිහිපයකට මෙතරම් ජීවිත හානි ප්‍රමාණයත්, දේපළ හානි ප්‍රමාණයත් කිරීමට හැකිනම් රටේ අනෙකුත් සියලුම ජාතික තලයේ මතිකා වල ප්‍රමුඛත්වය සතියකට වඩා මුළුමනින්ම නිහඩ කිරීමට හැකිනම්, ජනතාව  අතර නිදන්ගත වෛරීය හැගීම්වලට  තව තවත් පෙට්‍රල් වත්කිරීමට තරම් මෙම හුදෙකලා සිදුවීම් ප්‍රබල නම් නිසැකයෙන්ම, එවැනි ලක්ෂණ සහිත සමාජයක් හැදින්විය යුත්තේ ඇවිලෙනසුලු සමාජයක් (Inflammable Society) හැටියටය. මන්ද, ජාතිය, ආගම නාමයෙන් ගසන ඕනෑම ගිණිකූරකින් එවැනි සමාජයක් වහා ගිණිගැනීමේ වැඩි අවධානමක් පවතින නිසයි.

සොහොන් ලකුණු මතුවීම

බහුතර කොටස සුළුතර කොටසක් ගැන සැකයෙන් බැලීම පශ්චාත් නිදහස් ලංකාවේ සමාජයට අවේණික ලක්ෂණයකි. 1971 තරුණ අරගලයත් 87,88 කලු ජූලියත් ප්‍රභවය ලබන්නේ බහුතර සමාජය තරුණයන් කෙරිහි දල්වාගත් සැකය නිසයි. සිංහල-දෙමළ සැකය 30 අවුරුදු ලේ වැකි යුද්ධයකින් නිම විය. මුස්ලිම් සමාජය දෙසට ආරම්භයේ සිට හැරී තිබූ සැකය 30 අවුරුදු යුද්ධය නිසා මදකට වැසී තිබිණත් 2009 යුද්ධ අවසානයත් සමඟ සිංහල සමාජයේ පොදු සැකකරු වන්නේ මුසල්මානු සමාජයයි.

වඳ බෙහෙත් යොදාගෙන සිංහල ජාතිය “වද කිරීම” මුස්ලිම් ජාතියකයන්ට එරෙහිව සිංහල සමාජයේ හොදින් පැළවුණු කුපකට මිත්‍යා මතයකි. ජාතිය වඳකිරීම යන කරුණ සිංහලයාට අදාළ නම් නිසැකයෙන්ම කිවයුත්ත වන්නේ සිංහල ජාතිකත්වයේ අවසන් ගමන් යන සොහොන් ලකුණු පහළ වීම ඇරඹී ඇති බවයි.

සිංහල ජාතිය වටකර තබාගෙන සිටින ශාස්තාලීය උගතුන් කිහිපදෙනෙක් අතර පමණක් සීමාවී තිබෙන භාෂාව, ආගම ඇදහීම විලාසිතාවක් වීමෙන් පිරිහෙන බෞද්ධ දරශනයට හා සංස්කතියේ සීමා රේඛාව කොතැනින් ඇදිය යුතුදැයි අබූදයක පැටලී ඇති සිංහල සංස්කෘතියට වී  ඇති හානිය වද පෙත්තකින් සිදුවන හානියට වඩා අතිශයින් ම බැරෑරුම් බව පෙනේ. ඒ අනුව විමසිය යුත්තේ සිංහල ජාතිකත්ව  හෙජමොනිය සැබැවින්ම සොහොන්වන්නේ වදපෙති නිසාද? යන්නයි.  .

සැකය නැසීම

වද පෙති, වද කිරි හා වඳ ජෙලි වැනි මිත්‍යා  ප්‍රවාද කලකදී මතුවී සැකය එහෙම්පිටින්ම තබා ජීවිත හා දේපළ හානි කර නැවතත් සැකය සමඟම කාලයෙන් කාලයට සැඟවෙන සිංහල සමාජයේ විලාසිතාමය මාතකා (Fashionable Topics) බවට පත්වී තිබේ. සැකය ඇති තැන ප්‍රඥාගෝචර සමාජයක නම් සැකය බැහැර කළ යුත්තේ තර්කයෙනි. බුද්ධියෙනි. වද පෙති-කිරි-ජෙලි වැනි මතවාද බුද්ධිමත් සමාජයක පරාජය කළ යුත්තේ එවැනි සැකසහිත දේ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමෙනි. සාමාජය තුළ සත්‍ය ජනගත කරවීමෙනි. වෙද්‍ය විද්‍යාතමක නිරීක්ෂණයට අනුව එළඹෙන නිශ්විත නිගමනයකිනි. ඒ හැර කිසිදිනෙක පත්‍යක්ෂ  නොවූ මිත්‍යා ප්‍රවාද ජනගත කිරීමෙන් නොවේ.

සැකය සැකයක් ලෙසම පවතින විට අප මෙවැනි සිදුවීම්වලටත් වඩා එහා යන ශෝඛාන්ත බලාපොරොත්තු විය යුතුය. ඊට අමතරව සැකය නිගමනයකින් නොවිසදී සැකයක් ලෙසම කාලාන්තරයක් පවතින විට සැකයේ වාසිය අත්වන්නේ මුස්ලිම් සමාජයටමය. එසේවුවහොත් මේ උනුසුම් සිදුවීම් සියල්ල යටගිය දිනෙක නැවතත් තමන් කරගෙන ආ “වඳ ව්‍යාපෘතිය” (Sterilization Project), (එසේ ව්‍යාපෘතියක් ඇත්නම් පමණක්) සුපුරුදු පරිදි ඉදිරියටත් කරගෙන යාමට මුස්ලිම් සමාජයට තව තවත් හැකි වේ.

සිංහල  සමාජය හැමවිටම අත්හදා බලා ඇත්තේ සැකය ආයුධ බලයෙන්, බාහු බලයෙන් හා පිරිස් බලයෙන් නැසීමේ අවිද්‍යාත්මක ක්‍රමයයි. එහෙත් දැන්  සිංහල සමාජය දැන් තෝරාගත යුතුවන්නේ සැකය පොලු,මුගුරු ගෙන හැගීමෙන් නැසීමේ ග්‍රෝත්‍රික මග හෝ ලේ නොසොල්වා සැකය බුද්ධියෙන් බැහැර කිරීමේ තර්කාණුකූල මග යන මාවත් දෙක අතරින් කුමන මගකට එළඹිය යුතුද යන්නයි. ඉන් කුමන මගක් වඩා තාර්කිකව කල්පවතීද යන විවාදයට එළඹීමයි.

ප.ලි: සැකය පොලු මුගුරුවලින් සැකය නසන්නට ගියහොත් ජීවීත, දේපළ වැනසීමට හැකි අතරම වරින් වර සැකය ඉස්මතු වීමේ සාපේක්ෂ ඉඩකඩ වැඩිය. සැකය තර්කයෙන් නැසුවහොත් ජීවිත හා දේපළ රැකගත හැකි අතර සැකය නැවත් මතුවීමද සදහටම නැතිකළ හැකියි.

Back to Top