Sri Lanka Brief
පුවත්විවරණඡන්ද ප්‍රතිඵලයෙන් වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම – දනුශ්ක සිල්වා

ඡන්ද ප්‍රතිඵලයෙන් වැඩවසම් සංස්කෘතික ලකුණු මතුවීම – දනුශ්ක සිල්වා

by

පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇත ත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රතිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ. මැතිවරණ ප්‍රතිඵල ගැන යම් බුද්ධිමය ප්‍රවේශයක් සහිත පසුකථිකාමය වේදිකාවක් නිරිමාණ ය වී තිබීමද සැළකිය යුතු කරුණකි. නව ඒ සියලු ධන ලකුණු නව මැතිවරණ ක්‍රමයට එකතු වූවත් පෙබරවාරි 10 මැතිවරණ පතිඵලය නව මැතිවරණ ක්‍රම යේ ධනාත්මක ලකුණු මූලධාර්මික වශයෙන් සෝදාපාලුවට ලක් කර තිබේ.

පක්ෂයකට වඩා පුද්ගල චරිත ඉස්මතුවීමෙන් හටගත් මනාප ක්‍රමය මත ගොඩනැඟුණු  ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට ඡන්දදායකයා හා දේශපාලකයා අතර කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනැගීම, කුඩා දේශපාලන කණ්ඩායම් වලටද සැළකිය යුතු නියෝජනයක් ලබාදීම හා මෙරට ශ්‍රම බලාකායේ බහුතර පංගුව වන කාන්තාවට ප්‍රායෝගික දේශපාලනය තුළ නියෝජනයක් ලබාදීම නව මැතිවරණ ක්‍රමය හදුන්වාදීමේ මූලික අරමුණු අතර ඉදිරියෙන්ම සදහන් විය.

ඒ අනුව ජනතාව ඡන්දය භාවිත කළේ සාපේක්ෂ වටිනාකමක් ඇති නව මැතිවරණ ක්‍රමයේ ගුණාත්මක ලකුණු උකහාගනිමින් වඩා හොඳ නියෝජියකු තම ප්‍රදේශයට තෝරාගැනීමටද යන්න සැක සහිතයි. එය එසේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් විය යුතුව තිබිණි. එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට පලාත් පාලන ආයතනයක් පුරා අධිබලයක් විහිදුවීම ස්වභාවිකවම සීමා කරන මෙම නව මැතිවරණ ක්‍රමය උඩුයටිකුරු කර මේසා විශාල ජන්ද පමණයකින් පොදුජන පෙරමුණ වැනි ළදරු දේශපාලන පක්ෂයක් ( පක්ෂයේ වයස අනුව) සෑම පළාත් පාලන ආයතනකම මේ ආකාරයට තම බලය විහිදුවන්නට ඉඩක් නැත.

මේ ආකාරට තම ඡන්ද පදනම ඉතා කෙටි කලකින් මේ සා විශාල මට්ටමකින් වර්ධනය කරගත් දේශපාලන පක්ෂයකට උදාහරණයක් ලංකාවෙන් හෝ ගෝලීය දේශපාලනයෙන් හෝ හමුවන්නේ නැත. ඒ හැරත් ජනතාව විසින්ම ප්‍රතික්ෂේප  කළ නායකයෙකුගේ නායකත්වයෙන් වසර 3ක් වැනි ඉතා කෙටි කාලයකදී ජනතා බලය ලබාගත් පො.ජ.පෙ ට සමාන කළ හැකි නිදර්ශනයක් වුවද සපයා ගැනීමට නොහැක. එමනිසා මෙම අස්වාභාවික ප්‍රවනතාවය නිමේෂයකින් හටගත්තක් කියා බැහැර කිරීමද සුදුසු නොවේ.

මැතිවරණ ක්‍රමයේ  දුර්ලවලතා ඉස්මතු වීම

මෙම මැතිවරණ ක්‍රමයේ මූලික ගැටලු ක් ඉස්මතුව පෙණිනි. පළමුවැන්න මැතිවරණ ක්‍රමය තුළින්ම මතුවූ ගැටලු සහගත තත්වයයි. ඒ අතරට අපේක්ෂකයන් ප්‍රමාණය දෙගුණ වීමල නියෝජිතයන් නඩත්තු කිරීමට ණය බරින් මිරිකී සිටින මහජනතාවට සිදුවීම, ජනතාව මැතිවරණයෙන් පරාජය කළ නියෝජිතයන් පවා නැවත් පත්වීමට ඇති අවධානම හා අදවනවිට ප්‍රායෝගික ගැටලුවකට මුහුණදී තිබෙන කාන්තා නියෝජන ක්‍රමය පවා මේ අතරට අයත් ය.

දෙවැන්න නම් මැතිවරණ ක්‍රමයට පරිබාහිරව මෙම ජන්ද ප්‍රතිඵලය උත්ගත කර ඇති විකාරරූපී ස්වභාවයයි. ඉන් ප්‍රධානතම දුර්වලතාවය වන්නේ ජනතාවට වගකියන හා වගකිවහැකි නියෝජිත යන් පළාත් පාලන ආයතනවලි න් හැලී යාමයි.

ජනතාව තමන්ට හිතේෂී නියෝජිතයා තෝරගැනීම වෙනුවට සිය අපේක්ෂා භංගවීමේ ප්‍රතිවිරෝධය මුදාහැරීමට සහ 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමේදී කරනවා යැයි කියා නොකළ දේත්ල නොකරනවා යැයි කියා කළ දෙයිනුත් වසර 3ක් විදවූ ජනතාව තම ක්‍රම විරෝධී මානසිකත්වය පෙන්වීමට යෑම මෙහි දරුණුම තත්වයයි.

එම නිසා පළාත් පාලන මැතිවරණයකට මැතිවරණ ඉතිහාසයේ කවරදාකවත් එකතු නොවූ ආකාරයේ සුවිශාල බලපෑම් කිරීමේ බලයක් මෙම මැතිවරණය හරහා ජයගත් පක්ෂයට ලැබිණි. එම බලය කොතරම්ද යත් ජනාධිපතිවරණයේදී හා පාරලිමේන්තු මැතිවරණයේදී පාලක පක්ෂය රට පාලනය කිරීමට ජනතාවගෙන් ලබා ගත් පරමධිපත්‍ය බලය පවා හෑල්ලුවට ලක්විණි්‍ රට පාලනයට පාලක පක්ෂයට තිබූ ආචාරධර්මික පදනම ප්‍රශ්න කෙරිණ.

මෙම මැතිවරණ ජනමත විචාරණයක්’ ලෙස හැදින්වීමට ඇතැම් දේශපාලන න්‍යාචාර්යවරු පෙළඹුනේ ආණ්ඩුව හොල්ලා ඔවුන් ලබාගත් අනපේක්ෂිත ජයග්‍රහණයේ උන්මාදයෙනි. වැදගත්ම කරුණ වන්නේ ජනතාව දුන් තීන්දුව ඉදිරියේ ආණ්ඩු බලය අල්ලාගැනීමට මාන මලමින් සිටි දේශපාලන කොටසකට දිගුකාලීනව වාසිසහගත් වුවත් ජනතාවට කිට්ටු නියෝජිතයෙක් තේරීපත් නොවීමෙන් කෙටි කාලිනව හා සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට යම් අවාසි සහගත තත්වයක් නව මැතිවරණ ක්‍රමය විසින්ම උත්ගත කර තිබීමයි.

දේශානුරාගයේ ප්‍රවණතා

දේශානුරාගී මැතිවරණ ස්ලෝගන යම් දේශපාලන චරිත වලට අනපේක්ෂිත ජයග්‍රහණ හා පරාජ ගෙන එන විලාසිතාවක් ලෙස හැසිරීම ගෝලීය දේශපාලනයේ ස්වභාවය වී තිබේ. කිසිවෙකුත් නොසිතූ අවසන් නිමේෂයක ඇමරිකාවේ ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වන්නේ මේ අකාරයට ය. කළු ජාතිකයන්ට හා සුළු ජාතික මුසල්මානුවන්ට එරෙහිව ප්‍රබල විරෝධයක් ගෙනයන ට්‍රම්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෝලීය වශයෙන් හිතන බහුතර උගතුන් වෙසෙන තාක්ෂණ අතින් හිනිපෙත්තටම ළඟා වූ සමාජයක වුවද දේශානුරාගි හැගීම් ජන මනසේ අවුළුවා සිය ජයගහණය ලබා ගනී. ඉංදියාවේ මෝදී පාලනය දිනෙන් දින අප්‍රසාදයට පත්වන ප්‍රාන්ත ආණ්වුවල බලය තහවුරු කරගන්නේ දේශානුරාගී තේමාවන් සූක්ෂමාකාරයට ජනගත කිරීමෙනි.

මනෝවිද්‍යාත්මකව ආගම, භාෂාව, කුලය හා වර්ගය වැනි හදවතට සමීප මාධ්‍යයන්ට ආමන්ත්‍රණය කිරීමෙන් ජන මනස කළමනාකරණය කිරීමට ඉතා සහසු ඉඩකඩක් පවතී. පෙබරවාරි මැතිවරණයේදී මෙම මොනෝවිද්‍යාත්මක ක්‍රමය ඉතා සියුම් ලෙස යොදාගැනීමට පො.ජ.පෙරමුණට හැකිවිය. ජනාධිපතිවරයා දූෂණ මර්දනයත් අගමැතිවරයා ආර්ථික සංවර්ධනය වැනි 21 වැනි ශතවර්ශයට අවශ්‍ය මාතකා භාවිත කරන අතරේ 18 වන සියවස වන විට ලෝකය කතාකිරීම අවසන් කළ ආගම, ජාතිය, පංතිය වර්ගය හා කුලය වැනි ආන්තීකරණය වූ තේමාවන් යොදාගෙන සමස්ත මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවීමට පො. ජ.පෙ.ට හැකිවිය.

වත්මන් ආණ්ඩුව කරනවා යැයි කියා නොකළ දූෂිතයන්ට දඩුවම් දීමල ජනතාවට ආර්ථිකමය වශයෙන් සහන ලබාදීම, නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම වැනි දේ ද නොකරනවා යැයි කියා කරන දූෂිතයන් ඉදිරියේ මධ්‍යස්ථ වීම, දූෂිතයාට සහය දීම, ජනතාව මත බදු බර ක්‍රමයෙන් වැඩිකිරීම,  රාජ්‍ය දේපළ විදේශයන්ට උගස් කිරීම, නව ව්‍යවස්ථාවක් නිර්මාණය නොකිරීම වැනි දේ ද ජනතාවට ජන්ද පොළේදී තම ජන්දයේ අයිතිය ගැන අවසන් තීරණයක් ගැනීමට බලපෑම් කළේය. මෙම අඩුලුහුඩුකම් ඉහතින් කියූ 18 වැනි සියසයට ඔබින මාතකා සමග මුසු කර මුදාහරින විට කුමන බලවත් දේශපාලන චරිතයකට හෝ ජනපිය ආණ්ඩුවකට වුවද ඔරොත්තු නො දෙන ප්‍රතිඵලයක් උදාකළ හැකිය.

ඒ අනුව පො.ජ.පෙ වාසියට සිටි මෙම මාතෘකා සමඟ සසඳන විට ඔවුන් මෙබදු අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනීම මවිත විය යුතු කරුණක් නොවේ.

විකල්පයක් තෝරාගැනීමේ ගැටළුව

මේ මැතිවරණයේදී ජනතාව විකල්පය තෝරාගැනීමට හෝ විකල්පයක් අත්හදා බැලීමට තිබූ ඓතිහාසික අවස්ථාව නැති කරගත්තේය. මේ ගැන මහාචාර්ය නවරත්න බණ්ඩා ලීවේ මුලින්ම ඡන්දය දීමට සුදුසු ජනතාවක් තෝරාගැනීමට ‘මහජන වරණයක්’ පැවැත්විය යුතු බවයි. දේශපාලනයේදී විකල්පයක් යනු නව දැක්මක්, දර්ශනයක් ඇති’ නව පිරිසක් විය යුතුය. එම විකල්පය ජනතාව විකල්පය ලෙස මැතිවරණයෙන් තෝරාගත් විකල්පය නොවන බව කිවයුතුය. එම විකල්පය ජනතාව දශකයක් තිස්සේ අත්හදාබැලීම් කළ පරණ පන්නයේ පාලනයකි. ජනතාව කළේ පරණ වයින් නව බඳුනක දමා සව්දිය පිරීමට සැරසීමයි.
ජනතාව 18 වැනි සියවසට අයත් මාතෘකාවලට වසඟ වීය. ජන්දය ලබාදීමට නියම විකල්ප තිබියදී තමන් පෙළී සිටි දේශපාලන දුකෙන් මිදීමට හෝ විරෝධය පෑමට ඡනදය භාවිත කළහ. ඒ ජනතාවගේ දේශපාලන දැනීම පැත්තෙන් බලනවිට ඔවුන් තොරන්නේ මැජිකල් වැඩ කළ හැකි ජනපිය නායකත්ව නිසාය.

ප.ලි: නායකයාට බලයට ඒමට ඕනෑම ජනපිය මාතෘකාවක් භාවිත කළ හැකිය. එය ජන සමාජයේ ඉරිතැලීම් මතු නොකරන්නේ නම් හා ජනතාවට හිමි තෝරාගැනීමේ වරණීය අයිතියට බාධා නොකරනවා නම්. එසේත් නැතිනම් වැඩවසම් සංස්කතික ලකුණු මතුකර ලබන ජයගහණයේ දිගුකාලීන අරුතක් තිබේද?

Back to Top