Sri Lanka Brief
පුවත්බොස්නියාවෙහි ජන ඝාතක යුද අපරාධකරු වෙනුවෙන් කදුළු හෙළන දිවයින

බොස්නියාවෙහි ජන ඝාතක යුද අපරාධකරු වෙනුවෙන් කදුළු හෙළන දිවයින

by

ජායාරූපය: යුද අපරාධකරු වස බී දිවි තොර කර ගැනීම ගැන දිවයින පුවත්පත දුක්වෙයි!

පැරණි යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පසු හටගත් අවුල් වියවුල් මැද බොස්නියාවෙහි මුස්ලිම් ජනයා සමූලඝාතනය කළ යුද අපරාධකරුවකු වූ 72 හැවිරිදි ජනරාල් බොස්නියාවෙහි ජන ඝාතක යුද අපරාධකරු වෙනුවෙන්  දිවයින පුවත්පත කදුළු සලන්නට පටන් ගෙන තිබේ.

එකී ඝාතනයන් සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීමට බියෙන් කලක්   සැඟව සිටි ස්ලොබොඩාන් ප්‍රයැක් පසුව හේග් නුවර යුද අධිකරණය වෙත බාරවිය. යුද අපරාධ අධිකරණය ඔහුට විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ අතර අභියාචනය අවසානයෙහිද  එම තීන්දුව තහවුරු කරන ලද අවස්ථාවෙහිදී අධිකරණය තුළම වස පානය කළ යුද අපරාධකරු පසුව මිය ගියේය.

දිවයින පුවත්පත මෙම යුද අපරාධකරු  වෙනුවෙන් කඳුළු සලන්නේ මෙසේය: ( අන්තර් ජාල සංස්කරණයෙන් ඍජු උපුටා ගැනීමකි)

‍‘ හිටපු බොස්‌නියා ක්‍රෝෂියානු ජනරාල් ස්‌ලෝබද්‍රdන් එක්‌සත් ජාතීන්ගේ අධිකරණය අල්ලා දුන්නේ බොප්නියා ක්‍රෝට්‌ බලධාරීන්ය. එය පාවාදීමක්‌ ලෙසට වාර්තා විය.

‘ස්‌ලෝබද්‍රdන් ප්‍රාල්ජානි ක්‍රෝෂියානු හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකි. සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිද්ධීන් සහ මොට්‌සාර් පැරණි පාලම විනාශ කිරීම යන චෝදනා එල්ලවූ ස්‌ලෝබදාන්ට හේග්හි ජාත්‍යන්තර අධිකරණය වසර 20 ක සිරදඬුවමක්‌ නියම කළේය. මේ සිරදඬුවමට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ තමා පිළිබඳ නඩු විභාගයක්‌ පැවැතීමට ජාත්‍යන්තර විනිසුරුවරුන්ට නොහැකි බවයි.

‘ස්‌ලෝබද්‍රdන්ට එරෙහිව සාක්‌කිදීමට ඉදිරිපත්වූ සාක්‍ෂිකරුවන්ගෙන් ඔහු විමසුවේ මම සමූල ඝාතන සිදුකළ නම් නුඹලා ඉතුරුවුනේ කෙසේද යන්නයි. …. එහෙත් සර්බියානු නීතිවේදී මොචාවිලා පැවසුවේ හේaන් ජාත්‍යන්තර අධිකරණය ගුවන් තොටුපලකට සමාන බවයි. මුදල් ඇත්නම් ඕනෑම දෙයක්‌ කළ හැකියි යයි ඔහු කියාසිටියේය.

‘ඔහු වස පානය කරන අවස්‌ථාවේ ඔහුට පිටුපසින් ආරක්‍ෂක නිලධාරියකු පවා නොසිටි බව හෙලිවිය.’

දින දෙකක් පුරා ( නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01) දිවයින පුවත්පත මෙම යුද අපරාධකරු වෙනුවෙන් කඳුළු සැලුවේය.  එසේ පල කරන ලද ලිපි දෙකෙන්ම දිවයින පුවත්පත අඟවන්නේ මෙම යුද අපරාධකරු නිර්දෝශී පුද්ගලයකු බවයි.

ස්වේජාවෙන් යුද්ධයට බැදී තමන් බොස්නියාවෙහි මුස්ලිම් ජාතිකයින් විසූ පළාත් කරා ගමන් කරමින් ජන ඝාතනයේ යෙදණූ ස්ලොබොඩාන් පසුව ජෙනරල්වරයකු ලෙස හමුදා මෙහෙයවන්නකු බවට පත්විය.

ඔහුට විරුද්ධව ඉදිරිපත් කරුණූ චෝදනා වූයේ සිවිල් ජනයාට ප්‍රහාර එල්ල කිරීම වැලැක්වීමට පියවර නොගැනීමය‍. ස්ලොබොඩාන් ඍජුවම එකී ඝාතනයන්ට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් නොවූ නමුත් ඒ වන විටත් ජෙනරල් දුරයක් දැරූ ඔහුට එකී ඝාතන නැවැත්වීමට වගකීමක් තිබූ බව අන්තර් ජාතික යුද අධිකරණය තීරණය කළේය. බෙස්නියානු මුස්ලිම් ජාතිකයින් 30,000 – 40,000 අතර මෙළෙස ඝාතනය කරන ලද බවට වාර්තා තිබේ. එක් අවස්ථාවකදී 8000ක් මුස්ලිම් ජනයා එක තැනකට ගාල් කර ඝාතනය කරන් ලද්දේ ද මෙම යුද්ධයේදීය. මෙකි ඝාතනයක් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයෙහි දක්නට ලැබුණූ දරුණුතම ජන ඝාතනය විය.

මේ කිසිඳු ඝාතනයක් ගැන ස්ලොබොඩාන් ගැන කඳුළු හෙළන දිවයින පුවත්පත කතා කරන්නේ නැත. පෙනෙන විදිහට දිවයින කර්තෘවරයාගේ පිළිවෙත වන්නේ ශ්‍රී ලංකාවෙහි යුද අපරාධකරුවන් රැක ගැනීම පිනිස ලොව පුරාම යුද අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීම විය හැක.

ස්ලොබොඩාන් වැනි දුෂ්ඨ අපරාධකරුවකු වෙනුවෙන් පෙනී සිටින එවැනි පුවත්පතක් මෙරට යුද්ධයෙන් පීඩා විඳි ජනයාට එරෙහිව දිගින් දිගටම කටයුතු කිරීම අරුමයක් නොවේ.

Back to Top