Sri Lanka Brief
පුවත්රජයේ කේෂ්ත්‍ර‍ නිලධාරීන්  තම කොට්ඨාශයෙන් ‘පළාත් පාලන ඡන්දයට‘ ඉදිරිපත්වීම අහිමි කිරීම යහපත් ප්‍රවේශයක්!

රජයේ කේෂ්ත්‍ර‍ නිලධාරීන්  තම කොට්ඨාශයෙන් ‘පළාත් පාලන ඡන්දයට‘ ඉදිරිපත්වීම අහිමි කිරීම යහපත් ප්‍රවේශයක්!

by

ජායාරූපය: සමෘද්ධි සේවකයන්  මැතිවරණ දේශපාලනයට එළඹිම මහජන සේවය දේශපාලනීය කිීරීමකි.

පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත මගින් කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට නිවාඩු ලබා තමන් රාජකාරි කළ කොට්ඨාශයෙන් ඡන්ද විවමසීමට ඉදිරිපත්වීම තහනම් කිරීම යටපත් ප්‍ර‍වණතාවක් බව ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි. එමගින් රාජ්‍ය සේවය අයථා ලෙස දේශපාලන පක්ෂවල වාසිය සදහා යොදා ගැනීම යම් ප්‍ර‍මාණයකට හෝ පාලනය කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතේ සංශෝධන අනුව යම් කොට්ඨාශයක කේෂ්ත්‍ර‍ නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකුට එම කොට්ඨාශයේම ඡන්ද විමසීමට ඉදිරිපත්වීම සදහා අවසරය නැත. යම් පුද්ගලයෙකුට ඡන්ද විමසීම සදහා ඉදිරිපත්වීම සදහා අවශ්‍ය නම් ඔහු එම කොට්ඨාශයෙන් පිටපත වසරකට පෙර මාරුවීම් ලබා යා යුතුය. එසේ නොමැති නම් තමන් සේවය කරන කොට්ඨාශයෙන් පිටත ඕනෑම කොට්ඨාශයකට නිවාඩු ලබා මැතිවරණයට තරග කිරීමට කිසිදු බාධාවක් නැත. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2014 මගින් කේෂ්ත්‍ර‍ නිලධාරි ඛාණ්ඩ 41 ක් නිර්වචණය කර ඇත.

කේෂ්ත්‍ර‍ නිලධාරින් යනු කවුද?

ඒ අතර, මධ්‍යම රජයේ සේවක සංඛ්‍යා තොරතුරු – ක්ෂේත්‍ර නිලධාරින් වන ගොවිජන සේවා නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සහකාර හිමිකම් විමර්ශන නිලධාරි, බීට්ටු වන නිලධාරි, වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි, ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර,ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරි, සමූපකාර සංවර්ධන නිලධාරි, සංවර්ධන සහකාර*, සංවර්ධන නිලධාරි*, පරිසර කළමණාකරණ නිලධාරි, ව්‍යාප්ති නිලධාරි, ක්ෂේත්‍ර නිලධාරි (කම්කර් දෙපාර්තමේන්තුව), ආහාර හා ඖෂධ පරීක්ෂක, වන ව්‍යාප්ති නිලධාරි, වන පාලක/ සහකාර දිසා නිලධාරි, උද්‍යාන සංවර්ධන සහකාර,මිනුම් ඒකක, ප්‍රමිති සේවා පරීක්ෂක,මිනුම් සේවා සහ උපක්‍රම පරීක්ෂක, කම්කරු නිලධාරි, ඉඩම් පරිහරන සැලසුම් සහකාර, පශු සම්පත් සංවර්ධන නිලධාරි, ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක,ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර, මුල් ළමාවිය සංවර්ධන සහකාර, ව්‍යාපෘති සංවර්ධන සහකාර, ව්‍යාපෘති නිලධාරි (ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව), අඩවි වන නිලධාරි, සහන සොහොයුරිය, පර්යේෂන හා සංවර්ධන නිලධාරි, රබර් සංවර්ධන නිලධාරි, නිපුණතා සංවර්ධන සහකාර, සංඛ්‍යා ලේඛන නිලධාරි, කාර්මික නිලධාරි, කාර්මික සහකාර, වාප්පු ක්ෂේත්‍ර නිලධාරි, වනිතා සංවර්ධන නිලධාරි, වැඩ පරීක්ෂක (ප්‍රජා පාදක විශෝදක දෙපාර්තමේන්තුව)

කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට තම අධිකාරි බලය දේශපාලන වාසියට භාවිත කළ හැක්කේ කෙසේද?

පළාත් සභා සේවක ක්ෂේත්‍ර නිලධාරින් වන කෘෂිකර්ම උපදේශක, ජලජීවි වගා සංවර්ධන නිලධාරි, ජනපද නිලධාරි, ප්‍රජා සංවර්ධන නිලධාරි, ප්‍රජා සෟඛ්‍ය වෛද්‍ය සහකාර, සමූපකාර සංවර්ධන නිලධාරි, සංස්කෘතික නිලධාරි,සංවර්ධන නිලධාරි, ක්ෂේත්‍ර උපදේශක, ආහාර හා ඖෂධ පරිපාලක, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි, සත්ව සංවර්ධන උපදේශක, පළාත් පාලන සහකාර,පරිවාස නිලධාරි, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී, ග්‍රාම සංවර්ධන නිලධාරි, ජ්‍යෙෂ්ඨ ජනපද නිලධාරි, ජ්‍යෙෂ්ඨ සත්ව සංවර්ධන උපදේශක, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරි, ජ්‍යෙෂ්ඨ ක්‍රිඩා නිලධාරි, ක්‍රීඩා නිලධාරි, පළාත් ක්‍රීඩා නිලධාරි යන නිලධාරීහු වෙති. මේ ආකාරයෙන් අඩු වැඩි වශයෙන් බොහෝ කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට ගම් මට්ටමින් තම වෘත්තීය නිසා තම කොට්ඨාශයේ බලය පැතිරවීමේ හැකියාව ලැබේ.

1970 – 77 රජය මගින් රජයේ සේවකයින්ට මැතිවරණය සදහා තරග කිරීමේ අයිතිය ලබා දී තිබූනි. නමුත්, ‘රාජ්‍ය සේවකයෙකුට 1977 න් පසුව, ‘ පළාත් පාලන ආයතනය සදහා, තමන් තරග කරන කොට්ඨාශය නියෝජනය කරමින් තරග වැදීමට කේවල කොට්ඨාශ මැතිවරණ නොපැවැත්වුණි. සමානුපාතික ක්‍ර‍මය යටතේ විශාල භූගෝලීය කලාපයකට අපේක්ෂකයින් තරග වදින බැවින් එහි සෘජු බලපෑම සීමිත විය.

ගමේ සමෘද්ධි නිලධාරියා එම කොට්ඨාශයෙන් ඡන්දය ඉල්ලන විට දුප්පත්ම මිනිසුන් තම සමෘද්ධිය රැකගැනීමට ඔහුට ඡන්දය දෙන්නට පෙළඹෙයි. ඔහු පරාජයට පත්වන්නේ නම් තමන්ට පීඩා විදීමට සිදු වෙතැයි බිය වෙයි. ‘ජ්‍යෙෂ්ඨ ජනපද නිලධාරි‘ අදාළ ජනපදයේ ඡන්ද අපේක්ෂකයා වන විට ජනපදයේ සියලු දෙනා ඔහුගේ බලයට නතුවෙයි. කාන්තා නියෝජන අභියෝගය ජය ගැනීම සදහා දේශපාලන පක්ෂ කොට්ඨාශයේ ‘පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී‘ අපේක්ෂිකාව කිරීම උපක්‍ර‍මික වාසියක් වනු ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අනෙක් අතට, රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් බේරා ගැනීම අද නිර්වාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වන දයානන්ද දිසානායක මහතා විසින් ද අවස්ථා ගණනාවක දී අවධාරණය කර ඇත. 1977-94 සමයේ එවකට පැවති එජාප රජය විසින් ඇරඹි, පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් රාජ්‍ය සේවය මැතිවරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීම පෝෂණය කරන ලදී. එහි කූට ප්‍රාප්තිය වූයේ 2015 ජනාධිපතිවරණයේ තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 4 දෙනෙකු මහා මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස තරග කිරීමට සුදානමින් සිටි බැවිනි.

රජයේ සේවකයින්ට පමණක් නොව, කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට පවා විධිමත් කාර්ය පටිපාටිය යටතේ නිවාඩු ලබා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වීමේ හැකියාව ඇත. නමුත් ඔවුන් තමන් දැනට සේවය කරන කොට්ඨාශයෙන් පිටත පළාත් පාලන ආයතනයක් සදහා තරග කළ යුතුය. (උදාහරණ දැනට මහරගම සේවය කරන අයෙකුට නුගේගොඩ හෝ පිළියන්ද පළාත් පාලන ආයතන සදහා නිවාඩු ලබා තරග කළ හැකිය) එසේම, යම් කේෂ්ත්‍ර‍ නිලධාරියෙකු යම් කොට්ඨාශයක සේවය කර වසරකට පෙර එම කොට්ඨාශයෙන් මාරු වී ගොස් ඇති නම් ද, ඔහුට තමන් කලින් සේවය කළ පළාත් පාලන ආයතනයේ කොට්ඨාශයකට තරග වැදීමට බාධාවක් නැත.

මෙම සංශෝධනයට පෙර ද, යම් පලාත් පාලන ආයතනය සේවකයෙකු එම පළාත් පාලන ආයතනයට ඡන්දයට ඉදිරිපත් වන්නේ නම් ඔහු තම රැකියාවෙන් ඉවත් වී (මාණ්ඩලික නිලධාරියෙකු ලෙසම) මැතිවරණයට තරග කළ යුතු බව තිබුණි. එසේ නොවේ නම්, වසරකට පෙර ඔහු ස්ථාන මාරුවීම් ලබා තිබිය යුතුය. (මහරගම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුට පෙර පැවති ක්‍ර‍මය යටතේ වුව ද, මැතිවරණයට ඉදිරිපත්වීමට නම් ඔහු සිය රැකියාවෙන් ඉවත්වීය යුතුය. නැතිනම් සංශෝධිත පනතේ ආකාරයට වසරකට පෙර ස්ථාන මාරුවීම් ලබා එම ස්ථානයෙන් ඉවත්වී තිබිය යුතුය)

කේෂ්ත්‍ර‍ නිලධාරීන් හරහා දේශපාලනය කිරීම සමස්ත රාජ්‍ය සේවය දැවැන්ත අර්බුදයක බවට පත් කිරීමට හේතුවක් විය. රාජ්‍ය සේවයේ වරප්‍ර‍සාද හා පහසුකම් යොදා ගනිමින් තම පුද්ගල ප්‍ර‍තිරූපය ගොඩ නගා ගැනීමටත්, එය මැතිවරණ ජයග්‍ර‍හණය සදහා උපකාර කර ගැනීම නැවැත්වීම අනිවාර්ය අවශ්‍යතාවකි. රාජ්‍ය නිලධාරීන් ‘දේශපාලන හෝ රාජ්‍ය සේවය‘ දෙකෙන් එකක් තෝරා ගැනීම අවශ්‍යය. කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට පළාත් පාලන ඡන්ද විමසීමට නිවාඩු ලබා ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කිරීම එහි තීරණාත්මක ජයග්‍ර‍හණයකි.

Back to Top