Sri Lanka Brief
විවරණදේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද?

දේශපාලන විසඳුම: සම්පන්දන් වැනි නම්‍යශීලී දෙමළ නායකයකු සිටින මේ අවස්ථාවත් පැහැර හරිමුද?

by

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසිනි.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව පිළිබඳ වචන ස්වල්පයක් කතා කීරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අපි බරපතල ලෙස සාකච්ඡුා කරන යුගයකදී කතා කිරීමට අවස්ථාව ලැබීම ගැනත් මම සතුටු වෙනවා.
අපිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් තිබිලා තිබෙනවා. පළමුවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බ‍්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් අප මත පටවන ලද ව්‍යවස්ථාවක්. දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වන අපේ පළමු ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කරපු අවස්ථාවේදී අප සියළුදෙනාට පිළිගන්නට පුළුවන්, විවිධ ජන කොටස්වලට පිළිගන්නට පුළුවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නට අපට ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. ෆෙඩරල් පක්ෂයත් චෙල්වනායගම් මහත්මයා ඇතුලූ එවකට හිටපු මන්ත‍්‍රීවරු 157 දෙනාම එදා නව රඟහලට පැමිණ එම රැුස්වීමට සහභාගී වුණා. හුඟක් අයට මේක අමතක වෙනවා. සියලූ දේශපාලන පක්ෂවල මන්ත‍්‍රීවරු 157 දෙනාම එකතුවෙලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නට ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා.  අපි ඉංග‍්‍රීසි භාෂාවෙන් කියනවා නම්, ඒක “Consensus Constitution” එකක්, සෑම දෙනාටම එකඟ විය හැකි Constitution ඒකක්,ව්‍යවස්ථාවක්. නමුත්, අපි ඒක මඟහැරියා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම හොඳ අංග ගණනාවක් තිබුණා. දේශපාලන වශයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් කැඞීම, මූලික අයිතිවාසිකම් පිළිගැනීම, රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ මුලධර්ම එකතු කිරීම ආදිය තිබුණත්, ජාතිය ගොඩනැගීම පිළිබඳ ප‍්‍රශ්නයට අත්‍යවශ්‍ය වන විවිධ ජන කොටස් රටේ දේශපාලන බලයට, රටේ රාජ්‍ය බලයට, සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව අපට මඟහැරුණා.

”ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් විය යුතුය.”කියලා සමඟි පෙරමුණු රජය යෝජනා කරනකොට ෆෙඩරල් පක්ෂය එදා ඊට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළා, ”ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යක් විය යුතුයි” කියලා. එම සාකච්ඡුාව යන අතර අද අප සමඟ ඉන්න ධර්මලිංගම් සිද්ධාර්ථන් මැතිතුමාගේ පියා වි. ධර්මලිංගම් මැතිතුමා අතරමැදි යෝජනාවක් ඉදිරිපත් කළා. ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් කතා කරමින් එතුමා කිව්වා, ”අපි ඉන්නේ ෆෙඩරල් ක‍්‍රමයක් සඳහා තමයි ” කියලා. නමුත්, එකඟවිය හැකි අතරමැදි යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු ඇහුවා, ”ඔබලාට ඒකීය රාජ්‍යයෙන් එළියට යන්න බැරි නම්, ඔබලා හැම මැතිවරණ ප‍්‍රකාශනයකදීම කියපු දේ කරන්න බැරි ඇයි? ” කියලා. එනම් කච්චේරි ක‍්‍රමය අහෝසි කරලා ඒ වෙනුවට ජනතාවගේ ඡුන්දෙන් පත් වුණු දිස්ත‍්‍රික් සභා පිහිටුවන්නට බැරි ඇයි කියලා එතුමා ඇහුවා. එදා ඒ අතරමැදි යෝජනාවට දකුණේ අපි හරි විදියට ධනාත්මක ප‍්‍රතිචාර දක්වලා අපි ඒ අතරමැදි යෝජනාව ක‍්‍රියාත්මක කරලා, දිස්ත‍්‍රික් මට්ටමේ ජනතාවගේ ඡුන්දෙන් තේරී පත් වූ ආයතන පිහිටෙව්වා නම්, මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණා. නමුත්, අපි ඒක කළේ නහැ. ඉන් පසු භාෂා ප‍්‍රශ්නයත් විසඳා ගන්න බැරි වුණාම තමයි 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදන වෙලාවේ ෆෙඩරල් පක්ෂයේ නායකයො එළියට ගියේ.

1978ත් එහෙමමයි. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට පෙර මැතිවරණ ප‍්‍රකාශනයේ කියා සිටියා, ”දෙමළ ජනතාවට ප‍්‍රශ්න තිබෙන බව තේරුම් ගන්නා, පිළිගන්නා එක්සත් ජාතික පක්ෂය එම ප‍්‍රශ්න නොවිසඳීම හේතුවෙන් දෙමළ ජනතාව බෙදුම්වාදයට තල්ලූ වී ගොස් ඇති බව පිළිගන්නා අතර, බලයට පත් වූ පසු වට මේස සාකච්ඡුාවක් කැඳවා මෙම ප‍්‍රශ්නය විසඳනවා.” කියලා. එක්සත් ජාතික පක්ෂය එදා එළෙස පොරොන්දු වුණා. උතුරු – නැගෙනහිර පළාත්වලින් පිට, රට පුරාම හිටපු දෙමළ ජනතාවත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා. නමුත්, එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක වැඩි ඡන්දයක් ලැබුණට පසු වට මේසයක් තියා හතරැුස් මේසයක්වත් නැහැ. ඔවුන් තමන්ට ලැබුණු හයෙන් පහක ඡුන්ද බලය පාවිච්චි කරලා තමන්ට  ඕනෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදුවා.

1972 සහ 1978 ව්‍යවස්ථා

ජේ ආර් ජයවර්ධන 1978 දි දෙමළ නියෝජිතියින්ගේ අදහස් සහමුලින්ම නොසළකා හැරියේ ය

1972 දී සමඟි පෙරමුණ තමන්ට  ඕනෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදුවා. 1978 දී එක්සත් ජාතික පක්ෂය තමන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදුවා. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදන්න දෙමළ ජනතාවගෙන් තේරී පත්වුණු නියෝජිතයන් සම්බන්ධ වුණේ නැහැ. නමුත්, අද පළවෙනි වරට අපිට ඒ අවස්ථාව ලැබී තිබෙනවා. අපි කාටවත් තුනෙන් දෙකක් තියා සරල බහුතරයක්වත් නැති  අවස්ථාවක සියලූම දේශපාලන පක්ෂ එකතු කරලා මෙම රජයට තුනෙන් දෙකක සහයක් ලබා ගන්න පුළුවන් වෙලාවක, අය වැය ලේඛනය ඡුන්ද 165කින් සම්මත වුණු අවස්ථාවක, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ධනාත්මකව බලන වෙලාවක අපට අද ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙනවා, 1972 සහ 1978 කරන්න බැරි වුණු දේ කරන්න. එනම්, සෑම දෙනාගේම එකඟත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න.

මේ පිළිබඳව අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම ජාතිවාදී කොටස් මෙය රට බෙදීමට කරන උත්සහයක් හැටියට විස්තර කරනවා. ඒ වගේම ව්‍යවස්ථා මර උගුලක් ලෙස විස්තර කරනවා. මේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හදා එහි මෙහෙයුම් කමිටුව ඒකමතිකව තෝරා, ඒවායේ සභාපතිවරු ඒකමතිකව තෝරා, අතුරු කමිටු ඒකමතිකව තෝරා, ඒවායේ සභාපතිවරු ඒකමතිකව තෝරා කටයුතු කරන කොට මේක ව්‍යවස්ථා මර උගුලක් වෙන්නේ කොහොමද?

රට බෙදන්න  ඕනද, ජනාධිපතිතුමාට? ජනාධිපතිතුමා ඒකට කැමතිද? එතුමා දැන් වරින් වර උතුරු නැගෙනහිරට යනවා. උතුරු නැගෙනහිර මේ රටෙන් වෙන් වෙන්නට හැරලා, ඉන් පසු වීසා බලපත‍්‍රයක් අරගෙන උතුරු නැගෙනහිරට යන්න ජනාධිපතිතුමා කැමතිද? පළාත් නවයේම අගමැති වෙලා ඉන්න අගමැතිතුමා කැමතිද පළාත් හතක විතරක් අගමැති වෙලා ඉන්න? නැහැ. මේ රට බෙදනවාය කියන කතන්දරය – චෝදනාව – ඉදිරිපත් කරන අය හොඳටම දන්නවා, රට බෙදන්න මේ කිසි කෙනෙකුට  ඕනෑ නැතැයි කියලා. ඔවුන් සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් අවස්ථාවාදී ලෙස කටයුතු කරනවා. බොහොම වාමාංශික සම්භවයක් ඇති එක මන්ත‍්‍රීවරයෙක් කියා තිබෙනවා, ”ව්‍යවස්ථාවට මොනවා වුණත් කමක් නැහැ, අපට  ඕනෑ ව්‍යවස්ථාව පිට දමලා මේ ආණ්ඩුව පෙරළන්නයි” කියලා. ඒකයි කියා තිබෙන්නේ. සමහරු ඉන්නවා, අවංකවම ව්‍යවස්ථා වෙනසකට අකමැතියි. මොකද, ඔවුන් ජාතිවාදී පැත්තෙන් බලන්නේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රටේ දේශපාලන බලයට විවිධ ජනකොටස් සම්බන්ධ කර නොගැනීමටයි. ඇත්ත වශයෙන්ම ඔවුන්ට වඩා ගරු කළ යුතුයි. මොකද, ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය ඒකයි.
මේ බෙදුම්වාදය පිළිබඳව කථා කරන, ලියන, මගේ වෘත්තියටම සම්බන්ධ බොහොම ජ්‍යේෂ්ඨ උගත් මිතුරෙක් ඉන්නවා. ඔහු මීට අවුරුදු දහයකට ඉස්සර වෙලා මමත් සම්බන්ධ වුණු සම්මන්ත‍්‍රණයකදී ඇහුවා, “What problems do the Tamil people have?˜” කියා. ”දෙමළ ජනතාවට තිබෙන ප‍්‍රශ්න මොනවාද” කියලා ඇහුවා. ්”He said, We go in the same bus, We share the same teapot ”අපි එකම බස් එකේ යන්නේ. අපි එකම තේ පෝච්චිය බෙදා ගන්නෙ”් කියා කිව්වා. මම උත්තර දීලා කිව්වා. “That is the problem” කියා. ”ඒක තමයි ප‍්‍රශ්නය” කියලා මම කිව්වා. ”ඔබතුමන්ලා ලැහැස්තියි තේ පෝච්චිය බෙදා ගන්න, නමුත් ඔබතුමන්ලා කැමති නැහැ. රාජ්‍ය බලය බෙදා ගන්න, ආණ්ඩු බලය බෙදා ගන්න. ඒක තමයි මූලික ප‍්‍රශ්නය” කියා මම කිව්වා.

මේ අන්තවාදී කොටස් ලැහැස්ති නැහැ මේ රටේ රාජ්‍ය බලයට මේ රටේ ආණ්ඩුකරණයට විවිධ ජන කොටස් සම්බන්ධ කර ගැනීමට. අද විසඳිය යුත්තේ ඒ ප‍්‍රශ්නයයි. රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නයයි. අද අපට පළමුවන වරට දෙමළ ජනතාවගෙන් තේරී පත් වූ නායකයන් ඇවිල්ලා කියනවා. එක තනි රටක් තුළ, නොබෙදිය හැකි රටක් තුළ, මේ ප‍්‍රශ්නය විසඳ ගන්න අපි කැමතියි කියලා. එතකොට අපි කියනවා ”නැහැ, උඹලා මේ බොරු කියන්නේ” කියලා. මෙවැනි අවස්ථාවක් අයේ කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ ස්වර්ණමය අවස්ථාව පැහැර හරින්නේ නැතිව එකඟත්වයෙන්, නම්‍යශීලිත්වයෙන් කටයුතු කරන්න  ඕනෑ. අපි කවුරුත් විරුද්ධයි මේ රට බෙදනවාට. මේ රට ආරක්ෂා කර ගත යුතුයි, එක තනි රටක් හැටියට. මේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මේ රටේ රාජ්‍ය බලය, මේ රටේ ආණ්ඩු කිරීමේ බලතල අපි විවිධ ජන කොටස් අතර බෙදා හදා ගත යුතුයි. එමගින් විතරයි මේ ප‍්‍රශ්නය විසඳිය හැක්කේ.

සර්ව පාර්ශ්වික සමුළුව

2006 වසරේදී එවකට පැවැති රජය විසින් සර්ව පාර්ශ්වික සමුළුවට උදව් කිරීමට පත් කරන ලද විද්වත් කමිටුවේ මම සාමාජිකයෙක් වෙලා හිටියා. එම සාමාජිකයින්ට සහ APRC එකට (හිටපු ජනාධිපතිුමා* කරපු පළමුවන කථාවේ, “Finding a political and a constitutional solution to the national question requires a multiparty effort” කියලා. මේ ප‍්‍රශ්නය විසඳන්න සර්ව පාර්ශ්වික උත්සාහයක් දැරිය යුතුයි කියා එතුමා කිව්වා. “We must explore all past attempts from the Bandaranayake Chelvanayakam Pact onwards” කියලා. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට කරපු සියලූම උත්සාහයන් දිහා බලලා අපි ඒවායින් අවශ්‍ය පාඩම් – appropriate lessons – ඉගෙන ගෙන කටයුතු කරන්නට  ඕනෑ කියලා එතුමා කිව්වා. එතනින් නවතින්නේ නැතිව එතුමා කිව්වා.”People in their own localities must take charge of their destiny and control their politico economic environment ” කියලා.

ජනාධිපති රාජපක්ෂ සර්ව පාර්ශ්වික සමුළුව අමතමින්

“People in their own localities must take charge of their destiny and control their politico-economic environment˜ එක (ඉරණම* භාරගත යුතු අතර, දේශපාලන-ආර්ථික පරිසරයේ destiny එක (පාලනය) ඔවුන් අතේ තිබිය යුතුයි. “Central decision-making that allocates disproportionate resources has been an issue for a considerable time.” කේන්ද්‍රයට  ඕනෑවට වඩා බලතල තියනවා කියලා එතුමා කියනවා. ඒකට එතුමා විරුද්ධ වෙනවා. එතුමා කියනවා , ” In addition, it is axiomatic that devolution also needs to address issues relating to identity as well as security and socio – economic advancement”කියලා. අනන්‍යතාවය පිළිබඳ ප‍්‍රශ්නයද බලය බෙදා මහැරීමෙන් විසඳිය හැකියි කියලා එතුමා කියනවා. ඒ ඒ පළාත්වල තිබෙන ආරක්ෂක තත්ත්වය සහ සමාජ ආර්ථික දියුණුව පිළිබඳවද එතුමා සඳහන් කරනවා. ” In this regard it is also important to address the questions of regional minorities. In sum, any solution needs to as a matter of urgency allow people to take charge of their own destiny.”

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, එතුමා කියනවා, ,” This has been tried out successfully in many parts of the world.” කියලා. එතුමා ලෝකයේ තිබෙන අනෙකුත් උදාහරණ අරගෙන කියනවා, වෙනත් රටවලත් මේ ප‍්‍රශ්නය විසඳා තිබෙන්නේ මේ අකාරයටයි කියලා. , ” There are many examples around the world that we may study as we evolve including our immediate neighbor, India.” , ඉන්දියාව ඇතුලූ වෙනත් රටවල මේ වාගේ ප‍්‍රශ්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරලා විසඳා තිබෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න  ඕනෑ කියලා එතුමා කියනවා. ”It therefore behoves on particularly the majority community to be proactive in striving for peace and there must be a demonstration of a well stretched hand of accommodation”  එතුමා ප‍්‍රධාන ජන කොට්ඨාශයට කියනවා, ඔබ චproactive වෙන්න  ඕනෑ, ඔබ මීට වඩා ක‍්‍රියාකාරි ලෙස සම්බන්ධ වෙලා මේ ප‍්‍රශ්නය විසඳන්න  ඕනෑ කියලා.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, බලය බෙදා හැරීම පිළිබඳ අවුරුදු 28ක අත්දැකීම් අපට තිබෙනවා. උතුරේ සහ නැගෙනහිර නොව දකුණේ තිබෙන පළාත් හතේ මහ ඇමතිවරු මෙහිදී එක මතයක ඉන්නවා. මා ඉතාම සතුටුයි කියන්න, ඒ මහ ඇමතිවරුන් හැම අවස්ථාවේදීම කියපු දේ. මෙම පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව ඉදිරියට ඇවිල්ලා, අනු කමිටු ඉදිරියට ඇවිල්ලා, ඒ වගේම, ඊට කලින් 2008 මහ ඇමතිවරුන්ගේ සම්මේලනයේදී කළ යෝජනාවලදී – ඒ හැම එකකදීම- එතුමන්ලා කිව්වේ මොකද්ද? බලය බෙදා හැරීම නිර්ව්‍යාජ විය යුතුයි, ප‍්‍රමාණාත්මක විය යුතුයි කියන එක තමයි එතුමන්ලා කිව්වේ. ඒ වගේම තිබෙන ප‍්‍රශ්න ගැනත් එතුමන්ලා කිව්වා. ආණ්ඩුකාරවරුන්ට  ඕනෑවට වඩා වැඩියෙන් බලතල තිබෙනවා. රාජ්‍ය සේවය පිළිබඳ සම්පූර්ණ control එක. පාලනය තිබෙන්නේ ආණ්ඩුකාරවරුන්ටයි කියලා එතුමන්ලා පෙන්වා දෙනවා. නමුත් ඒ බලය එතුමන්ලාට ඉල්ලන්නේ නැහැ. එතුමන්ලා ඉල්ලා සිටිනවා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කරන ලද ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමකට දෙන්න කියලා. අන්න එවැනි ඉතා ප‍්‍රායෝගික යෝජනා එතුමන්ලා ඉදිරිපත් කර තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, වර්තමාන ආණ්ක‍්‍රම ව්‍යවස්ථාවේ නැහැ, පළාත් සභාවක් විසුරුවා හැරීමේ බලතල. එදා උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය ආ වෙලාවේ – වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිතුමා සිටි කාලයේ – ඒ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැති නිසා වෙනම පනතක් ගෙන එන්න සිදු වුණා. ඒ නිසා අද අපි යෝජනා කර තිබෙනවා යම් කිසි පළාත් සභාවක් මේ රටේ එක්සත්භාවයට විරුද්ධව, මේ රටේ භෞමික අඛණ්ඩතාවට සහ ස්වාධිපත්‍යයට විරුද්ධව කටයුතු කරනවා නම් එවැනි පළාත් සභාවක බලතල පවරා ගැනීමට සහ  පළාත් සභා විසුරුවා හැරීමට කේන්ද්‍රයට බලය තිබිය යුතු යැයි කියන කාරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා. මම ඉතාම සතුටුයි කියන්න දෙමළ ජාතික සන්ධානය එයට දක්වා  තිබෙන්නේ ඉතාම යහපත් ප‍්‍රතිචාරයක් බව. ඔවුන් කියා තිබෙන එකම දෙය තමයි, ඒ බලය අනිසි ලෙස ඉඩ දෙන්නේ නැති නම් අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියන එක. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය වාගේ නෙමෙයි අද පවතින තත්ත්වය. අද 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ  ඕනෑම ක‍්‍රියාවක් මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඪාධිකරණයේ ප‍්‍රශ්න කළ හැකියි. එම නිසා බලය අත්තනෝමතිකව පාවිච්චි කිරීම සම්බන්ධව අද පැන නගින්නේ නැ.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, අද ඉතාම සාධාරණ ලෙස කටයුතු කරන දෙමළ ජාතික නායකත්වයක් සිටින වෙලාවේ රටටම පිළිගන්නා, දෙමළ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වී තිබෙන ජ්‍යේෂ්ඨ නායකයෙක් වන ආර්. සම්බන්ධන් මහතා සිටින වේලාවේ මේ ප‍්‍රශ්නය විසඳා ගන්න  ඕනෑ. මේ ප‍්‍රශ්නය මෙසේ විසඳා ගත්තේ නැත්නම් තවත් පරම්පරාවකට මේ ප‍්‍රශ්නය යනවා. ඒ තත්ත්වය ඇති වෙන්න අපට ඉඩ තියෙන්න බෑ.

ප‍්‍රධාන පක්ෂ දෙක ඉතිහාසයේ පළමු වැනි වරට එක ආණ්ඩුවකට සම්බන්ධ වී තිබෙන මේ අවස්ථාව පැහැර නොහැරිය යුතුය

ප‍්‍රධාන පක්ෂ දෙක ඉතිහාසයේ පළමු වැනි වරට අද එක ආණ්ඩුවකට සම්බන්ධ වෙලා තිබෙනවා. මේ combination එක සංයෝග ආයේ එන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන ධූර දෙක දරණ, විපක්ෂ නායක ධූරය දෙමළ ජනතාවගේ නායකයෙකු දරණ, දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ – දෙමළ ජාතික සංධානය, ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ ඊපීඞීපී සංවිධානය කියන දෙගොල්ලෝම – මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රියාවලියට සම්බන්ධ වෙලා සිටින මෙම අවස්ථාව ඇත්ත වශයෙන්ම ස්වර්ණමය අවස්ථාවක්. මෙය අත් නොහැරිය හැකි අවස්ථාවක්.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, අපේ ඉතිහාසයේ අපට තිබෙන්නේ අපේ අතින් ගිලිහී ගිය අවස්ථා. we have missed opportunities බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අවස්ථාව, 1972 ව්‍යවස්ථාව හදපු අවස්ථාව, එවැනි අවස්ථා. අපේ හිටපු ජනාධිපතිුමා එදා අපට උපදෙස් දුන්නා. එතුමා කිව්වා, , ” We must explore all past attempts from the Bandaranayake – Chelvanayagam pact onward” , කියලා.

ඉතින් අපට තිබෙන්නේ එවැනි අවස්ථාවක්. එවැනි ගිලිහී ගිය අවස්ථා ‘missed opportunities’ . පිළිබඳ ඉතිහාසයක් තිබෙන අපට පළමුවරට අවස්ථාවක් ලැබිලා තියෙනවා. සියළු දෙනාම එකතුවෙලා සියළු දෙනාගේ එකඟත්වය ඇතිව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපි උත්සහ කරන්නේ රට බෙදන්න නොවෙයි, රට එක්සත් කරන්න සහ බල හවුල්කාරිත්වයකට එකඟ වෙන්නයි.

”රට නොබෙදමු. බලය බෙදමු”

මට මතකයි, 1995 සහ 2000 අතර කාලය තුළ බලය බෙදා හැරීම පිළිබඳ ලොකු විවාදයක් තිබුණු අවස්ථාවේ ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීතුමාත්, ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමාත් පාවිච්චි කලා ඉතාම හොඳට දැනෙන වාක්‍යයක්. එතුමන්ලා කිව්වා, ”රට නොබෙදමු. බලය බෙදමු”  කියලා. එතුමන්ලා ඒකෙන් ජනතාවට පෙන්වා දුන්නේ ”බල හවුල්කාරීත්වය ඇති කරලා රට බෙදන එක වලක්වමු.” කියන එකයි. නමුත් අපට 2000 දී ඒ දේ කරගන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නොයෙකුත් හේතු උඩ එකඟ වෙන්න බැරි වුණු නිසා සහ එම ක‍්‍රියාාවලිය ඇදී ගිය නිසා. නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ. හැබැයි,  ඕනෑවට වඩා කල් ගියොත් මේ වැඬේ කෙරෙන්න තිබෙන ඉඩ කඩ අඩු වෙනවා. අඩුම ගණනේ පා්ලිමේන්තුවක පළවැනි භාගය තුළ – පළමුවැනි අවුරුදු දෙකහමාර තුළ මෙවැනි කටයුත්තක් ඉවර කරන්න බැරි වුනොත්, ඊළඟ මැතිවරණය කිට්ටු වෙන්න, කිට්ටු වෙන්න දේශපාලන පක්ෂ ඒ මැතිවරණ  දිහා බලන එක ස්වාභාවිකයි. ඒ අය ඊළඟ මැතිවරණය දිහා බලනවා. ඊළඟ මැතිවරණයේදී මේ ක‍්‍රියාව අපට වාසිදායක  ලෙස බලපාන්නේ කොහොමද කියලා බලනවා. ඒක ස්වාභාවිකයි. එම නිසා අපේ ඉතිහාසයෙන් අපි ඉගෙන ගන්න  ඕනෑ දේවල් තිබෙනවා. 1990 ගණන්වලදී ඒ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම පසුවට දැමීම නිසා වූ ඒ අභාග්‍ය සම්පන්න තත්ත්වය අපි තේරුම් ගන්න  ඕනෑ, ඉගෙන ගන්න  ඕනෑ.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, අවසාන වශයෙන් මා මේ කාරණය කියන්න  ඕනෑ. අපේ රටේ සිටින දෙමළ, මුස්ලිම්, සිංහල සහ කඳුරට දෙමළ කියන සියළු ජන කොටස් සහ විවිධ ආගමික කොටස්වලට එකඟ වෙන්න පුළුවන්, නොබෙදුණු සහ නොබෙදිය හැකි තනි රටක් නිර්මාණය කිරීමේ ව්‍යවස්ථාවක් හදන එක අත්‍යාවශ්‍යයි. බෙදුම්වාදයට විරුද්ධ වීමට අවශ්‍ය සියළු ආරක්ෂක ධිවිධාන දමලා, මේ රටේ විවිධ ජන කොටස්වලට මේ රටේ දේශපාලන බලයට සහභාගි වෙන්න පුළුවන්, මෙය අප සියළු දෙනාගේම රජය ලෙස පිළිගන්න පුළුවන් සහ ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට පදනම දමන ව්‍යවස්ථාවක් හදන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් අපි ප‍්‍රයෝජන ගනිමු කියලා සියළුදෙනාට ආයාචනය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තූතියි.

22.02.2017  හැන්සාඞ් වාර්තාවෙනි

Back to Top