Sri Lanka Brief
පුවත් විශේෂාංගවිවරණසතියේ ආරක්ෂාව: සේනාධිපතිගේ හබන් කුකුලන් නාවික හමුදාපති ඉලක්ක කිරීම !

සතියේ ආරක්ෂාව: සේනාධිපතිගේ හබන් කුකුලන් නාවික හමුදාපති ඉලක්ක කිරීම !

by
photo_Sri_Lanka_Police

මේ දිනවල, නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා සමබන්ධයෙන් ලියෙවෙන නොයෙකුත් අවලාද ගැන විමසා බැලිය යුත්තේය. රවී, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීන්දුව රටේ ආර්ථිකයට බරපතල හානීයක් සිදු කොට ඇති බවට ගෙන යන ප්‍රචාරය සහ එමඟින් ඔහුව දේශපාලනික වශයෙන් ඉලක්ක කිරීම අවසනාවන්ත මෙන්ම ඉතිහාසය තුළ ලියවෙන හාස්‍යජනක කාරණයකි. මෙවැනි පව් වැඩ නොවිය යුතු නමුත්, අපේ සිංහලයින් මෙවැනි දෑ වලට අතිශය දක්ෂය. තමන්ගේ වගකීම් වෙනුවට අනෙකාගේ කකුලෙන් ඇද ඔහුගේ බිම වැටීම දෙස බලා සතුටු වීමේ කාලකන්නි ගතියක් අපේ බොහෝ සගයින්ට තිබේ.


නිලන්ත ඉලංගමුව

එය හුදෙක් ඔබව දැනුවත් කරන්නක් නොව, සැබෑ අත්දැකීමක් වෙත තල්ලු කිරීමකි – කිර්කගාර්ඩ් 

ඒ අනූව දශකය අග භාගයයි. එක් සටන් විරාමයක් අවසානයේ යළිත් ගැටුම් හටගත් අවධියක් විය. මිනිස් ජීවිතයේ පැවැත්ම හුදෙක් වාසනාව මත තීරණය වන්නක් බවට පත් වී තිබුණු වකවානුවක් විය. ජීවිතයේ තීරණ හුදෙක් භීතිය මත තීරණය වන්නක් බවට පත් වී තිබුණි. යුද්ධයකදී සියල්ලෝම තුවාල ලබති. නමුත්, එම තුවාලවල ස්වභාවය සහ පරාසය පමණක් වෙනස් විය හැකිය. නොයෙකුත් ගනු දෙනු මධ්‍යයේ  මෙරට පසු කරමින් සිටියේ තවත්එක් බිහිසුණු කාල කාලච්ඡේදයකි.

defence_Column_NIපළමුව පූජකවරයෙකු වනුවස් තම ශිල්ප ප්‍රගුණ කළ හෙතමෝ, ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී , ක්‍රමිකව උසස්වීම් ලබා ගනිමින් ධූරාවලියේ ඉහලට නගිමින් සිටි නිලධාරියෙකු විය. වරෙක ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයක ප්‍රධාන ආරක්ෂක උපදේශකයාද විය. එකී ඉහල නැගීම හුදෙක් ඉංග්‍රීසි බස හැසිරවීමේ කෞශල්‍යය මත සිදු වූයේද, නැතහොත් යුධ ශිල්පය විෂයෙහිලා දැක්  වූ කුසලතාවයන් මත සිදු වූයේද, යන්න ක්ෂේත්‍රයේ සිටි බොහෝ දෙනෙකුට පැහැදිලිවම දැකගත හැකි කාරණයක් විය. එක්තරා අවස්ථාවක ඔහුගේ විධානය ක්‍රියාත්මක කිරීමට යෑමෙන්, නාවික සෙබලෙකු පණපිටින් දෙකට ඉරී ගිය බව පැවසේ. තවත් අවස්ථාවක පොලිස් නිලධාරියෙකු ගිලී මිය ගිය බව පැවසේ. එම සිදුවීම් නාවික හමුදාව තුළින් පිටතට නොගියේ බොහෝ දෙනෙකු එවැනි කාරණා හෙළිවීමෙන් තම සේවයට කැළලක් ඇතිවේ යැයි තිබූ පූර්ව-නිගමනය හේතුවෙනි.

යට ගසා ඇති බිහිසුණු අතීතය තුළ කියවෙන දේශපාලනයක්ද තිබේ. එනම් මීට පෙර පත් වූ ඇතැම් නාවික හමුදාපතිවරුන්ට මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද ඉංග්‍රීසි දන්නා නිලධාරියෙකු සමීපයෙහි තබා ගැනීම අතවශ්‍ය කාරණයක් විය. එහි කිසිඳු වරදක් නැත. මන්ද එහි ස්වභාවය අනුව ඉංග්‍රීසි අත්‍යවශය මෙවලමක් වේ.

නමුත් එලෙස තම බාසාවේ ඇති හැකියාව නිසා පමණක් ඉහළට පැමිණි අයවලුන්, තම අභිමානය පෙන්වීම සඳහා එය අවියක් ලෙස භාවිතා කිරීම පමණක් නොව එය තමන්ට රිසිපරිදි කළමනාකරනය කිරීමටද සමත් වූහ. එමඟින්, තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම, වටපිටාව තුළ නැති බලයක් පෙන්වා තමන් පුම්බා ගැනීම වැනි ගූඪ හීනමානී ආකල්ප වර්ධනය විය. එය තව දුරටත්, විස්තාරණය කරනු ලැබුවේ, තම රාජ්‍යය සේවය හෝ දේශපාලන නායකත්වය සමග නැති නෑකමක් තනා ගැනීමෙනි. බලය ඇති තැනැත්තාට යෑවීම සඳහා නෑකම් නිර්මාණය කොට අනෙකාට කොකා පෙන්වීම සංස්කෘතික ගත පුරුද්දකි. සැබවින්ම, ලංකාවේ රාජ්‍යය මෙන්ම බොහොමයක් පෞද්ගලික කේෂේත්‍ර තුළ එවැනි පසුබිමක් නිර්මාණය වී තිබේ. ආරක්ෂක අංශ වලටද මෙය පොදු කාරණයක් බවට පත් වී තිබේ.

රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා, කපිතාන් හංවැල්ල ඇතුළු නිලධාරීන් නාවික හමුදාවෙන් එලවා දැමීම සඳහා සකස් කරනු ලැබුවේද එවැනි පසුබිමකි. එවකට සිටි නාවික හමුදාපතිවරයාට පමණක් නොව, ඔහු වටා වූ පරිවාර සේනාවේ සිටි දේශපාලන ආවතේවකරුවන්ටද ඔවුහු එළවීම අත්‍යවශය කාරණයක් විය. දක්ෂයෙකු රැඳී සිටීම අදක්ෂයින්ගේ පැවැත්මට බරපතල හානියකි. ට්‍රැවිශ් මුහුණ දුන්නේ එම තත්වයටය. ශ්‍රී ලංකාව ගොඩ ගැනීමටනම්, මෙම කුහක සහ ඔලමොට්ටල ගති ප්‍රහීන කළ යුතුවා සේම එවැනි දෑ කළ හැක්කේ බලය මෙන්ම  මොළය ඇති නිලධාරීන් තම වගකීම් නිවැරදිව ඉටු කිරීමෙනි. ඔවුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ, ඔවුන් මත පමණක් නොව ඔවුහු වටා ඒකරාශී වන අව්‍යාජ පුද්ගලයින් මතය. තමන් වටා තමන්ගේ බෙල්ල නොකපන අයවලුන් ඒකරාශී කර ගැනීම සහ ඔවුන් සමග අතිශය වැදගත් පියවර හැකි වහාම නිසි කලට ගැනීම ඉතා තීරණාත්මක වේ.

මේ දිනවල, නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා සමබන්ධයෙන් ලියෙවෙන නොයෙකුත් අවලාද ගැන විමසා බැලිය යුත්තේද මේ වටපිටාව තුළය. රවී, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීන්දුව රටේ ආර්ථිකයට බරපතල හානීයක් සිදු කොට ඇති බවට ගෙන යන ප්‍රචාරය සහ එමඟින් ඔහුව දේශපාලනික වශයෙන් ඉලක්ක කිරීම අවසනාවන්ත මෙන්ම ඉතිහාසය තුළ ලියවෙන හාස්‍යජනක කාරණයකි. මෙවැනි පව් වැඩ නොවිය යුතු නමුත්, අපේ සිංහලයින් මෙවැනි දෑ වලට අතිශය දක්ෂය. තමන්ගේ වගකීම් වෙනුවට අනෙකාගේ කකුලෙන් ඇද ඔහුගේ බිම වැටීම දෙස බලා සතුටු වීමේ කාලකන්නි ගතියක් අපේ බොහෝ සගයින්ට තිබේ.

උතුවන්කන්දේ සරදියල් හොරකම් කොට, ඒවා දුප්පත් ජනතාව අතර බෙදුවේලු. එමඟින් ඔහු කළ හොරකම සාදාරණ එකක් යැයි හඳුන්වා එවැනි දෑ වැළක්වීම පියවර නොගත යුතු යැයි කියන්නේද? එය එසේ නම්, හෙරොයින් ජාවරම්කරුවන්ට පමණක් නොව සෝමාලියානු මුහුදු මංකොල්ල කරුවන්ටද මෙරටට පැමිණීමට ඇරයුම් කොට, රිසි පරිදි ක‍ටයුතු කිරීමට ඉඩ දී ලබා ගන්නා මුදලින් සොච්චමක් රටට ලබා දී රටේ ආර්ථිකයට සහය ලැබෙන සහය ගැන “දේශප්‍රේමී” රචනා ලිවීමට හැකිය. ඒ ගැන අනෙකා ලබා තම අදහස විමසිය හැකිය. නමුත් මනාව ශිෂ්ඨාචාරය එම ගෝත්‍රිකවාදී සම්ප්‍රදාය පසුකොට ශතවර්ෂ ගණනාවක් ගත වී තිබේ.

මේ සියල්ල පසෙකලා, අදාළ සමාගමේ හිමිකරු තම සමාගමේ සේවකයන්ට කළ හානිය ගැන එම සේවකයන් අවදි විය යුත්තේය. ආයතනයක ප්‍රධානියෙකු වූ කලී එහි සේවකයින්ට මුලික වශයෙන් වග කියන්නා වේ. ආයතනය එක ආයුධයක් හෝ නිතී විරෝධීව පරිහරණය කොට ඇත්තේ නම් එය ආයතන ප්‍රධානියාගේ වගකීම් වේ. එම හෙළුව, නියාලු සංවේදී කඳුළුවලින් වැසිය නොහැකිය. ලැබෙන මුදලට වඩා වැදගත් එම මුදල ලැබුන ක්‍රමවේදයයි. එවිට එය භුක්ති විඳීමේ නිදහසක් ලැබේ.

බල්ලන් මරා හෝ මුදල් ගොඩ ගසා ගැනීම නමැති, කච්චපුට සම්ප්‍රදායෙන් මුක්ත වීමට හැකි වන්නේ කවදාද, එම මොහොතේ පටන් මේ රට රටක් ලෙස හැදෙනු ඇත.  රටට අවශ්‍යවන්නේ දේශීයආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් සහ එය සෑම දෙනෙකුටම භුක්ති විඳීමට හැකි තත්වයක් නිර්මාණය කිරීමය.

ඇවන්ට් ගාඩ් සම්බන්ධ කාරණය දේශපාලනික මුහුණුවරක් ගැනීම සහ එහි ගොදුර ලෙස නාවික හමුදාපතිවරයා ඉලක්ක කිරීම, ඇතැම්විටක සේවයේ නිරත මෙන්ම සේවයෙන් ඉවත් වී ඇවන්ට් ගාඩ් ව්‍යාපෘතියට කාලාන්තරයක් තිස්සේ සහයදැක්වූ නාවික හමුදා නිලධාරීන්ගේම කූඨ උපායක් විය හැකිය. මන්ද, එමඟින් නාවික හමුදාපතිවරයා වීමට සිහින දුටු ඇතැමුන්ට ඒ සඳහා යළි මාර්ගය තනාගත හැකි යැයි තම පැරණි සිහින අලුත් කර ගත හැකිය. හිටපු නාවික හමුදාපතිවරයෙකු සමඟ එකතු වී ඇවන්ට් ගාඩ් සමාගමෙන් අයවිය යුතු මිලියන 150 – 185 ත් අතර මුදල නොසලකා හැරිය යුතු බවට නිර්දේශ කළ නිලධාරියෙකු තවමත් සේවයේ සිටින්නේද? ඔහු, මේ වන විට කටයුතු කරමින් සිටින්නේ කුමන තනතුරේද? ඔහු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනු ලැබුවේද? මාලිමා ව්‍යාපෘතියේ සිට ඇවන්ට් ගාඩ් දක්වා කාලය තුළ නාවික හමුදාවට සිදු වූ ආලපාලුව සහ ඊට සහය වූ නමුත් තවමත් සේවයේ සිටින නිලධාරීන් ගැන මනා සිහින නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍යය වේ. මොවුන් කළ වැරදි, විශ්‍රාම ගිය හමුදාපතිවරුන්ගේ ගිණුම්වලට පමණක් බැර කළ නොහැකිය. මන්ද, ඔවුහුද ඒවායෙහි කොටස් කරුවෝ වෙති. මෙය නෛතික වශයෙන් කියවීම සඳහා වඩාත් බරපතල සහ වැදගත් ඓතිහාසික සිදුවීම වූ කලී “ඇඩොල්ෆ් අයිච්මාන්” සම්බන්ධයෙන් කෙරෙනු නඩු විභාගයයි.

සේනාධිපති සහ ඔහුගේ ඇවන්ට් ගාඩ් වූ කලී වෙන්කරගත හැකි තනි සිද්ධියක් නොවේ. එය දූෂිත-කුණු වූ සමාජයක රෝග ලක්ෂණයකි. එකිනෙකට පැටලුනු සමාජ විකෘති ජාලයක එක් කෝණයකි. සේනාධිපති මෙය වඩාත් නිවැරදිව කියවා තිබූ අතර ඔහු ඔහුට අවශ්‍ය පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා එම වටපිටාව භාවිතා කළේය. ඔහුගේ ලෝකය තුළ ඩීල් ගැසීම එකම උපාය බවට පත් වූ අතර, කාලාන්තරයක් තිස්සේ රටේ ක්‍රමය හැඩ ගැසී ඇති ආකාරය ගැන ඔහුට මනා වැටහීමක් තිබුණි. ඊට අවශ්‍ය නිලධාරී මණ්ඩලයක්ද රාජ්‍ය සංස්ථාව තුළ සිටිති. මේ නිසා, ඔහුට විවධ ලිපි  ලේඛණ ඉදිරිපත් කරමින් තම “සාදාරන භූමිකාව” රඟපෑ හැකිය. ඉදිරියේද එය කළ හැකිය.

මේ වන විට ඔහු ගෙන යන ප්‍රචාරණ ව්‍යාපෘතියේ ඉලක්කයද එයයි. මෙහිදී වැරදිකරු වී ඇත්තේ නාවික හමුදාපතිවරයාය. අදාළ වාර්තා වලට අනුව, සේනාධිපති රටට ගෙනා විණිමය අහිමි වී ඇත. ලබා දුන් රැකියා අහිමි වී ඇත. මෙය සැබවින්ම සැබෑ කරණය ව්‍යාකූල කිරීමකි. විවිධ කතා ගෙතීම මඟින් අදාළ කාරණයේ සත්‍යය කරුණු වසන් කළ හැකිය, යුක්තිය ප්‍රමාද කළ හැකිය. ඊට අවශ්‍ය  පරිසරය සකසන තම ශරීරයේ සෑම ශෛලයක්ම කපටිකම සහ අලුගේත්තේරුකම මූලික කරගනිමින් නිර්මාණය වී ඇති අධිකරණ ඇමතිවරයෙකු සහ සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරන කැබිනට් මණ්ඩල ප්‍රකාශකයෙකු සිටිති. යහපාලනය නමැති කේජු කෑල්ල හොටේ රුවාගෙන සිටින කපුටා මුහුණ දී සිටින්නේ, හිවලුන් එකෙකුට නොව දෙදෙනෙකුගේ කපටි ගැයීම් වලටය. එපමණකට මෙම මග කටුක වී තිබේ.

කෙසේ වෙතත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී, ප්‍රධානියා ලෙස නාවික හමුදාව තුළ සිදු කරමින් සිටින කටයුතු ප්‍රසංසනීය වේ. මේ සඳහා පටු දේශපාලනයෙන් ඔබ්බට ගිය ධෛර්යයක් ඔහුට ලබා දීම සම්බන්ධයෙන් වත්මන් දේශපාලන නායකත්වය පැසසුමට ලක් විය යුතු වේ. සාගරයේ ගොඩනැගෙන රළ මගින් සාගරයේ ස්වභාවය තීන්දු කරන්නා සේම, දේශපාලන මුහුද රළු වන විටද  ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දීම මුලීක වගකීම වේ. එක් ආයතනයක සිදුවන සැබෑ සහ ශුද්ධ ප්‍රතිසංවිධාන අනෙක් ආයතනවලට ප්‍රභල අත්දැකීමක් වේ.

වත්මන් නාවික හමුදාපතිවරයාට, තම වගකීම ගැන මනා අවබෝධයක් මෙන්ම, ඉන් මෙම රටට කළ හැකි වැදගත් කැපවීම ගැන අවබෝධයක් තිබෙන සැටියෙකි. සැබෑ සමාජ ශෝධනයන් සඳහා මෙවැනි, නිලධාරීන් අත්‍යවශ්‍යය වේ. එසේම හෙතම, රියර් අද්මිරාල් ට්‍රැවිශ්, ස්වේච්ඡා නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස පත් කිරීම සැලකිය යුතු තීන්දුවක් ලෙස පෙනේ. එය සිදු වූයේ පසුගිය සතියේදීය. අදාළ තනතුර නිර්මාණය කිරීමේ පසුබිම සහ ඉතිහාසය එතරම් මිහිරි නැතත්, වර්තමාන භූමිකාව තුළ ඔහුට එම තනතුර ලබා දීම වැදගත් තීන්දුවකි. 20,000 කට අදික සංඛ්‍යාවකින් සැදුම්ලත් ස්වේච්ඡා නාවික හමුදාව ගැන තීන්දු තීරණ ගැනීම මෙන්ම කාලාන්තරයක් තිස්සේ දේශපාලනීකරණය වූ ආයතනය ගෞරවාන්විත සේනාවක් බවට කිරීමට ඔවුගේ විශේෂඥ දැනුම අත්‍යවශය වේ. මෙවැනි අවස්ථා කිසිඳු ලෙසකින් අහිමි කර ගත යුතු දෑ නොවේ.  එමඟින්, නාවික හමුදාපතිවරයාට, තම ආයතනය තුළ සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම සඳහා අවශ්‍යය මූලික පසුබිම සකස් කර ගත හැකිවේ.  යමක් අලුතෙන් ආරම්භ කිරීම පහසුය නමුත් එය අඛණ්ඩව පවත්වා ගැනීම අතිශය දුෂ්කර,. විෂයෙහි දක්ෂ අව්‍යාජ පුද්ගලයින් අවශ්‍යය වන්නේ ඒ සඳහාය.

මෙවැනි දෑ හුදෙක් දැනුවත් කරන කාරණා පමණක් නොව, සැබෑ අත්දැකීම්ද වේ!

Back to Top